බිත්තියේ එල්ලෙන වාසනාව ඔබේ නිවසටත්

2018-06-01 11:53:00       785
feature-top
අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් ලබන්න තව තියෙන්නේ දින කිහිපයයි. පහුගිය අවුරුද්දේ ඔබ හිතාගෙන හිටපු Plan කරලා තිබුණු හැම දේම හිතේ හැටියට කරගන්න පුළුවන් වුනාද කියලා හිතලා බලන්න හොඳම කාලේ තමයි මේ.ඔය අතරේ ඔබට පුළුවන් ලබන අවුරුද්දට අලුත් බලාපොරොත්තු එකතු කරගන්න. ඔව් අලුත් වෙන්න කාලයක් ලනග එනවා.

අපි ලස්සන නිවස තුලින් කලිනුත් ඔබට කියලා දුන්නා ඔබේ නිවසට වාසනාව ගෙන එන වාස්තු විද්‍යා රහස් කිහිපයක් ගැන.

නිවාස අලංකරණය නිවාස ගොඩනැගීම අලුත් කොටස් එකතු කිරීම වගේ හැම දෙයක්ම වාස්තු විදයානුකුලව ඔබේ ජිවිතයේ සාර්ථකත්වයට සුදුසු වන පරිදි සකස් කරගන්නට පුළුවන්. ඒ වගේම හරි හැටි නොදැන කරන දෙවලින් ඔබේ සාර්ථකත්වය ඔබටත් හොරා පලා යන්නත් පුළුවන්.ඉතින් මේ අපි කියන කාරනා අලුත් අවුරුද්දේ අලුත් වෙන්න හිතාගෙන ඉනා ඔබේ සිහින සැබෑ කරගන්නට ඉවහල් වනවා නිසැකයි.ඔබේ නිවසේ බිත්ති වල අලංකාරයට විවිධ බිත්ති සැරසිලි රුප ආදිය එල්ලා තිබෙනවා නේද? ඔබ දැනගෙන සිටියාද සමහර පින්තුර වලින් ඔබට වාසනාව ගෙනෙනවා වගේම සමහර පින්තුර ඔබට අවාසනාව ගෙන එන වග.

දොඩම් ගෙඩි පිරුණු දොඩම් ගසක රූපයක් බිත්තියේ එල්ලීමෙන් ඔබට වාසනාව ගෙන එනවා. ඒ වගේම දොඩම් වට්ටියක් සහිත පින්තුරයක් ඔබට පෙනෙන මානයේ තබිමෙනුත් ඔබට වගේම ඔබේ නිවසට ධන සම්පත් ගලා එනවා ඇති.ඇත්දළ වලින් නිමවන ලද අලංකාර භාණ්ඩ හෝ ඇතුන් සහිත රූප රාමු බිත්තියේ එල්ලීම මගිනුත් ඔබට සෞභාග්‍යය උදා කරනවා. අත්දලින් නිම කල භාණ්ඩ නිතර පිරිසිදු කර ඔප මට්ටම් කර තැබීම වැදගත්.

සාගරය කියන්නේ වාස්තු විද්‍යාවට අනුව සුවිශාලම ධන උල්පතයි. මේ නිසා මුහුදක රූපයක් සාලයේ තැබීමෙන් ධන සම්පත් ලැබීමේ වාසනාව ඇති කරනවා.පූසන්ගේ බල්ලන්ගේ රූප බිත්ති වල එල්ලන්නට බොහෝ දෙනා කැමතියි. නමුත් සිහිතබා ගන්න. මේ රුප ඔබේ ප්‍රධාන දොරටුවට කෙලින් තැබීම අසුභයි.ප්‍රධාන දොරටුවෙන් නොපෙනෙන තැනක එවැනි රූප එල්ලුවාට කමක් නැහැ.

උන පඳුරු වල රූප, මල් පිරුණු මල් බඳුන් වල රූප, දිය අලි හෝ වෙනත් ජලය ගලා යන දසුන් සහිත පින්තුර, සමනලුන් සහිත මල් ගොමු වල රූප, වීකරල් හෝ කුඹුරු වල පින්තුර වගේම කුඩා ළමුන්ගේ පින්තුර එල්ලිමෙනුත් ඔබේ  නිවසට වාසනාව ගෙන එනවා.
අපල මකෙන්නට කියා යක්ෂ මුහුණු බලි මුහුණු ආදිය ඔබේ නිවාස ඉදිරිපිට එල්ලීමෙන් නම් ඔබට අපලයක්ම මිස වන සෙතක් නැහැ.

ඔබේ ආගමට ගැලපෙන ලෙස ප්‍රාර්ථනා පාටයක් හොඳින් පෙනෙන අයුරින් එල්ලීමෙන් ඔබට සෙතක් සැලසෙනවා ඇති.ඉතින් අලුත් අවුරුද්ද ගේ කල එලි කරගනිද්දී මේ වගේ සුළු කාරනා ගැනත් ඔබේ අවධානය යොමු වුනොත් ඔබට අනිවාර්යෙන්ම එළඹෙන නව වසර වාසනාව පිරි ඉතිරි යනවා නොඅනුමානයි.



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »