වාස්‌තු නැතිව දියුණු වෙන්න බැරිද?

2018-07-16 12:57:00       927
feature-top
ඔබ මේ වන විට වාස්‌තු වැරදි සම්බන්ධයෙන් විශාල දැනුමක්‌ අපගේ ඉරිදා දිවයින නැකත අතිරේකය හරහා හ`දුනාගෙන ඇත. නමුත් තවමත් නිවාසවල වාස්‌තු දෝෂ නම් එමටය. මා මේ අද ඔබට කියන්නට යන්නේ කිසිවිටකත් නොසිතෙන කතාවකි. සමහරුන්ට වාස්‌තු වැරදි නිවැරදි කිරීමට සිතෙන්නේ නැත. සමහරුන් කිසිම වාස්‌තු විද්‍යාවක්‌ ගණන් ගන්නේද නැත. නමුත් කිසිම වාස්‌තුවක්‌ බලන්නේ නැතිව දියුණු වී ඉන්නා අයද අපට මුණගැසී නැතුවා නොවේ. සමහරුන් මෙසේ කියනවා අපට ඇසී ඇත." මම කිසිම වාස්‌තුවක්‌ බැලුවේ නැහැ. 
 
 මේ ගෙදරට ආවට පස්‌සේ හො`දට දියුණු වුණා. "තමන්ගේ කර්ම ශක්‌තීන් හා ලැබීම් අනුව හො`ද හෝ නරක නිවාස හිමිවේ. මේ මෑතකදී මා පරීක්‍ෂා කිරීමට ගිය නිවසකට යන විටම එහි ස්‌වාමියා පැවසූවේ "මිස්‌ටර් නානායක්‌කාර මම නම් ඔය කිසිම දෙයක්‌ ගණන් ගන්නේ නෑ... මම වාස්‌තු මුකුත් බැලුවේ නෑ. හදිසියේම ඉඩමක්‌ හම්බවුණා. ක්‍ෂණිකවම කිසිම වෙලාවක්‌වත් බැලුවෙ නෑ ගේ ඉක්‌මනට හැදුවා. දැන් අවුරුදු 3 ක වෙනවා කිසිම ප්‍රශ්නයක්‌ නෑ. මම තවත් වාහන 2 ක්‌ ගත්තා.. හො`දටම ඉන්නවා.." මේ පත්තරේ හැමදාම අපි ගේනවා. ඒක බලලා වයිෆaගේ බල කිරීමටයි මිස්‌ටර් නානායක්‌කාරට එන්න කිව්වේ.. 
 
 මෙහිදී නිවසට පෙර අප උප්පත්තියෙන් ගෙනෙන වාසනාවක්‌ද ඇත. ඔහුගේ උපන්දිනය (1964 -04 - 07) අනුව ඔහුට තමාගේ ප්‍රදේශයේ පමණක්‌ නොව රටේම ධනවත් අයෙකු ලෙස සිටීමේ වාසනාව උදාවී තිබුණේ උප්පත්තියෙනි. එපමණක්‌ නොව ඔහුට බිරි`ද ලැබුණු පසු තවත් ධන සම්පත් පහළ වීමේ භාග්‍යයක්‌ද ලැබී තිබුණි. ඇයගේ උපන්දිනය 1967 04 - 24 එපමණක්‌ නොව ඔහුගේ දෙවනි දියණිය ඉපදෙන විටද එවන් වූ සෞභාග්‍යක්‌ උරුම කරගෙන ඉපදී තිබීම විශේෂයකි. දියණියගේ උපන්දිනය 1994 - 8 - 9 වන දිනය. එනිසා ඔවුන්ගේ නිවස කෙසේ වෙතත් ඔවුන්ට ධන වාසනාව අතින් ඉහළින් වැජඹීමේ වාසනාවක්‌ එම පවුලට හිමිවී තිබේ. අංක විද්‍යාව දන්නා අයෙකුට ඉහත උපන්දින අනුව එසේ සිදුවන්නේ කෙසේ දැයි සොයාගැනීම එතරම් දුෂ්කර නොවේ. 
 
 නිවස පරීක්‍ෂාවේදී මා මෙතෙක්‌ කල් පරීක්‍ෂා කර තිබූ නිවාස දහස්‌ ගණනක්‌ අතුරින් වැරදි අඩුවෙන්ම තිබුණු නිවසද එය විය. එහිදී තිබූ එක්‌ දෝෂයක්‌ නම් එක්‌ එල්ලේ උළුවහු 3 ක්‌ වැටී තිබුණි. එම දෝෂය ඉවත් කිරීමට එය නොකඩා පිරමීඩ ශක්‌තිය යෙදුවේය. අනෙක්‌ දෝෂය වූයේ නිවස ඉදිරි පිට ප්‍රධාන දොර වේද දෝෂයට ලක්‌ව තිබීමයි. ඔවුන් එම ගස ඉවත් කරන ලදී. ඔහුගේ බිරි`ද නිතර වාස්‌තු පොත් , ස`ගරා සහ පුවත්පත් කියවන තැනැත්තියකි. නිවසේ සැලසුම අදහස දී තිබුණේ ඇය විසිනි. ඇයගේ අදහසට අනුව නිවාස සැලසුම් කරන වෙනත් මහත්මයෙකු විසින් එය ඇ`ද සම්පූර්ණ කර තිබුණි. ඇය බොහෝ පුවත්පත් කියවන තැනැත්තියක නිසා ඇය දන්නා පරිදි වාස්‌තු දෝෂ අවම වන පරිදි නිවස සාදා තිබුණි. ඒ ඔවුන්ගේ පෙර පිං අනුව සිදු වූවක්‌ය. 
 
 නමුත් සමහරුන්ට ලැබී තිබෙන්නේ දැඩි දෝෂ සහිත නිවෙස්‌ය. සමහරුන් ප්‍රශ්න වැඩි කමට එම නිවාස විකුණා වෙනත් නිවාස මිලදී ගන්නා අවස්‌ථා අපමණය. එහිදී සමහරුන්ට සිදුවන්නේ ඉ`ගුරු දී මිරිස්‌ ගත්තා වැනි සිදුවීමක්‌ය. එම නිවසට ගිය ඔවුනට කබලෙන් ලිපට වැටීමට සිදුවේ. නමුත් නිවාස මිලදී ගැනීම ඉතාම අවදානම් තත්වයකට අද පත්ව ඇත. මන්ද එම නිවස සාදා ඇති ආකාරය බොහෝ ගැණුම්කරුවන් දන්නේ නැත. උදාහරණයක්‌ ලෙස වැරැන්ඩා කොටස්‌වල අත්තිවාරම් තිබේද? , වැසිකිළි වළවල්වල සහ වෙනත් වතුර වළවල් ඇති නියමිත ස්‌ථානය සහ ප්‍රමාණය ගැන දැනුවත් නැත. සිවිලින් ගැසූ නිවසක වහළ පිළිබ`ද අවබෝධයක්‌ නොමැත. එම නිසා ඔබ නිවසක්‌ මිලදී ගැනීමේ මෙම කරුණු පිළිබ`ද සැළකිලිමත් විය යුතුය. එනිසා නිවසේ මුල් හිමිකරුගෙන් මේ පිළිබ`ද අසා දැනගත යුතුමය. නැතිනම් ඔබගේ නිවසට පැමිණෙන වාස්‌තු උපදේශකවරයාට නිවැරදිවම වාස්‌තු පරීක්‍ෂා කිරීමට එය බාධාවක්‌ විය හැක. 
 
 නමුත් ඔබ මෙයද මතක තබා ගත යුතුය. ඔබගේ නිවසේ වාස්‌තු වැරදි නිසා එම නිවස විකුණා වෙනත් නිවසක්‌ මිලදී ගන්නේ නම් බොහෝ විට ඔබ මිලදී ගන්නා නිවස ඔවුන්ද විකුණා ඇත්තේ එහි වාස්‌තු දෝෂ නිසා වන්නට පුළුවන. නොදන්නා දෙයියාට වඩා දන්නා යකා හො`දයි කියනවා වගේ තමන් දන්නා තමන්ගේ නිවසේ වාස්‌තු දෝෂ නිවැරදි කරගැනීම වඩාම වැදගත් වේ. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »