විශ්ව ශක්‌තිය ගමන් කරන මාර්ගය හඳුනාගන්න

2018-07-11 11:38:00       659
feature-top
සෑම දෙනෙකුටම නිශ්චිත ගමන් මාර්ගයක්‌ සහ ඉලක්‌කයක්‌ තිබෙනවා. ඔබ ගමනක්‌ යැමට බස්‌ රථයකට ගොඩ වුවහොත් එම බස්‌ රථය ඔබව ගමනාන්තය දක්‌වා රැගෙන යනවා. මෙහිදී බස්‌ රථය ගමන් ගන්නා නිශ්චිත මාර්ග පථයක්‌a තිබෙනවා. ඒ වගේම එම බස්‌ රථයට ගමනාන්තයක්‌ තිබෙනවා. එම බස්‌ රථය ගමන් ගන්නා මාර්ගය අයිනේ පුද්ගලයෙකු සිටියාට ඔහු එහි ගැටෙන්නේ නැහැ. ඒ වගේම එම මාර්ගයේ තවත් වාහන ගමන් ගන්නවා. මහා මාර්ගයේ බස්‌ රථයක්‌ ගමන් ගන්නා නිශ්චිත පථයක්‌ තිබෙනවා. එම කොටස තුළ කෙනෙකු සිටියහොත් අනතුරු සිදුවිය හැකිය. මා මෙසේ ඔබට කීවේ වාස්‌තු විද්‍යාවේද ඊසාන හා නිරිත දිශාව යනුවෙන් ප්‍රබල ලෙස කතා කරන දිශාවන් දෙකක්‌ වන අතර වාස්‌තු පුරුෂයාගේ හිස ඊසාන දිශාවටත්, පාද නිරිත දිශාවට එල්ලවී තිබෙන අතර විශ්ව ශක්‌තිය ඊසාන දිශාවේ සිට නිරිත දිශාව දක්‌වා ගමන් කරනා බව වාස්‌තු විද්‍යාවේදී විශේෂ සැලකිල්ලක්‌ දක්‌වන බැවිනි. මෙහිදී විශ්ව ශක්‌තිය සෑම නිවසකටම ඊසාන දිශාවෙන් ඇතුල්වන බවත් එය නිරිත දිශාවෙන් පිටව යන බවත් දක්‌වා තිබෙනවා. මෙහිදී අපට වැටහෙනවා විශ්ව ශක්‌තිය නිවසට පැමිණෙන්නේ ඊසාන දිශාවෙන් බව. එසේ නම් විශ්ව ශක්‌තිය පැමිණීමේ ගමන් මාර්ගය ඊසාන දිශාවයි. මේ නිසා ඊසාන දිශාව ඉතා පිරිසිදුව පවත්වා ගන්නා ලෙස වාස්‌තු ශිල්පයේ දී උපදෙස්‌ ලබා දෙනවා. නිරිත දිශාවද මේ ආකාරයට පිරිසිදුව තබා ගත යුතු බව පෙන්වා දී තිබෙනවා. එබැවින් ඊසාන හා නිරිත දිශාව තුළ වැසිකිළි, මුළුතැන්ගෙවල්, පඩිපෙළ, ගරාජය, සේවක කාමර, ගබඩා කාමර ආදී ගෘහ අංග ස්‌ථාන ගත නොකළ යුතු බවත් පෙන්වා දී තිබෙනවා. දැනටමත් ඔබගේ නිවසේ මෙම ගෘහ අංග ස්‌ථාන ගතවී තිබෙන්නේ නම් නිවසේ වාස්‌තු දෝaෂ හටගෙන ඇති බවට ඔබ කලබල වනු ඇත. මෙම ලිපියෙන් ඔබට පහදා දීමට අප උත්සහ ගන්නේ ඊසාන හා නිරිත දිශාව තුළ එවැනි අයහපත් ගෘහ අංගවල අයහපත් ප්‍රතිඵල ඔබට බලපාන ආකාරය පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි. 
 
 ඊසාන දිශාව
 
 වාස්‌තු ශිල්පයේදී ඊසාන දිශාව ඉතා වැදගත් දිශාවක්‌ ලෙස සැලකෙනවා. වාස්‌තු ශිල්පය තුළ විශ්ව ශක්‌තිය උපරිම ලෙස යොදා ගැනෙන බැවින් විශ්ව ශක්‌තිය සම්ප්‍රේෂණය වන ඊසාන දිශාවට ප්‍රබල තැනක්‌ හිමිවී තිබෙනවා. වාස්‌තු වේදීන් වාස්‌තු විශ්ලේෂණය කිරීමේදී ඊසාන දිශාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙනවා. එහෙත් ඊසාන දිශාවේ වඩාත් සක්‍රීය කොටස පිළිබඳව වැඩි සැලකිල්ලක්‌ නැහැ. ගෘහයකට විශ්ව ශක්‌තිය කාන්දුවන කෝණය තීරණය වන්නේ එම ගෘහයේ ජ්‍යාමිතික හැඩතලයන්ගේ ස්‌වාභාවය අනුවයි. මෙහිදී සෘජුකෝණාස්‍ර සහ සමචතුරස්‍රාකාර හැඩතලයන් ඉතා යහපත් බව පෙන්වා දී ඇති අතර වෘත්තාකාර හා ත්‍රිකෝණාකාර සහ වඩා දික්‌වූ හැඩතල අයහපත් බව පෙන්වා දී තිබෙනවා. මෙයින් සිදු වන්නේ එවැනි හැඩතලවලට විශ්ව ශක්‌තිය ලැබෙන ඊසාන දිශා කෝණයන්ගේ අගය අඩුවන බැවිනි. මෙහිදී අප මතක තබාගත යුතුයි නිවසට විශ්ව ශක්‌තිය ඊසාන දිශාවෙන් පැමිණියාට එහි වැදගත්ම කොටස වන්නේ ඊසාන දිශාවේ අංශක 22 2/1 ක තිබෙන ඊසාන මධ්‍ය රේඛාව බව, විශ්ව ශක්‌ති තරංග මාලාවන්ගෙන් ප්‍රබලම තරංගය ගමන් ගන්නේ ඊසාන දිශාවේ මධ්‍ය රේඛාව තුළිනි. මේ නිසා ඔබගේ නිවසේ ගෘහ අංග ස්‌ථානගත කිරීමේදී මෙම මධ්‍ය රේඛාව පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මුළුතැන්ගෙය ඊසාන දිශාවේ තිබුණාට එහි මධ්‍ය රේඛාවට හසු නොවන ලෙස මුළුතැන්ගෙය තිබුණාට වරදක්‌ නැත. විශේෂයෙන් ඔබගේ උදුන හරහා ඊසාන රේඛාව ගමන් නොකරයි නම් ඒ පිළිබඳව කලබල විය යුතු නැත. ඔබගේ වැසිකිළිය ඊසාන මධ්‍ය රේඛාව තුළ ගමන් නොකරයි නම් ඔබ කලබල විය යුතු නැත. ඔබ දැනටමත් සාදා ඇති නිවසේ දිශා පිහිටීම නිවැරැදි ලෙස විනිශ්චය නොකොට කිසිම දෙයක්‌ කඩා ඉවත් කිරීමට කලබල නොවන්න. ඔබගේ ඊසාන දිශාවේ බලවත්ම විශ්ව තරංගයක්‌ ගමන් කරන නිශ්චිත මාර්ගයක්‌ තිබෙන බව වටහා ගන්න. එය ඊසාන දිශාවේ මධ්‍ය රේඛාව වන අංශක 22 2/1 රේඛාවයි. එම රේඛාව නිදහස්‌ව තබා ගැනීමට හැකිනම් ඊසාන දිශාව අවහිර නොවන බව මතක තබාගත යුතුයි. පාර අයිනේ සිටියාට දුම්රියේ ගැටෙන්නේ නැති බව සිතන්න. දුම්රිය මාර්ගය මත සිටියහොත් ඔබ අනතුරට පත්වන සේ ඊසාන මධ්‍ය රේඛාව තුළ කිසිදු අවහිර කිරීමක්‌ සිදු නොකිරීමට වගබලා ගත යුතුයි. ඔබගේ නිවස ඔබට කොතරම් උපකාර කරනවාද යන්න පිළිබඳව ඔබ නිතර මෙනෙහි කරන්න. ඔබගේ නිවසේ ඊසාන දිශාව සැබෑ ලෙසම දුර්වලද යන්න පිළිබඳව සැක හැර දැනගෙන කිසිම විටක කිසිම දෙයක්‌ කැඩීම නොකළ යුතු බව පෙන්වා දෙමි. මෙම ඊසාන මධ්‍ය රේඛාව පෙර සිටි සෘෂි උතුමන්ට දියුණු කළ මනසින් හඳුනා ගත්තද නූතනයේ සෘෂිවරුන් නොමැති නිසා ඊසාන මධ්‍ය රේඛාව නිසි ශිල්ප ක්‍රම සහ නවීන තාක්‍ෂණ යොදාගෙන නිශ්චිතව හඳුනා ගැනීම සිදුකළ යුතුව තිබෙනවා. එසේ නොමැතිව කිසිම කෙනෙකුට මෙම විශ්ව ශක්‌ති බල රේඛාව හඳුනා ගැනීමට නොහැකි බවද වටහා ගන්න. 
 
 විශ්ව ශක්‌තිය උපරිම ලක්‍ෂය
 
 ඊසාන දිශාවේ මධ්‍ය ලක්‍ෂයේ නිවසට ඇතුළත විශ්ව ශක්‌ති තරංග ඔබගේ ගෘහයේ මධ්‍ය ලක්‍ෂය තුළ උපරිම වනු ඇත. එය බ්‍රහ්ම පාදය ලෙස අප හඳුන්වන්නේ එබැවිනි. මෙම විශ්ව ශක්‌තිය නිවසට ඇද ගැනීමේ ඇන්ටනාව ලෙස ක්‍රියා කරන්නේ බ්‍රහ්ම පාදයයි. එම නිසා බ්‍රහ්ම පාදය අවහිර නොකොට නිදහස්‌ ලෙස තිබීම කළ යුතු වෙනවා. ගෘහ හිමියාගේ කුසල්වල ශක්‌තිය අනුව මෙම බ්‍රහ්ම පාදය බල ගැන්වීම සිදුකළ යුතු විශේෂ වාස්‌තු ශිල්පීය ක්‍රම වාස්‌තුවේදී කියා දී තිබෙනවා. පොදුවේ බ්‍රහ්ම පාදය මත කොහොඹ ලීයෙන් කනප්පුවක්‌ තබා ඒ මත පූජනීය පාත්‍රය හෝ ආගමික ප්‍රතිමා තැබීම පෙන්වා දිය හැකිය. ඔබගේ නිවසේ විශ්ව ශක්‌තිය උපරිම කරනු ලබන කේන්ද්‍ර සෑම විටම නිශ්චිත ලක්‍ෂයක්‌ ලෙස ක්‍රියා කරන බව මතක තබා ගන්න. මේ නිසා මෙම කේන්ද්‍ර බිත්තියකට යටවීම හෝ ඒ මත කර භාවිතය පඩිපෙළේ හෝ කාණු වැනි දෑ නොවිය යුතු විය යුතුයි. හාකිතාක්‌ නිදහස්‌ව සහ පිරිසිදුව පවත්වා ගැනීම තුළත් නිවසේ විශ්ව ශක්‌තිය සම්ප්‍රේෂණය වීම ප්‍රබලව සිදුවනු ඇත. 
 
 නිරිත දිශාව
 
 ඊසාන දිශාවෙන් කාන්දුවන විශ්ව ශක්‌තිය උපරිම කේන්ද්‍රයේදී උපරිම වී එම ශක්‌ති ධාරාවන් නිවස තුළ දක්‍ෂිණාවෘතව කැරකී නිරිත දිශාවෙන් පිටවි යයි. මේ නිසා නිරිත දිශාව නිදහස්‌ව හා පිරිසිදුව පවත්වාගත යුතු බව වාස්‌තුවේ පෙන්වා දී ඇත. නිරිත දිශාවද ඉතා ප්‍රබල වන්නේ නිරිත මධ්‍ය රේඛාව අවහිර නොවන පරිදි පිරිසිදුව පවත්වා ගැනීම කළ යුතුයි. ප්‍රධාන නිදන කාමරය සඳහා ඉතාමත් සුදුසුම කාමරය වන්නේ නිරිත දිශාවයි. බොහෝ නිදන කාමරවලට සම්බන්ධව නාන කාමරය සහ වැසිකිළි යොදා තිබෙනවා. නිරිත දිශාව තුළ වැසිකිළි පිහිටුවීම නොකළ යුතු බව පෙන්වා දී තිබෙනවා. එසේ වුවද නිරිත මධ්‍ය රේඛාවට හසු නොවන ලෙස ඒවා පිහිටුවීමට වගබලා ගත යුතුයි. 
 
 ඔබගේ නිවසේ දිශා ආනතිය නිසි ලෙස හඳුනාගෙන ඔබගේ නිවසේ ගෘහ අංග ස්‌ථානගත වි ඇති දිශාව හදුනා ගත යුතුයි. දැනටමත් ඔබගේ ඊසාන දිශාව දුර්වලව ඇති බව ඔබට වැටහෙනවානම් නිවස කැඩීමට හදිස්‌සි නොවිය යුතුයි. ඔබගේ ගෘහ අංග නිශ්චිතවම තිබෙන තැන සැකහැර දැනගන්න. විශේෂයෙන් ඊසාන දිශාවේ මධ්‍ය ලක්‍ෂය නිවසේ මංගල ද්වාරය හසුවූවාට කිසිම වරදක්‌ නැත. එසේ වුවද නිරිත දිශාවේ මධ්‍ය රේඛාවට කිසිම විටක මංගල ද්වාරය හසු නොවිය යුතුයි. ඔබ හැකිතාක්‌ ඊසාන දිශාවේ මධ්‍ය රේඛාව සිට විශ්ව ශක්‌තිය උපරිම ලක්‍ෂය දක්‌වා ගමන් මග සහ ඉන්පසුව නිරිත රේඛාව දිවෙන මධ්‍ය ලක්‍ෂය නිසි ලෙස ආරක්‍ෂා කිරීමට වගබලා ගත යුතු වේ. එසේ නොමැතිව ඊසාන දිශාවේ ගෘහ අංග ස්‌ථානගත වූවාට හෝ නිරිත දිශාවේ නොවිය යුතු ගෘහ අංග ස්‌ථානගත වූවාට කිසි විටක කලබල වීමට හෝ නිවස කඩා බිද දැමීමට ඉක්‌මන් නොවිය යුතුයි. ප්‍රථමයෙන් විශ්ව ශක්‌තියේ සම්ප්‍රේෂණ රේඛා ගමන්මඟ හඳුනාගෙන ඊට අනුව ගෘහ අංග සකස්‌කර ගැනීම කළ යුතුයි. මේ සඳහා නිවස කඩා බිඳ දැමීමට සිදු වන්නේ නැහැ. වාස්‌තු විද්‍යාවේ මූලධර්මයන් සහ ශිල්ප ක්‍රමයන් සකස්‌වී ඇත්තේ නිවස කඩා බිද දැමීමට නොව පවතින වාස්‌තු දෝෂ සමනය කර ගැනීම සඳහා අවශ්‍ය ඥානය ලබා දීමටයි. ඔබ නව නිවාස සැලැස්‌මක්‌ සැදීමේදී මූලිකවම වාස්‌තු මූලධර්මයන් පිළිබඳව සැලකිළිමත් විය යුතු අතර එය සෑදීමේදී වාස්‌තු මූලධර්මයන්ට අනුව එම කාර්යය ඉටු වෙනවාද යන්න පිළිබඳව සැක හැර දැනගත යුතුයි. 
 
 අරමුණ යන ඉලක්‌කය අනුව ඔබ නිවැරැදි මාර්ගයේ ගමන් කරන විට ඔබට කිසිදාක වරදින්නේ නැත. එසේම විශ්ව ශක්‌තිය නිවසට කාන්දුවන මාර්ගය නිසි ලෙස හඳුනාගෙන නිවසේ වාස්‌තු දෝෂ හට නොගැනීමට අවශ්‍ය මූලික සිද්ධාන්ත නිවැරදි ලෙස යොදා ගැනීමට උත්සහ කළ යුතුයි. කිසිම දෙයක්‌ නිශ්චිතව හඳුනා නොගෙන පිළියම් නොයෙදිය යුතුයි. සමහර විට ඔබගේ නිවැරැදි ගෘහ අංගවල යහපත් ප්‍රතිඵල අයහපත් කරගැනීමටද සිදුවන බව මතක තබාගත යුතුයි. ඔබගේ නිවස හඳුනාගෙන විශ්ව ශක්‌තියේ යහපත් ප්‍රතිඵල වල ශක්‌තිය ඔබගේ ජීවිතයට ළඟාකර ගැනීමට අවශ්‍ය කුසල් ශක්‌තිය ලැබේවායි මෛත්‍රී සිතින් පතමි· 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »