අලුත විවාහ වූවන්ගේ නිවෙසට වාස්තු විද්‍යාව

2018-12-31 10:20:00       687
feature-top
ඍෂි දහමක් වන වාස්තු ශිල්පය තුළින් සෑම විටම ඔබට උපදෙස් දෙනු ලබන්නේ පෙර කුසල් ශක්තියෙන් ඔබ ලැබූ මනුෂ්‍ය ජීවිතය තුළ ලෞකික සතුට උපරිම කර ගැනීම ම`ගින් ආධ්‍යාත්මික තලයට ප්‍රවේශ වීමේ ක්‍රමවේදයයි. මෙහිදී ශ්‍රී විෂ්ණු දෙවියන් විසින් ඍෂි උතුමන්ට ගළපා දුන් මහා වාස්තු ශිල්පය අනුව සෑම පුද්ගලයකුගේම ජීවිතයේ ප්‍රධාන අවස්ථා තුනක් ඇති බව පෙන්වා දී තිඛෙනවා. මෙම අවස්ථා තුන වූ කලී පුද්ගලයකුගේ ජීවිතයේ මංගල කාරණා ලෙසයි පෙන්වා දී තිඛෙන්නේ. මංගල කාරණයක් ලෙස නම් කිරීමට හේතුව එම අවස්ථා තුන පුද්ගලයාගේ ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථාන තුනක් වන හෙයිනි.

1. ජාති
2. විවාහ
3. ගෘහ
මෙහිදී ජාති යනුවෙන් හඳුන්වනු ලබන්නේ පුද්ගයකුගේ උත්පත්තිය නැත්නම් ජන්මයයි. පුද්ගලයකුගේ උපත සිදුවන ස්ථානය අනුව ඔහුගේ ජීවිතයේ සැපදායී බව හෝ දුක්ඛිත බව තීරණය වනු ලබනවා. ධනය, බලය, සැපය ඇති පවුලක ඉපදෙන අයකුගේ ජීවිතයේ සැපවත් බව නිරායාසයෙන් තීරණය වන අතර දිළිඳු පහත් පවුලක ඉපදීම තුළින් එම පුද්ගලයාගේ සැපය ආයාසයෙන් ලබා ගැනීම කළ යුතුයි. ඒ අනුව ජාති නැත්නම් ජන්ම කාරණාව යනු ජීවිතයේ වැදගත් අවස්ථාවකි.

මීළ`ගට උදාවන ජීවිතයේ සන්ධිස්ථානයක් ලෙස පුද්ගලයාගේ විවාහ අවස්ථාව පෙන්වා දිය හැකියි. ඕනෑම පුද්ගලයකුගේ විවාහය තුළින් ජීවිතයේ මෙතෙක් පැමිණි ගමන්ම`ග සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර ඔහුගේ හෝ ඇයගේ කුසල් ශක්තිය මත එය යහපත් වෙනසක් හෝ අයහපත් වෙනසක් ලෙස බලවත් වීම සිදුවනු ලබයි. ඍෂි මතය අනුව මීළ`ග වැදගත් සන්ධිස්ථානයක් වන්නේ පුද්ගලයකුගේ ගෘහ කටයුත්තයි. මෙය වනාහි පුද්ගලයා විසින් නිවෙසක් ඉදිකර එය පරිහරණය කරන අවස්ථාවයි. මෙම අවස්ථාවද පුද්ගල ජීවිතයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇත. වාස්තු සිද්ධාන්ත පරිදි ගෘහය ඉදිකොට පදිංචි වීම තුළින් සැප බහුල වන අතර වාස්තු දෝෂ බලවත් වීම තුළින් දුක බහුල වනු ලැබේ. ඍෂි මතය පරිදි පුද්ගල ජීවිතයේ මංගල කාරණා දෙකක් එකට එකතු වන අවස්ථාවක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි.

පෙර සඳහන් කළ පරිදි ජාති, විවාහ, ගෘහ යන ප්‍රධාන අවස්ථා තුන අතරින් විවාහ අවස්ථාව සහ ගෘහ අවස්ථාව නිතැනින් එකට සම්බන්ධ වන ප්‍රධාන සන්ධිස්ථාන දෙකක් ලෙස හඳුනාගත හැකි වෙනවා. මීළ`ග බලාපොරොත්තුව වන්නේ ගෘහ සිහිනය සැබෑ කර ගැනීමයි. මෙහිදී ඔබ විවාහ වූ පසුව සමහර විට ඔබගේම ගෘහයක හෝ මහගෙදරක හෝ කුලී නිවෙසක ජීවිතය ආරම්භ කිරීමට අපේක්‍ෂා කරනවා ඇති. එය කෙසේ වුවද ඔබගේ විවාහයෙන් පසුව ඔබට කුමන හෝ තැනක කල් ගෙවීමට සිදුවනු ඇත. එහිදී එම පරිශ්‍රය කුමක් වුවද ඇති වාස්තු මූලධර්මවල එක`ගතාව හෝ එක`ග නොවීම ඔබගේ අනාගත ජීවිතයට බලපාන බව මතක තබාගත යුතුයි. එම නිසා ඔබ විවාහ වූ පසුව ඔබ සිටින පරිශ්‍රය සකස් කර ගැනීමට ඇවැසි මූලික වාස්තු සිද්ධාන්ත පිළිබඳ දැනුවත් කරන්නම්.

නව යුවළගේ කාමරයට
සුදුසු දිශාව
ඔබ විවාහ පත්වූ පසුව නව නිවෙසක ජීවත් වුවද මහ ගෙදර සිටියද කුලී නිවෙසක සිටියද ඔබට සුදුසු දිශාවේ පමණක් කල් ගෙවීමට බුද්ධිමත් විය යුතුයි. එසේ නොමැති වූ විට ඔබගේ අනාගත අපේක්‍ෂාවන්ට බාධා ඇතිවිය හැකි බැවිනි. ඒ අනුව නව යුවළට වාසය කළ හැකි ඉතාමත් සුදුසු දිශා සහ මිශ්‍ර පල මෙන්ම අයහපත් දිශා පහත පරිදි හඳුනා ගනිමු.

ඉතා සුදුසු දිශාවන්
• නිරිත දිශාව
• වයඹ දිශාව
ඉතා අයහපත් දිශාවන්
• ඊශාන දිශාව
• ගිනිකොන දිශාව
• බ්‍රහ්ම පාදය යෙදෙන කොටස තුළ පිහිටි කාමර
සුදුසු දිශාවන්
• උතුරු දිශාව
• දකුණු දිශාව
• නැෙ`ගනහිර
• බටහිර
ඉහතින් පෙන්වා දී ඇති පරිදි නව යුවළට ඉතාමත් සුදුසු දිශාව වන්නේ නිරිත හා වයඹ දිශාවයි. එම දිශා දෙක තුළ වාසය කරන ඔබට පහත සඳහන් යහපත් ප්‍රතිඵල නිතැතින් හිමිවනු ඇත.

1. ස්වාමි භාර්යා සම`ගිය සතුට වර්ධනය
2. පින්වත් දරුවන් ලැබීම
3. නිරෝගී සම්පත බහුල වීම
4. ගෘහ සම්පත් සහ ධන සම්පත් ලැබීම
නව යුවළ ගෘහයේ ඊශාන හෝ ගිනිකොන දිශාවේ හෝ බ්‍රහ්ම පාදය යෙදෙන කාමරයක වාසය කරන්නේ නම් පහත සඳහන් අයහපත් ප්‍රතිඵල බලාපොරොත්තු විය යුතුයි.

1. සැකය හා විවාහ සම්බන්ධතා දුර්වල වීම
2. දරුපල පමා වීම හෝ දුර්වල වීම
3. සෞඛ්‍ය පිරිහීම සහ සතුට පිරිහීම
4. ගෘහ සම්පත හා ධනය පිරිහීම
මෙම අයහපත් දිශාවන්වලට අමතරව ඔබගේ ගෘහය මහල් සහිත නිවෙසක් නම් ඔබ කිසිම විටක මුළුතැන්ගෙයට උඩින් හෝ යටින් යෙදෙන කාමර භාවිත කිරීම නොකළ යුතු කාරණයක් වන අතර තරප්පු පෙළ යටින් ප්‍රවේශ ද්වාර සහිත කාමර භාවිතයද නොකළ යුතුවේ.
මීට අමතරව නව යුවළක් සඳහා උතුරු දිශාව, දකුණු දිශාව, නැෙ`ගනහිර දිශාව සහ බටහිර දිශාව යන දිශාවල පිහිටා ඇති කාමර භාවිතයද අයහපත් නොවන බව පෙන්වා දෙමි.

නව යුවළ සිටින නිවෙසේ
නිරිත දිශාව පිරිසුදු විය යුතුයි
වාස්තු ශිල්පයට අනුව නිරිත දිශාව යනු ගෘහ හිමියාගේ සහ ගෘහ හිමි කාන්තාවගේ දිශාව ලෙස පෙන්වා දී ඇති අතර නිරිත දිශාව යනු ඔබගෙ විවාහ ජීවිතයේ දිශාව සහ දරුඵල ශක්තිමත් කරන දිශාව බව මතක තබාගන්න. මේ නිසා ඔබ කුමන ස්ථානයක පදිංචි වී සිටියත් එම ගෘහයේ නිරිත දිශාව දුර්වල නම් ඔබගේ නව විවාහ ජීවිතයට එම තත්ත්වය අයහපත් ලෙස බලපාන බව මතක තබාගත යුතුයි.
නිරිත දිශාව දුර්වල
වන ක්‍රම හඳුනා ගන්න
ගෘහයේ නිරිත දිශාව දුර්වල වන ප්‍රධාන අවස්ථාවන් කිහිපයක් තිඛෙනවා. ඔබ බුද්ධිමත්ව ඒවා හඳුනාගෙන එම දුර්වල වූ තැන් ම`ගහරවා ගැනීමට දක්‍ෂ විය යුතුයි.

1. නිරිත දිශාවේ මුළුතැන්ගෙය පිහිටීම
2. නිරිත දිශාවේ වැසිකිළි හා වැසිකිළි වළ පිහිටා තිබීම
3. නිරිත දිශාවේ ගරාජය, සේවක කාමර සහ සුනඛ කුටි රඳවා තිබීම
4. නිරිත දිශාවෙන් විදුලිය, ජලය, කුණු කානු, වැසි ජලය බැස්සවීම හා ප්‍රවේශ මාර්ග යෙදී තිබීම සහ පඩිපෙළ යෙදීම
5. විල්, පොකුණු සහ දියඇලි යොදා තිබීම
ඔබ විවාහයෙන් පසුව පදිංචි වන ස්ථානයේ නිරිත දිශාව ඉහත ආකාරයට දුර්වල නම් එම ගෘහයේ පදිංචි වීමෙන් ඔබගේ අනාගත බලාපොරොත්තුවලට තර්ජන එල්ල විය හැකි බව කල්තියා හඳුනාගෙන එම ස්ථාන ම`ගහරින්න.

නව යුවළගේ කාමරයට වාස්තු විද්‍යාව
ඔබගේ විවාහයෙන් පසුව ඔබ පදිංචි වන තැන සහ දිශාව නිසි පරිදි තෝරා බේරාගත් පසුව නිරිත, වයඹ, උතුර, නැෙ`ගනහිර හෝ දකුණ, බටහිර දිශාවක පිහිටි ඔබගේ කාමරයද වාස්තු ශිල්පයේ ශක්තිය උරා ගත හැකි පරිදි සකස් කරගන්න. ඒ සඳහා ඔබට අවශ්‍ය මූලික කරුණු හඳුනාගන්න.
1. නිදන ඇඳ උතුරු දිශාවට හැර වෙනත් ඕනෑම දිශාවකට යොදාගන්න.
2. බොක්ස් ඇඳන් පාවිච්චි කරන්න එපා.

3. කළු පාට ගෘහ භාණ්ඩ, ඇඳ ඇතිරිලි, තිර රෙදි භාවිත කරන්න එපා.
4. කාමරයට ප්‍රවේශ වන ‍දොරටුව පිටුපා නිදන ඇඳ තබන්න එපා.
5. කාමරයේ වැසිකිළියක් ඇත්නම් එම ‍දොර දර්ශනය වන පරිදි ඇඳ තබන්න එපා.
6. නිදන ඇඳ දර්ශනය වන පරිදි කණ්ණාඩි මේසය තබන්න එපා. එහි කැඩපත නිතරම වසා තබන්න.
7. දරුණු සතුන්ගෙ පින්තූර මූර්ති හෝ සත්ත්ව හම් ඇට කැබලි මෙන්ම පරණ බඩු කාමරයේ තබන්න එපා.
8. නව යුවළගේ කාමරයට සුදු හංස යුවළකගේ දර්ශනය ඇතුළත් පින්තූර නැෙ`ගනහිර හෝ උතුරු බිත්තියේ තබන්නේ නම් ඉතා යහපත්.
9. ළා නිල්, ළා රෝස, ළා කහ වැනි වර්ණ නව යුවළකගේ කාමරයට උචිත වන අතර තද පාට අයහපත් වෙයි.
10. කාමරයේ ඇති අල්මාරිය සෑම විටම උතුරු දිශාවට හෝ නැෙ`ගනහිර දිශාවට විවෘත වන පරිදි තබාගන්න.
11. නව යුවළගේ කාමරයේ භාවිත කරන ඇඳ ඇතිරිලි හෝ ජනේල තිර රෙදි (×) සලකුණු සහිත රටාවක් යොදා නොගන්න. තනි පාට මල් ලියවැල් හෝ සිරස් ඉරි සහිත රටා වඩාත් සුදුසු වේ.

12. කාමරය සෑම විටම කපුරු සුවඳින් සුවඳවත් කිරීම හා දිව්‍ය ස්තෝත්‍ර ශ්‍රවණයට සැලැස්වීම ඉතා යහපත්.
ඔබ විවාහ පත්වූ පසුව නව නිවෙසක වාසය කළද මහ ගෙදරක වාසය කළද කුලී නිවෙසක වාසය කළද එම පරිශ්‍රයේ පවතින යහපත් හෝ අයහපත් වාස්තු ලක්‍ෂණ ඔබගේ නව ජීවිතයට බලපෑම් කරන බව මතක තබාගන්න. මේ නිසා ඔබගේ විවාහයට පෙර සිටම විවාහයෙන් පසුව ඔබ වාසය කරනු ලබන පරිශ්‍රය පිළිබඳව නිසි පරිදි සැලැසුම් කිරීමෙන් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමේ හැකියාව ලැඛෙනු ඇත. ඔබටම කියා දැනට නිවෙසක් නැත්නම් ඔබ තාවකාලිකව පදිංචි වන ස්ථානය නිසි පරිදි තෝරා ගැනීමෙන් ඔබගේ නිවාස සිහිනය සැබෑ කරගත හැකි බව කිව යුතුයි. ඔබ දෝෂ බලවත් තැනක විවාහයෙන් පසුව තාවකාලිකව කියා සිටියද ඔබට එම දෝෂවලින් නිදහස් වී සිටිය නොහැකි බව දැන ගන්න. මේ නිසා ඔබගේ නව ජීවිතය මහා වාස්තුවලට අනුව මුල සිටම ගළපා ගෙන සාර්ථක කර ගැනීමට පින් සිත් පහළ වේවා.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »