ඔබේ ගෙවත්තටත් වාසනාවන්ත ළිඳක්‌

2018-11-21 12:15:00       625
feature-top
ජලය මිනිසාගේ ප්‍රධානතම අවශ්‍යතාවකි. නිවසකට ජලය ලබා ගැනීමේ පහසුකම අතිශයින්ම වැදගත් වේ. නාගරික ප්‍රදේශවල මෙන්ම ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවලද රජයේ පොදු ජල පහසුකම් ලැබී තිබුණත් වර්තමානය වන විට 80% ක්‌ පමණ ප්‍රදේශවල ජලය ලබාගන්නේ ගෙවත්තේ තනාගනු ලබන ළිඳක්‌ ආශ්‍රයෙනි. වාස්‌තවිකව මෙම ළිඳ නිවසට සහ පදිංචි වැසියන්ට අයහපතක්‌ නොවන ලෙස තනාගත යුතුයි. අයහපත් ළිඳ නිවැසියන්ට අනේක විධ පීඩා විපත් ඇති කරනු ලැබේ. නිවසට ශුභ ලෙස ළිඳ තනා ගැනීමේ ක්‍රමය කූප විද්‍යාව ලෙස හඳුන්වනු ලැබේ.

ළිඳ කැපිය යුතු දිශාව

නිවසකට අදාළ ගෙවත්තේ ළිඳ කැපීමේදී දිශා නිර්ණය කිරීමට නිවස මධ්‍යයේ හෙවත් බ්‍රහ්ම පාදයේ කොම්පාසුවක්‌ හෙවත් මාලිමාවක්‌ තබා නිර්ණය කරනු ලබයි. පෘථිවියේ පිහිටීම් පවත්නා ආකාරයත්, එහි පැවැත්ම සඳහා එහි හැඩය පාදකවී ඇති අන්දමත් අවබෝධ කරගෙන අපගේ අවශ්‍යතාවට යහපත් අන්දමින් යොදා ගැනීම අපගේ පරම අපේක්‍ෂාවයි.

උතුරට නැගෙනහිරට මැදිවූ ඊසාන පෙදෙස ස්‌වභාවික වශයෙන් සැහැල්ලුය. ආලෝකමත්ය. බෑවුම් සහිතය. එහෙයින් එය වෙනස්‌ නොකළ යුතුය. එමෙන්ම බටහිරට හා දකුණට මැදි වූ නිරිත පෙදෙස බරය. අඳුරුය. එමෙන්ම උස්‌ය. ස්‌වභාවික තත්ත්වය එයයි. එය වෙනස්‌ නොකළ යුතුයි. පඨවි පදාර්ථයන්ට අයත් මෙම පෙදෙසේ බිම් ගෙවල් ළිං කුහර නොපැවතිය යුතුය. කැනීම් නොකළ යුතුය. ඊසාන ජලාශ්‍රිත පෙදෙසක්‌ වන හෙයින් යට කැනීම්, ළිං කුහර ආදියට ඔරොත්තු දේ. ඒ ඒ දිශාවන්ට අයත් මෙම ශක්‌ති පදාර්ථයන් තේරුම් ගන්නේ නම් වාස්‌තු විද්‍යානුකූල නිවසක්‌ මෙන්ම දෝෂ රහිත ළිඳක්‌ද සැලසුම් කරගත හැක.

ඒ අනුව ළිඳ කැපීමට වඩා සුදුසු දිශාව වන්නේ ඊසානයි. එහි ළිඳ කැපීමෙන් නිවසට අවැසි දොළොස්‌ වැදෑරුම් ධන සම්පත් ළඟාකර ගැනීමේ ශක්‌තිය ජනිත වේ. උතුරු දිශාවේ ළිඳ දෙවැනි ශුභ දිශාවයි. එයින් සම්පත් ලැබීමේ, ශ්‍රියාව ඇතිවීම සිදු වේ. තෙවැනි දිශාව නැඟෙනහිරය. භවභෝග සම්පත් ලැබීම නිරන්තරව සිදු වේ.

ගිනිකොණ දිශාවේ දකුණු පැත්තට බරවන සේ අශූභ වන අතර විදුලිසර, අකුණු හානි, වාහන අනතුරු ආදිය සිදු වේ. දකුණු දිශාව ඉතාම අශුභ වන අතර අනපේක්‍ෂිත විපත් කරදර ඇතිවේ. දකුණට බර නිරිත දිශාවේ ළිඳ සෑදූ විට භව භෝග සම්පත් අහිමි වීම, අනතුරුවලට ලක්‌වීම ඇති වේ. උතුරට බර වයඹ මධ්‍යස්‌ථ වන අතර, බටහිරට බර නිරිත හා නැගෙනහිරට බර ගිනිකොණ ආදියේ ළිං කැපීම මාරක විපත් ඇති නොවුණත් ශුභ පල අවම වේ. බස්‌නාහිර ළිඳ ශූභ අශුභ තත්ත්ව වලින් තොර වේ.

දකුණු දිශාවේ ළිඳ කැපූ විට ස්‌ත්‍රී හානි, පීඩා, ධන හානි පවුලේ මරණ ආදී බොහෝ අයහපත් තත්ත්ව ඇති වේ.

දිශා නියමය පිළිබඳව වාස්‌තු කලාවේ විවිධ මත පවතින අතර මුහුර්ථ චින්තාමනිය, ඵලදාවලිය, නැකැත් වදුල, විශ්ව කර්ම ප්‍රකාශය හෙවත් ගෙබිම් ශාස්‌ත්‍රය වැනි ග්‍රන්ථවල සඳහන් කරුණුත්, වාස්‌තවික අත්දැකීම් පදනම් කර ගනිමිනුත් ඉහත තත්ත්ව ගොනුකර ඇත.

හැමවිටම ළිඳක්‌ ඊසාන, උතුර, නැගෙනහිර දිශාවන්ට අනුගතව කැපීමට හැකි නම් ප්‍රතිඵල ප්‍රශස්‌ථ වේ. එසේම ඉඩමේ බ්‍රහ්ම පාදය සහ ප්‍රේත පාදය ළිං නොකැපීමට වගබලා ගැනීමද ඉතා ශුභය.

ශුභ රියන් ගාණ (-

නිවසේ අත්තිවාරමේ සිට ළිඳේ ඉවුරට ඇති දුර ප්‍රමාණය අනුව ශුභ සහ අශුභ රියන් තීරණය වේ. මේ අනුව රියන් 7 ධන ලාභ, සියලු ක්‍රියාවන් ඉටුවීමද, 13 ධන ලාභද, 15 කීර්ති ප්‍රශංසාද, 23 කාර්ය සිද්ධියද ඇති වේ.

රියන් 4, 5, 11, 30, 43 වූ විට විපත් ඇතිවන අතර අශුභ රියන් ලෙස ගැනේ. රියන් 60 කට වඩා දුරින් ළිඳ තිබීමෙන් ශුභ හෝ අශුභ දෝෂයක්‌ ඇති නොවේ.

නිවසේ සිට ළිඳට වැටෙන කෝණ දෝෂ

නිවසේ අටකොණ ළිඳ වෙත එල්ල නොවිය යුතුය. මෙමගින් නිවසේ ජීවත් වන ගෘහ මූලිකයන්ට සහ පිරිමි අයට සෘජුවම බලපානු ලැබේ.

නිවසේ වහළයට ළිඳ දෝෂ වීම

නිවසේ වහළයට සාපේක්‍ෂව දෝෂ නොවන ආකාරයට ළිඳ කපන ස්‌ථානය නිර්ණය කිරීම අතිශය වැදගත් වේ. වහළයට දෝෂ සහිත ළිඳ නිසා නිවැසියන්ට අනේක විධ කරදර බාධක, ලෙඩ දුක්‌, සතුරු පීඩා සහ මාරක අවස්‌ථා ඇතිවීමට හේතු යෙදේ.

ළිං කැපිය යුතු කාල වකවානු

ළිං කැපීමට හොඳම කාලය උත්තරායනයයි. උත්තරායන කාලය වන්නේ ජනවාරි 14 සිට ජූලි 15 දක්‌වා කාලයයි. මෙම කාලයේදී හොඳ දිය සීරාව සහිත ජල උල්පත් හමුවේ.

දක්‍ෂිණායනය යනු ජූලි 16 සිට ජනවාරි 13 දක්‌වා කාලයයි. එම කාලයේ ජල උල්පත් මඟහැරී යනු ඇත. එසේම අධික වර්ෂාව පවතින හෝ අධික නියඟය පවතින කාලවල ළිං කැපීම ශුභ නැත. මධ්‍යස්‌ථ දේශගුණයක්‌ පවතින කාලවල ළිං කැපීමට ශුභ මාස හා ප්‍රතිඵලය.

මාසය චන්ද්‍ර මාසය ප්‍රතිඵලය

1. අප්‍රියෙල් බක්‌ ධනලාභ

2. මැයි වෙසක්‌ සම්පත් ලැබීම

3. ජුනි පොසොන් අමනුෂ්‍ය භය

4. ජූලි ඇසළ දුක්‌ කරදර

5. අගෝස්‌තු නිකිණි සැප සම්පත්

6. සැප්තැම්බර් බිනර සතුරු භය

7. ඔක්‌තෝබර් වප් රෝග පීඩා

8. නොවැම්බර් ඉල් දුක්‌ කරදර

9. දෙසැම්බර් උඳුවප් කීර්ති ප්‍රශංසා

10. ජනවාරි දුරුතු වස්‌තු ලා

11. පෙබරවාරි නවම් භය

12. මාර්තු මැදින් සෞභාග්‍යය

එසේම මේෂ, වෘෂභ හා මිථුන යන රාශිවල ශුභ මොහොතකින් ළිං කැපීම කළහොත් ජල උල්පත් ඉතා පහසුවෙන් මතු කරගත හැකි බව සඳහන් වේ. තවද සඳුදා, බදාදා, බ්‍රහස්‌පතින්දා ළි ං කැපීමට ඉතා සුදුසු වේ. එම දිනයන්හි පුර පක්‍ෂයේ ගුරු, කිවි බලවත්ව තිබීමද වැදගත්ය. ළිං කැපීමට සුදුසු නැකත් වශයෙන් හඳුන්වා ඇත්තේ රෙහෙණ, මුවසිරස, මා උත්‍රපල්, හත, අනුර, පුවසල, උත්‍රපල, දෙනට, සියාවස, උත්‍රපුටුප, රේවතී යන නැකැත්ය.

ගොඩනැඟිලි රහිත අලුත් ඉඩමක පළමු පියවර වශයෙන් ළිඳ කැපීම ආරම්භ කිරීම මිස කිසිසේත් වැසිකිළි වළ හෝ වැසිකිළිය සෑදීම පළමුවෙන් නොකළ යුතුය. එමෙන්ම භාර්යාව ගර්භනීව සිටින කාලය තුළද ළිං කැපීම නුසුදුසු වේ.

ළිඳක්‌ කැපීම මෙන්ම වැසීමද අපට රිසිසේ කිරීම නොකළ යුතුය. සමහරු කුණු, පස්‌, ගල් කැට, කෙසෙල් කොට දමා ළිඳ පිරවීම කරයි. මෙයින් නිවස තුළ වෙසෙන්නන්ට වන අයහපත කිව නොහැකි තරම්ය. වැඩිදුර විස්‌තර 0771268646 අංකයෙන් නොමිලේ ලබාගත හැක.

උපුටා ගැනීම රිවිර පුවත්පත ඇසුරෙනි

More News »