ඊසාන දිශාවට ගරාජය සුදුසු නැතිද?

2018-08-06 03:36:00       450
feature-top
වාස්තු විද්‍යාවේදී විවිධ වූ පැති ගණනක් කතා කරපු අපි අද ගම්පහ ප‍්‍රදේශයේ අයෙකුගේ නිවසක තිබූ වාස්තු දෝෂ පිළිබ`ද හා ඒවා නිවැරදි කිරීමට අප අනුගමනය කළ ක‍්‍රියාමාර්ග කිහිපයක් විස්තර කර දීමට සූදානම්. නිවස ඉදිවන්නේ 2010 වසරේදීය. මෙහි පළමු කොටස නිදන කාමර 2 ක්, කුස්සියක්, කෑම කාමරයක් සහ සාලයකින් සමන්විත වන අතර වැසිකිළිය නිවසින් එළියේ සාදා තිබුණේ නිවසට සම්බන්ධ නොවන ලෙසය. එය වෙනත් නිවසට එන අය ස`දහා භාවිතා කිරීමට සකසා තිබුණි. ඉහළ මහලෙහි සාලයක් හ නිදන කාමර 4 ක සාදා තිබුණි. ඔවුන්ගේ නිවසේ මුහුණත උතුරු දිශාවට පිහිටා තිබුණි. නිවසට පිවිසීමට ඇත්තේ වයඹ දිශාවෙන් යෙදූ ගේට්ටුවකිනි. එය බස්නාහිරට මුහුණ ලා ඇත. ඔබ දැන් වත්ත මැද සිට බස්නාහිර දිශාවට මුහුණ දැමූ විට ඔබගේ දකුණු අත දිශාවෙන් ගේට්ටුව පිහිටා ඇති බව ඔබට වැටහේවි. එනම් මෙම නිවසේ ඇතුල්වීමේ ගේට්ටුවේ වාස්තු විද්‍යාව කරුණු උල්ලංඝනය කරමින් පාද බෙදීම සිදුවී ඇත. නමුත් එය ගලවා වෙනස් කිරීම කළ නොහැකි හේතු රාශියකි. එම ගේට්ටුවට ඉතා විශාල වියදමක් දරා තිබුණි. තවද නිවසට පැමිණෙන පාර අනුව ගේට්ටුව නියම 

පාද වල ස්ථානගත කිරීමද සිදු කළ නොහැකිය. මේ ස`දහා ඉන් ගෙවත්තට ඇතුළු වන අසුභ ශක්තිය සුභ ශක්තියක් බවට පරිවර්තනය කිරීමට ගේට්ටු කණු දෙපස පිරමීඩ සවි කිරීම සිදු කළෙමු. ඉන් දෝෂ ඉවත් වී යයි. 

ප‍්‍රධාන දොර යොදා තිබුණේ ඊසාන දිශාවට වන්නය. එහිද පාද බෙදීම වැරදී තිබුණි. නමුන් ඔවුන්ගේ සිතෙහි දොර වෙනස් කිරීමේ අදහසක් තිබූ බැවින් නියම ලෙස පාද බෙදීම සිද කර දොර වෙනස් කිරීම සිදු කළේය. වයඹින් ඇතුළු වන වාහනය නවතා දැමීමට ඊසාන දිශාවේ ගරාජය සකසා තිබුණි. එය වෙනස් කිරීම සිදු කළ නොහැකි බැවින් මිනි මැක්ස් පිරමීඩ භාවිතයෙන් එහි දෝෂ ඉවත් කළේය. එවිට ගරාජය ඉවත් නොකොට වාහනය එම ස්ථානයේම තැබිය හැක. මීළ`ගට සියලූ නිදන කාමර පරීක්‍ෂා කළ විට දක්නට ලැබුණේ ඒවා හරි හතරැුස් ආකාරයක් ගෙන තිබීමයි. මා මීට පෙර අවස්ථාවකදීද ඔබට පැවසුවා මතක ඇති නිදන කාමරයක දිග හා පළල අතර වෙනස අවම වශයෙන් අඩි එකහමාරක්වක් විය යුතු බව. එනිසා ඔබ නව නිවසක් තැනීමේදී නිවස හෝ නිදන කාමර සමචතුරස‍්‍ර හැඩ නොගැනීමට වග බලා ගත යුතුය. නමුත් නිදන කාමර බිත්ති හා අත්තිවාරම කඩා විශාල කිරීමට යාමෙන් විශාල ලෙස නිවසට හානි වීම සහ විශාල වියදමක් දැරීමට සිදුවේ. පසුව එන නිදන කාමර වලටද ඇඞ්වාන්ස් මල්ටියර් සහ ඉන්ටර්නැෂනල් මල්ටියර් පිරමීඩ මගින් එහි ඇති සෘණ ශක්තියට ප‍්‍රත’රෝද යෙදුවේය. සමචතුරස‍්‍ර නිදන කාමර වල විශේෂයෙන්ම සිදුවන්නේ එම කාමරයේ ඉන්නා පුද්ගලයාට දැඩි වෙහෙසක් දැනීම සහ එහි සිටීමට අපහසුවක් පෙන්වීමයි. 

තවද නිවසේ පිටුපස, එනම් දකුණු දිශාවේ මාළු ටැංකියක් තබා තිබුණේ අලංකාරය ස`දහාය. නිවසක දකුණු දිශාවට සාමාන්‍යයෙන් ජලය භාවිතා කිරීම එතරම් යහපත් නැත. මන්ද දකුණු දිශාව නිවසේ ජීවත්වන පුද්ගලයන්ගේ කීර්තිනාමය ඉදිරියට ගෙන යාමට ශක්තිය ලබා දේ. දකුණු දිශාවේ ධාතුව ලෙස සැළකෙන්නේ ගින්දර ධාතුවයි. ගින්දර ධාතුවේ ප‍්‍රදේශයට ජලය පැමිණි විට ඝට්ටනයක් ඇතිවේ. එයින් අදාළ දිශාවේ ශක්තියට හානි පැමිණේ. එවිට ඔවුන්ගේ කීර්ති නාමයට බලපෑම් සිදුවේ. පසුව එම මාළු ටැංකිය නැගෙනහිර දිශාවට වෙනස් කළෙමු. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »