ජීවිතයට බාධා ගෙනදෙන වාස්‌තු දෝෂ

2018-05-31 12:55:00       715
feature-top
අලුත් නිවසක්‌ ඉදි කරගෙන හෝ පැරැණි නිවසක අප ජීවත් වෙනවා නම් නොයෙකුත් බාධා කරදර ජීවිතයට එල්ල වන අවස්‌ථා ඇත. විශේෂයෙන් ජීවිතය යනු කටුක මාර්ගයක ගමන් කරන ආත්මයක්‌ වුවත්, අප ජීවත්වන පරිසරයේ යම්කිසි අනියම් බලපෑම් නිසා මානසික පීඩනය, ලෙඩ දුක්‌, ධන හානි සිදුවන අවස්‌ථා ඇත. නිවසේ සැලසුම අනුව ද ඉහත කී බාධාවන් ජීවිතයට එල්ල වන අවස්‌ථා ඇත. මෙයට අපි වාස්‌තු දෝෂ යෑයි කියන්නෙමු. අපි බලමු මේ වාස්‌තු දොaෂ මොනවද කියා.
 
 නිවස පවතින ඉඩමේ විෂම තත්ත්වය
 
 ගංගා, ඇළ, දොළ, ආශ්‍රිතව නිතර ජලය ර¹ පවතින මඩ ගොහොරු සහිත ඉඩමක නිවසක්‌ සාදන්නේ නම් අධික වියදම මෙන්ම පදිංචි වීමෙන් පසුව නොයෙකුත් ලෙඩ රෝග මානසික පීඩනය, ධන හානි ඇතිවීම අනිවාර්ය වේ. මෙම ඉඩමක ළිඳ කැපීම, ඉඳුල් වතුර වළ සෑදීම, වැසිකිළි වළ මේ ආදී කිසිවක්‌ ක්‍රමානුකූලව සකස්‌ කළ නොහැක. මෙවැනි ඉඩමක්‌ ව්‍යාපාරික අංශයට ද සුදුසු නැත. කලක්‌ දියුණු තත්ත්වයෙන් තිබී පසුව ධන හානි වී ණය ගැති තත්ත්වයට පත් වේ. ජීවිතයට ඉමහත් කරදර බාධා ඇති වී මානසික පීඩනයට ලක්‌වේ. තවද මෙම ස්‌ථානවල සැරිසරන අදෘෂ්‍යමාන බලවේග ද නිවසට බැල්ම හෙළීම නිසා නිතර අසමගි තත්ත්වයන් හා ලෙඩ දුක්‌ වැළඳීම සිදු වේ. එම නිසා සමහර ඉඩම්වල මෙවැනි විෂම තත්ත්වයන් නිසා ජීවිතයට බාධා ගෙන දෙන බව ඔබට වැටහිය යුතුය. නිවසක්‌ ඉදිකිරීමේදී මෙම වාස්‌තුදොaෂ තිබේ දැයි බලන්න.
 
 සම්පූර්ණ ඉඩම පුරාම තැනින් තැන කළුගල විහිදී පවතී නම් බීමට ජලය ගන්නා පිරිසිදු ළිඳක්‌ කැපිය නොහැකි තත්ත්වයට කළුගල විහිදී පවතී නම් එම ඉඩම නිවසකට සුදුසු නැත. කළුගල් ව්‍යාපාරයකට සුදුසු වන නමුත් මුලදී ආදායම සරු වී පසුව අඩපණ වේ. මෙම ඉඩමක නිවසක්‌ සාදා පදිංචි වුවහොත් ජීවිතය ඉතාම දුක්‌ත වේ. බාධාවන් සීමාවක්‌ නැත.
 
 පිට ඉඩමක විශාල ගස්‌ මායිමේ
 
 ඔබගේ නිවසත් ඉඩමත් වාස්‌තු විද්‍යාවට අනුකූලව ඉතා හොඳින් පවතින නමුත් පිට ඉඩමක නුග ගසක්‌, සියඹලා ගසක්‌, ගොරක ගසක්‌, කොට්‌ටන් ගසක්‌ යන අසුබ ගසක අතු තම ඉඩමට පතිත වී ඇත්නම් හෝ නිවසේ වහලයේ අතු ගෑවේ නම් නොයෙකුත් බාධා කරදර පැමිණේ. අඹු සැමි භේද පවා ඇති වේ. ජීවිතයේ ඉදිරි දියුණුවට බාධා ඇති කෙරේ. බොහෝ අවස්‌ථාවල මායිමේ ඇති ඉඩමේ අරක්‌ගෙන සිටින භූතයන් ඉහත කී ගස්‌වල ආධාරයෙන් තමන්ගේ ගෙට පැමිණේ. වහලයේ අරක්‌ ගනී. රාත්‍රි කාලයේ නිවසේ මුළුතැන්ගෙයි පිසින තෙල් බැදුම් ආහාරවලට ප්‍රිය උපදවා නිවස තුළට පැමිණ අඳුරු ස්‌ථානවල අරක්‌ ගනී. ඉන් පසුව නොයෙකුත් රෝග පීඩා හට ගැනීම නිසා ජීවිතයට බාධා සිදුවේ.
 
 නිවසක වර්ගඵලය
 
 අත්තිවාරමේ දිග හා පළල එකට වැඩිකර එය 8 න් බෙදීමෙන් 2, 4, 6 ශේෂ පිළිවෙළින් ධූම, සුනඛ, කොටළු ආදී වර්ගයකට වැටීම අසුබ දායක වේ. නිතර ශෝකය ඇතිවීම, සතුරන් හට ගැනීම, දිළිඳු භාවයට පැමිණීම මෙවැනි දේ සිදුවෙමින් ජීවිතයට බාධා එල්ල වේ. ශේෂය 1, 3, 5, 7 ඔත්තේ සංඛ්‍යාවක්‌ වීම ජීවිතය බාධාවෙන් තොරව දියුණු වීමට හේතු වේ. එම නිසා ඉරට්‌ටේ අසුබ වර්ගඵලය ඇති නිවස බාධාකාරී ජීවිතයකට හේතු වේ. මේ ගැන සැලකිලිමත් වන්න.
 
 අසුබ පාදයේ ප්‍රධාන දොර
 
 නිවසක ප්‍රධාන දොර සම්පත් පාදයක තැබිය යුතුය. එසේ නොවුවහොත් ජීවිතයට නොයෙකුත් බාධා කරදර පැමිණේ. නිවසේ ප්‍රධාන මුහුණත නැගෙනහිර නම් ඊසාන කොණේ සිට ගිනිකොණ දක්‌වා සම්පූර්ණ දිග කොටස්‌ අටකට බෙදා නිවස ඇතුලේ වම් කොණේ සිට 1, 2 කොටස්‌වල උළුඅස්‌ස තබා තිබේ නම් ජීවිතයට දුක්‌ සහිත සිදුවීම් සීමාවක්‌ නැත. 7, 8 යන අග කොටස්‌වල තබා ඇත්නම් දරුවන්ට මාරක විපත් ගෙන දෙයි. ධන හානි ඇති වේ. 3, 4, 5, 6 කොටස්‌ සුබදායක වේ.
 
 දකුණු පැත්තේ ප්‍රධාන දොර තබන්නේ නම් ගිණිකොණ සිට 1, 2, 3 යන කොටස්‌ ඉතා අසුබදායක වේ. මරණ භය, සිර දඬුවම්, ධන හානි ඇති වී ජීවිතය විනාශය කරා යොමු වේ. 7, 8 යන අග නිරිත කෙළවර දරුණු අසනීප රෝග. හා සොර සතුරු කරදර ඇති වේ. 4, 5, 6 සුබදායක වේ. බස්‌නාහිර පැත්තේ නිරිත සිට 1, 2 ස්‌ත්‍රී හානි හා නිතරම දිළිඳු භාවයට මඟ සැලසේ. 7, 8 යන වයඹ කොටස්‌ දෙක ශෝක සිදුවීම් හා දුකට පත් වේ. 3, 4, 5, 6 ඉතා සුබ දායක වේ. උතුරු පැත්තේ වයඹ කෙළවර සිට 1, 2, 3 යන කොටස්‌ සොර සතුරන්ගෙන් හානි සමඟ විනාශය කරා යොමු වේ. 6, 7, 8 යන කොටස්‌ නිතර සිත් තැවුල් පීඩා ඉමහත් බාධා සමඟ දුකට පත් වේ. ඒ නිසා උතුරු පැත්තේ 4, 5 යන කොටසක ප්‍රධාන දොර තබන්න සුබදායක වේ.
 
 ඉඩමේ උතුර ඊසාන අපිරිසිදුවීම
 
 නිවසක්‌ ඉදිකිරීමේදී ඉඩමේ උතුර හා ඊසාන හැකි තරම් ඉඩ තබා ගත යුතුය. ඉතා පිරිසිදුව තබා ගත යුතුය. කුණු කසළ ගොඩවල් තැන්පත් නොවිය යුතුය. වැසිකිළි වළ, ඉඳුල් වතුර වළ මෙම කොටස්‌වල නොගත යුතුය. එසේ වුවහොත් නිතර ලෙඩ දුක්‌වලට ගොදුරු වී ජීවිතයට බාධා කරදර ඇති වේ. බහිරව හා වෙනත් සුබ බලවේග සැරිසරන්නේ උතුර, ඊසාන කොටස්‌වල නිසා නිතර පිරිසිදුභාවය රැක ගත යුතුය.
 
 නිවසේ මුළුතැන්ගෙය හා පෝරණුව
 
 නිවසක මුළුතැන්ගෙය හා පෝරණුව ජීවිතයට බලපාන ප්‍රධාන අංශ දෙකකි. මෙය වැරදි සහිත වුවහොත් ජීවිතයට බාධා කරදර සීමාවක්‌ නැත. ගිනිකොණ දිසාව මුළුතැන්ගෙයටත්, පෝරණුවටත් ඉතා සුබදායක බව පුරාණ විද්වත් පඬිවරු පෙන්වා දෙති. පෝරණුව නිතරම නිවස ඇතුළට ගත යුතුය. මුළුතැන්ගෙයි මුල්ලේ සිට අඩි 3 ක්‌ හැර පෝරණුව සකස්‌ කළ යුතුය. මුල්ලට ගත හොත් ගිනි කතුරු රේඛාවට අසුවීම නිවසේ අසමගිය ඇති වීමට මානසික පීඩනය ගෙන දීමට හේතු වේ. අද බොහෝ නිවාසවල පෝරණුව පිටතට පන්නා සෑදීම සුදුසු නොවේ. මුළුතැන්ගෙය කිසිම අවස්‌ථාවක ඊසාන දිසාවට නොගන්න. එසේ සිදුවුවහොත් දරුණු රෝගාබාධ ඇති වී ජීවිතය විනාශ වේ. පිස්‌සු ඔල්මාද තත්ත්වයක්‌ හෝ මානසික රෝගාබාධයන් ඇති වේ. විශේෂයෙන් ගෘහ මූලිකයාට අපලය. ධනය ද අකාලයේ විනාශ වේ. උතුරු දිසාව ද අසුබ දායක වේ. නිවසේ අසමගිය පවුල් ආරවුල් ආදියට හේතු වේ. වයඹ දිසාවට ගැනීමෙන් මානසික පීඩනය සැමදා ඇතිවීමෙන් ජීවිතය කලකිරේ. බස්‌නාහිර දිසාවට ඥාති භේද, අඹුසැමි ආරවුල්, පියා සිටී නම් ඔහුට තද බල රෝග තත්ත්වයකට මුල පිරීම ආදී ජීවිතයට බාධා සීමාවකින් තොරව සිදු වේ.
 
 නිරිත දිසාවට දියුණුවට බාධා වරින්වර ඇතිවන අතර දරුවන්ට අපල ගෙන දෙයි. දරුවන්ට විපත් කරදර ඇති වේ. දකුණු දිසාවට මධ්‍යම ඵලදායක වේ. තදබල අගුණයක්‌ නැත.
 
 මෙහිදී විශේෂයෙන් ම කිව යුතු වන්නේ මුළුතැන්ගෙය බ්‍රහ්ම පාදය ආශ්‍රිතව කිසිම අවස්‌ථාවක නොගත යුතු බවය. එසේ සිදුවුවහොත් අඹුසැමි, හා දරුවන් භේද වී පවුල් විනාශයට හේතු වේ. එවැනි ස්‌ථාන මා හට මුණගැසී ඇත. නිවාස වාස්‌තු, පරීක්‍ෂාවේදී මෙවැනි ස්‌ථාන අන්ත පරිහානියට ලක්‌ වී ඇති ආකාරය දැක ඇත්තෙමි.
 
 බ්‍රහ්ම පාදය හා ගිනි කතුර පීඩා වීම
 
 නිවසක මැද කොටස බ්‍රහ්ම පාදය හා ගිනි කතුර නිතර අපිරිසිදු වේ නම් ඒ ස්‌ථානය නිතර පෑගෙමින් තිබේ නම් ජීවිත කාලය නොයෙකුත් බාධා කම්කටොළුවලට මුහුණ දීමට සිදු වේ. පවුලේ සාමාජිකයන් අතර නිතරම අඬදබර සිදු වේ. අඹු සැමි අසමගිය ඇති වේ. දියුණුවට බාධා ඇති කෙරේ. එම නිසා ගිනි කතුර මධ්‍ය ලCෂ්‍යය නිවසේ සාලයේ මැද බිත්තියේ සිට අඟල් 12 ක පරතරයක්‌ සිටින ලෙස ගැනීම ඉතා වැදගත් වේ. මහල් නිවසක නම් පඩි පෙළ ආරම්භ වන තැනට ගිනි කතුර යොමු නොකළ යුතු ය.
 
 ළිඳ හා වැසිකිළි වළ
 
 නිවසට ප්‍රධාන සම්පතක්‌ වන ළිඳ උතුරට හෝ ඊසානට ඉතා සුබදායක වේ. අත්තිවාරමේ සිට රියන්7, 13, 15 දුර ඉතා සුබයි. රියන් 4, 5, 11 ආදී අසුබ දුර ප්‍රමාණ නොගත යුතුය. පාද වශයෙන් මනුෂ්‍ය පාදය, දේව පාදය හොඳයි. ප්‍රේත පාදය වත්තේ මායිම අසුබදායක වේ. නැගෙනහිර, ගිනිකොණ, දකුණ, නිරිත මෙම දිසාවන්හි ළිඳ තැනීමෙන් නොයෙකුත් බාධාවන් ඇති වේ.
 
 වැසිකිළි වළ නිරිත දිසාවටත්, දකුණු දිසාවටත් අතර සුදුසු වේ. ඊසාන දිශාවට ගත හොත් නිධන්ගත රෝග තත්ත්වයක්‌ ඇති වේ. එය සුව නොවන අතර, ජීවිතය අක්‍රිය වේ. දරුවන්ට අගුණ කරදර සිදුÊවේ. ගිනි කොණට වැසිකිළි වළ තැබීමෙන් අඹු සැමි අසමගිය, විවාහ ගැටලු ආදී සිදු වේ. නැඟෙනහිරට තමන්ගේ තත්ත්වය අගෞරවයට ලක්‌වීම අපහාසයට ලක්‌වීම, නිග්‍රහ විඳීමට සිදු වේ. උතුරු දිසාවට වැසිකිළිවළ ඉතා අසුබදායක වේ. තිබෙන සම්පත් විනාශවීමට හේතු ඇති වේ. දෙවි දෝෂ බලපවත්වනු ඇත. විශේෂයෙන් බහිරව කිපීම ඇති වේ. වයඹ හා බටහිර මධ්‍යම වේ. කෙසේ නමුත් මෙහිදී විශේෂයෙන් කිව යුතු වන්නේ ළිඳත්, වැසිකිළිවළත් නිවසේ දිග පැත්තේ හා පළල පැත්තේ එසේම ගිනි කතුරු රේඛාවට ද අසු නොවන ලෙස ගත යුතු බවය. එම රේඛා තුනට අසුවුවහොත් ජීවිතයට තද බල බාධා කරදර එන බව පුරාණ වාස්‌තු පොත පතේ සඳහන් වේ.
 
 නිවසක වහලයේ වාස්‌තු දෝෂ
 
 බොහෝ අවස්‌ථාවල නිවසක වහලයේ ඇති වන විවිධ මර්මස්‌ථාන දෝෂ ගෘහ මූලිකයාට විපත් කරදර ගෙන දීමට හේතු වේ. වහළයේ යට ලී නිතරම ඔත්තේ දෙකෙන් නොබෙදෙන ගණනක්‌ විය යුතුය. ඉරට්‌ටේ වුවහොත් 2, 4, 6, 8 මෙම සංඛ්‍යා අසුබ වේ. නිතරම අධික වියදම් ගෙන දෙයි. ගෘහ මූලිකයාට ධන හානි සිදු වේ. රැකියා අහිමි වේ. නිවසේ උසම කොටසේ යටලීය පිරිද්දුම් 2, 4, 6, 8, ආදී විය යුතුය. 1, 3, 5 අසුබ වේ. කුරුපා ඒ හා සමාන විය යුතුය. කිසිම අවස්‌ථාවක රියන් 4 ක්‌ (අඩි 6 ක්‌) දිග කෑලි මුදුන් යටලීයට සම්බන්ධ නොකළ යුතුය. ගෘහ හිමියාට විපත් කරදර ජීවිතයට බාධා ඇති වේ. නිවසේ හරි මැද එනම් ගිනි කතුරට පිරිද්දුමක්‌ ලම්බක වීම ඉතාම අසුබදායක වේ. උළුවස්‌ස හෝ ජනේලයක හරිමැදට දෙපස කඳන් දෙකට පිරිද්දුම් නොතැබිය යුතුය. වහලයේ පලයකට යට ලී පිරිද්දුම් 3 ක්‌ එක දිගට නොවැටෙන සේ ගත යුතු වේ. නිවස අසල තවත් නිවසක්‌ අඩි 30 ක්‌ ඇතුළත තිබේ නම් එහි යටලීවලට කෙලින් එක එල්ලේ තමන්ගේ නිවසේ යට ලී නොවැටෙන ලෙස ගත යුතුය. බාල්ක දැමීමේදී බිත්ති 2 ක්‌ පමණක්‌ සම්බන්ධ විය යුතුය. බිත්ති 3 ට එක දිගට සම්බන්ධ නොකළ යුතුය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »