ඔබේ සොඳුරු කැදැල්ල පිළිවෙලක් කරගන්න

2018-04-26 12:01:00       241
feature-top
කාර්යබහුල ජිවිතයක් ගත කරන බොහෝ දෙනෙක්ට තමන්ගේ නිවස පිරිසිදුවට පිළිවෙලකට තබා ගැනීම අභියෝගයක් වෙලා. එත් පොඩි පොඩි දේවල් පුරුද්දක් කරගැනීමෙන් ක්‍රමවත් නිවසක් සැනසිලිදායක වටපිටාවක් ඇති කරගන්නට ඔබටත් පුළුවන්.

පාවහන් සඳහා වෙනමම තැනක්

බොහෝ නිවෙස් වල ආරුක්කුව හෝ කොරිඩෝව ඉදිරිපිට සුලභ දසුනක් සේ නිවැසියන්ගේ හෝ නිවසට එන අමුත්තන්ගේ පාවහන් අපිළිවෙලට දමා ඇති ආකාරය දකින්නට පුළුවන්.

මේ අක්‍රමවත් දර්ශනය ඔබේ නිවසේ ඉදිරිපස පෙනුමට ලොකු හානියක් කරනවා වගේම නිවසට පිවිසීමටත් බාධාවක් ඇති කරනවා.
නිවැසියන්ගේ සහ නිවසට එන අමුත්තන්ගේ පාවහන් තබන්නට වෙනමම තැනක් තිබීම නිවසේ සුන්දරත්වය සහ ක්‍රමවත් බව වැඩි කරගන්නට අත්‍යවශ්‍ය දෙයක්.

මේ සඳහා වෙනමම කලාලයක් හෝ දැවයෙන් නැත්නම් ලෝහයෙන් නිම කරන ලද රාක්කයක් භාවිතා කිරීම වඩා සුදුසුයි.
තට්ටු වශයෙන් ඇති රාක්කයක් වඩා ආකර්ශනීයයි වගේම ඒ මගින් තෙත පාවහන් වියලිමත් පහසු කරනවා.
නැතිනම් අලංකාර වේවැල් බකට්ටුවක් භාවිතා කිරීම මගින් ඔබට අලුත් සුන්දරත්වයක් එකතු කරගත හැකි වේවි. 

කුඩය වෙනමම තැනක තබන්න

අව්වට නැත්නම් වැස්සට ඉහලපු කුඩයක් නිතරම කෙලින් සිටුවා තබන්නට ඕනෑ. එසේ නොකලොත් කුඩයේ නණ වලට හානි වෙනවා.
මේ නිසා කුඩ තබන්නට වේවැල් කුඩයක් නැත්නම් බකට්ටුවක් වාතයට නිරාවරණය වන පරිදි තැබීම හොඳයි.

යතුරු කැරලි තැන තැන තබන්නට එපා

නිවසේ ඔබ විවිධ කටයුතු සඳහා යතුරු කැරලි කිහිපයක් භාවිතා කරනවා වෙන්නට පුළුවන්.

මේවා නිසි පිළිවෙලක් නැතිව තැන තැන දැමීම මගින් ඒවා අස්ථානගත වීම පහසුවෙන්ම සිදු වනවා.

සමහර විට දැනටමත් ඔබට එවැනි අත්දැකිම් ඇති.
මතකද ඔබට ඒ වගේ වෙලාවට ඔබේ කාලය කොයි තරම් ඒ සඳහා නාස්ති වෙනවාද කියලා.
ඉතින් බිත්තියේ හොඳින් පෙනෙන තැනක යතුරු රඳවනයක් සකසා ගැනීම මගින් ඔබට පහසුවක් වනවා වගේම එය ඔබේ නිවසේ පෙනුම වඩාත් ක්‍රමවත් කරනු ඇති.




More News »