උද්‍යාන නිර්මාණයේ දී සැලකිලිමත් විය යුතු පෞද්ගලික අවශ්‍යතා

2020-04-17 09:27:00       822
feature-top
සොඳුරු ගෙමිදුලක් ඔබ වෙත තිළිණ කරන මේ ගෙඋයන් කලාව සහ පෞද්ගලික අවශ්‍යතා එකිනෙක බැඳී ඇතිබව ඇතැම්විට ඔබ නොදන්නවා විය හැකියි. එහෙත් පුද්ගලික අවශ්‍යතා යනු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නකි. එකම පුද්ගලයාගේ වුවද කාලයෙන් කාලයට එය වෙනස් විය හැකියි.

 පෞද්ගලික අවශ්‍යතා

එසේම අප නිර්මාණය කරන ගෙඋයන ද මෙකී පුද්ගලික අවශ්‍යතා සමඟ ඒකාබද්ධ වූ ඒවාට ගැළපෙන ගෙඋයනක් විය යුතුය. එසේ නොමැති වුවහොත් එය කෙතරම් කලාත්මක, සෞන්දර්යාත්මක, තාක්ෂණයට අනුකූල වුවද ඵලක් නොවේවි. මන්ද එම උද්‍යානය පරිහරණයේ දී යම් යම් ගැටලු ඇතිවීම හරහා පුද්ගලික අවශ්‍යතා ඉටු නොවනා බැවිනි. ඇතැම් විට එය ඔබේ පුද්ගලික අවශ්‍යතාවලට නොගැළපෙනවා විය හැකියි. නමුත් වෙනත් පුද්ගලයකුට බාහිරින් නැරඹීමේ දී ඉතා මනරම් උයනක් සේ පෙනිය හැකියි.

ඉතින් අපි මේ පෞද්ගලික අවශ්‍යතා මොනවාදැයි සොයා බලමු.

 
මාර්ගය දෙපසට ශාක

උදාහරණයක් ලෙස ඔබේ උද්‍යාන නිර්මාණයට වටිනා ශාක කිහිපයක් එකතු කළේ යැයි අපි සිතමු. එම ශාක නිවෙසට පැමිණෙන මාර්ගය දෙපස සිටුවා කල්ගතවත්ම අතුපතර විහිදී මාර්ගය අවහිර වීමට ඉඩ තිබේ. එමඟින් නිවෙසට පැමිණෙන රථ වාහන ආදිය හසුරුවා ගැනීමට ද බාධා පැමිණිය හැකි අතර එය පුද්ගලික අවශ්‍යතාවක් ඉටුකර ගැනීමට මතුවන බාධාවකි.

 සිමෙන්ති නිර්මාණ

එහෙමත් නැතිනම් උද්‍යානයේ ඉදිකරනා ඇතැම් සිමෙන්ති නිර්මාණ උත්සව අවස්ථාවකදී ඔබට බාධාවක් විය හැකියි. එමඟින් ඉඩකඩ ඇහිරීම නිසා එය ද පෞද්ගලික අවශ්‍යතා ඉටුකිරීමට ඇතිවන ගැටලුවකි.

 
උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ
ශිල්පී, විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ රංජිත් කළුආරච්චි

More News »