ඉදිවන නිවසේ ඇස්‌වහ-කටවහ දෝෂ දුරුකරන්නේ මෙහෙමයි

2018-05-01 12:04:00       699
feature-top
උපතේ සිට මරණය දක්‌වා මිනිසාගේ ජිවිතය හා බැඳුණු ප්‍රබල විෂයක්‌ ලෙස වාස්‌තු විද්‍යා ශිල්ප විෂය හඳුන්වා දිය හැකියි. අනාදිමත් කාලයක සිට මානව ශිෂ්ටාචාරයේ ගමන් මඟ වෙනස්‌ කරමින් මිනිසාට විද්‍යාව පහළ කරදීම පිණිස ස්‌වාභාවික පරිසරයේ පවතින්නා වූ විශේෂිත ශක්‌ති සමුදායන් ආධ්‍යාත්මය හරහා ලෞකික ජීවිතයන් සුවපත් කිරීම උදෙසා විශ්ව ශක්‌ති සම්ප්‍රේෂණය කරනු ලැබුවේ වාස්‌තු ශිල්පය තුළින් බව මහා වාස්‌තු පුරාණයේ සඳහන් කරුණු තුළින් මනාව පැහැදිලි වෙනවා. ස්‌වභාවික පරිසරය හා එහි ජීවි කොටස්‌ වන මනුෂ්‍යයාගේ ජීවන ගමන් මඟ සරුසාර කරනු ලැබුවේ ඔහු තුළ ක්‍රමක්‌ ක්‍රමයෙන් වර්ධනය වූ ශිල්ප ඥානය තුළිනි. මානව ශිෂ්ටාචාරයේ මිනිසා ලැබූ විශිෂ්ටතම ශිල්ප ඥානයක්‌ ලෙස චතුර් විද්‍යා ශිල්ප ඥානය හඳුන්වා දිය හැකියි. ඒ තුළ ගැබ් වී ඇති මහා වාස්‌තු ශිල්ප ඥානය මිනිසාගේ උපතේ සිට මරණය දක්‌වා වූ කාල පරාසය සැපවත් කරනු ලබන ගෘහය ආශ්‍රයෙන් පවතින හැඩතල තීරණය කරනු ලබන ශිල්පය වූ කලී මහා වාස්‌තු ශිල්පය හැර අන් කවර ශිල්පයක්‌ දැයි වරෙක විශ්ව කර්ම Rෂි උතුමන්ගේa මහා වාස්‌තු උදාන වාක්‍යයක සඳහන් වී ඇති බව කිව යුතුය. මෙම ලිපියෙන් ඔබගේ අවධානය යොමු කරවීමට උත්සාහ ගන්නේ ඔබගේ ගෘහයේ ආරම්භයේ පටන්ම මහා වාස්‌තු ශිල්පීය ඥානයන් නිසි පරිදි උපයෝගී කොටගෙන අභිනව ගෘහ කටයුත්ත ආරම්භ කිරීමත් එම ගෘහය ඉදිකරනු ලබන භූමිය බලවත් කොට ගෙන භූමියේ ගෘහය ස්‌ථාන ගතකළ යුතු පිළිවෙල සහ භූමියේ බලවත් වන්නා වූ අදෘශ්‍යමාන කොටස්‌වල අයහපත් බලපෑම් ඉවත්කොට ඔවුන්ගේ සහයෝගය ලබාගෙන අභිනව ගෘහය බාධාවකින් තොරව කඩිනමින් ඉදිකර ගැනීම උදෙසා වූ විශේෂිත මහා වාස්‌තු උපදෙස්‌ සමූහයක්‌ ඔබ වෙත ලබා දීම උදෙසා වේ. 
 
 අදෘශ්‍යමාන බලවේග
 
 na7 3ඔබගේ ගෘහයේ හෝ භූමියේ අදෘශ්‍යමාන බලවේගයන්ගේ බලපෑම් බලවත් වී තිබෙන අවස්‌ථාවන් නිසි පරිදි හඳුනාගෙන ගෘහය සෑදීමට පෙර එම බලවේගයන් සමනයකොට දුර්වල කිරීම මෙන්ම ඔවුන්ගේ අයහපත් බලපෑම් දුර්වලකොට ඔවුන්ගේ උදව් උපකාර ලබා ගැනීමට ඔබ දක්‍ෂ වන්න. ඒ සඳහා ඔබ නිවසක්‌ සෑදීම ප්‍රථම ඉටුකළ යුතු වාස්‌තු වත් පිළිවෙත් යථා පරිදි ඉටු කිරීමට හිතට ගන්න. ඒ සඳහා පහත සඳහන් අනුපිළිවෙලට ඉඩම සීහුම්කොට බල ගන්වා ගෙන නිවස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම මැනවි. 
 
 ෆ ගෘහ සැලැස්‌ම සකස්‌ කිරීම සඳහා ඉඩමට යන මූල්ම දිනයේ සුභ මුහුර්තියන් ඉඩමට ඇතුළු වී සියලු අදෘශ්‍යමාන බලවේගවලින් අවසර ගෙන එම කටයුත්ත ඇරැඹීම.
 
 ෆ භූමියේ සිටින තමන්ට අහිතවත් වූ අදෘශ්‍යමාන කොටස්‌ වාස්‌තු පිළිවෙත් මගින් ඉවත් කර ගැනීම.
 
 ෆ ගෘහ මූලිකයා, ගෘහ මූලික කාන්තාව හා සියලු ගෘහවාසීන් අභිනව ගෘහ කටයුත්ත සිදු කරනු ලබන භූමියේ බ්‍රහ්ම පාදය මතදී බලවත්කොට සීහුම් කිරීම.
 
 මෙම කටයුතු ඉටුකළ පසුව ඔබගේ අභිනව ගෘහයේ ගෘහ සැලසුම් නිසි පරිදි සකස්‌ කර ගැනීමේ හැකියාව ඔබ වෙත ළඟාවෙන අතර ඔබ විසින් සකස්‌ කරනු ලබන ගෘහ සැලසුම භූමිය මත ස්‌ථාන ගතකිරීම සෑම විටම වාස්‌තු ශිල්පීය උපක්‍රම පරිදිම ගලපා ගැනීම ඔබහට සෑම විටම යහපත පිණිසම හේතු වේවි. 
 
 භූමිය මත ගෘහ සැලසුම ස්‌Aථානගත කිරීමේ ශිල්ප ඥානය
 
 01. උතුරට මුහුණත් ඉඩම
 
 02. දකුණට මුහුණත් ඉඩම
 
 03. නැගෙනහිරට මුහුණත් ඉඩම
 
 04. බටහිරට මුහුණත් ඉඩම
 
 මහා වාස්‌තු ශිල්පයට අනුව ඔබගේ නව ගෘහ සැලැස්‌ම නියමිත භූමි පරාසය තුළ ස්‌ථාන ගත කළ යුතු වෙනවා. මෙහි දී ඔබගේ ගෘහ ආරම්භයට ප්‍රථම තව දුරටත් වාස්‌තු වත් පිළිවෙත්වල ශක්‌තිය ඔබ ලබා ගැනීම කළ යුතු වෙනවා. මීළඟ අවස්‌ථාව වන්නේ භූමියේ බලවත්වන භූමි ඥාතීන් මෙන්ම බහිරව කොටස්‌වලින් අවසර ලබා ගැනීමේ අවස්‌ථාවයි. මෙය ඉටු කිරීම උදෙසා ඔබගේ අභිනව ගෘහයේ සැලැස්‌ම ව්‍යාපත් වන භූමි පරාසය අනුව තීරණය කළ යුතු වෙනවා. ඒ අනුව බහිරව පූජාව ආතාල බහිරව පූජාවක්‌ ද නැත්නම් පතාල බහිරව පූජාවක්‌ ද යන්න තීරණය කරන්න. ඔබගේ ගෘහ සැලැස්‌මේ යටමාලයත් (ඊaseපැබඑ) භූමිය කපා සකස්‌ කරන්නේ නම් පාතාල බහිරව පූජාවක්‌ පැවැත්වීම කළ යුතු අතර යටමාලයක්‌ (ඊaseපැබඑ) ඉදි නොවන්නේ නම් ආතාල බහිරව පූජාවක්‌ පමණක්‌ ඉටු කිරීම ප්‍රමාණවත් වේ.
 
 නව ගෘහය උදෙසා අවශ්‍ය මූලික වත්පිළිවෙත් ඉටුකොට ගෘහ ඉදිකිරීම් ආරම්භ වූ පසුව ඔබ විසින් කළ යුතු තවත් විශේෂ වූ කටයුතු ගණනාවක්‌ පවතිනවා. එම වත්පිළිවෙත් ඉටු කිරීම තුළින් අපේක්‍ෂා කරනු ලබන්නේ තව දුරටත් භූමියේ බලවත් වන අදෘශ්‍යමාන කෙටස්‌වල ශක්‌තිය අඩු කිරීම, දෙවියන් සතුටු කිරීම මෙන්ම ඉදිවන ගෘහයට බලවත්වන ඇස්‌වහ, කටවහ දුරුකොට විශ්ව ශක්‌තිය බලවත් කිරීමයි.
 
 නිවස ඉදිවන අතරතුර ඉටුකළ යුතු පිළිවෙත් දැන ගනිමු.
 
 ෆ උණුසුම් බත් යාචකයන් තිදෙනෙකුට රසවත්ව උයා පිහා පිළිගැන්වීම
 
 ෆ මහා තෛයිලේරා තෛලය යොදාගෙන දින 07 ක්‌ ඊසාන දිශාවට පහනක්‌ දල්වා විෂ්ණු දෙවියන්ට පින් දීම (මෙය ඉදිවන නිවසේ ඊශාන කොටස හෝ බ්‍රහ්ම පාදය යෙදෙන ස්‌ථානයේ දල්වන්න) මෙය සිදුකළ යුත්තේ ඉදිකිරීම්වලට බාධා ඇති වන්නේ නම් පමණි.
 
 ෆ තඹ තහඩුවකින් විශ්ව ශක්‌ති ස්‌වස්‌ථික යන්ත්‍ර 04 ක්‌ ලියා අනු දිශාවල අභිනව ඉඩමේ භූමිගත කිරීම (මෙම ස්‌වස්‌ථිකයන් විෂ්ණු දේවාලයට ගොස්‌ පේ කොට අපර භාග නැකතකට භූමියේ තැන්පත් කළ යුතුයි.) (නිතර නිතර අනතුරු සිදු වීම)
 
 ෆ ගිණිකොණ දිශාවේ කෙම්මුර දිනවල සතුන්ට කෑම දීම.
 
 ෆ ඉදිවන නිවසේ ඇතුල්වන ස්‌ථානයේ සහ පිටවන ස්‌ථානයේ පැඟිරි ගසක කොළ අත්තක්‌ නිතර එල්ලා තැබීම.
 
 ෆ ඉදිවන නිවසේ ඊශාන දිශාව, බ්‍රහ්ම පාදය, නිරිත දිශාව නිතර නිදහස්‌ව සහ පිරිසිදුව පවත්වා ගැනීම හා කපුරු දුම් ඇල්ලීම.
 
 ඉහතින් සඳහන් කළ වාස්‌තු පිළිවෙත් ඉටු කිරීමෙන් ඔබගේ ගෘහය බාධාවන්වලින් තොරව හා ඇස්‌වහ කටවහවලින් තොරව කඩිනමින් ඉදිකර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. දැනටමත් ඔබගේ ඉදිවන ගෘහය මන්දගාමීව කටයුතු සිදු වන්නේ නම් ඉහත වත්පිළිවෙත් ඉටු කිරීමෙන් ඒවා මඟහරවා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »