239 Views  
ප්‍රධාන දොරටුව බිත්තියක මුල්ලට ආසන්න වීම සුදුසුද?

ආගම දහමට වැඩිපුර නැඹුරු විමෙන් වාස්‌තු දෝෂ වළක්‌වා ගත හැකියිඅද පවතින ආර්ථික රටාව අනුව ඉඩමක්‌ අරගෙන ගෙයක්‌ සෑදීම ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවේ.

 

අපහසුවෙන් නමුත් ඉඩමක්‌ මිළදීගෙන නිවසක්‌ සෑදීමේදී ඔබ බොහෝ කරුණු කාරණා ගැන සැලකිලිමත් විය යුතුයි. එසේ නොමැති වුවහොත් ඔබ දුක්‌ මහන්සියෙන් හරි හම්බ කළ දේ පමණක්‌ නොව ඔබ නිකරුණේ රෝගියකුවීමට හෝ වෙනත් අපහසුතාවයන්ටද පත්විය හැකියි.

 

ඒ හෙයින් ඔබ ඉඩමක්‌ ගෙන නිවසක්‌ තැනීමේදී හෝ තිඛෙන ඉඩමක ගෙයක්‌ තැනීමේදී මේ කරුණු ගැන ද සැලකිලිමත් විය යුතුය.

 

ඔබ ඉඩමක්‌ ගැනීමේදී මේ ගැනත් සැලකිලිමත්වන්න

 

ඉඩමක්‌ තෝරාගැනීමේදී එහි මැද තාච්චියක්‌ හැඩයට වල ගැසුණු ස්‌වභාවයක්‌ තිබීම සුදුසු නොවේ. එමෙන්ම ඇලි පැල්ලම් සහිත ඉඩම් මෙන්ම විශාල ගස්‌ ගල් පර්වත ආසන්න ඉඩම්ද නිවාස තැනීමට සුදුසු නොවේ. එමෙන්ම අංශක හතලිස්‌පහට කෝණාකාරව පිහිටි ඉඩම්ද සුදුසු නොවේ. එමෙන්ම කදු මුදුනක හැඩයට ඉඩම මැද ගොඩැලි තිබේනම් එම ඉඩම්ද නිවාස ඉදිකිරීමට සුදුසු නොවේ. එමෙන් ම ත්‍රිකෝණාකාර ඉඩම්ද සුදුසු නොවේ.

 

තාච්චියක්‌ හැඩයට ඇති ඉඩම් නුසුදුසු යයි අප පවසන්නේ එහි ජලය

 

රැඳීමෙන් කරදර මෙන්ම නොයෙකුත් විෂබීජ මැසි මදුරුවන් ආදීයෙන් ලෙඩ රෝග වැළඳිය හැකි බැවිනි. එය මානසික සහනයටද බාධාවකි. කඳු මුදුනක හැඩැති ඉඩම් බ්‍රහ්ම පාදයට අයිතිවන එහෙයින් එයද නිවසක්‌ තැනීමට සුදුසු නොවේ. එහි ඉදිකරන නිවස්‌නද තද සුළංවලට ඔරොත්තු දීමේ නොහැකියාවද ඇතිවෙයි.

 

සෘජු කෝණාස්‍ර ඉඩම්, සාමාන්‍ය බැවුම් සහිත ඉඩම් ප්‍රධාන පාරකට තරමක්‌ ඉහළින් පිහිටි ඉඩම් කර්මාන්ත ශාලා ආදියෙන් තරමක්‌ ඈත්ව පිහිටි ඉඩම් නිවාස ඉදිකිරීමට සුදුසු ඉඩම් ලෙස හැදින්විය හැකියි.

 

දේවපාද, බ්‍රහ්ම පාද පෙරේත පාද, මනුෂ්‍ය පාද ලෙස ඉඩම් ඛෙදීම් කරන අතර නිවාස ඉදි කිරීමට වඩාත් සුදුසු වන්නේ මනුෂ්‍ය පාද හිමි ඉඩම්ය.

 

නිවසක්‌ ඉදිකිරීම

 

නිවසක්‌ ඉදිකිරිමේදී වාස්‌තු විද්‍යාඥයන් ඉඩම් පිළිබඳව සැලකිළිමත් වන කරුණු කිහිපයකි. ඒ අතර

 

ඉඩම් පිහිටා ඇති ආකාරය

 

එය දිසා වෙන්කර ගැනීම (උතුරු , දකුණ, බටහිර නැගෙනහිර ආදි ලෙස)

 

ගෙදර ගෘහමූලිකයා නිවසේ සිටින සාමාජික සංඛ්‍යාව ඒ සියල්ලන්ට ම යාදෙන ආකාරයට නිවාස සැලැස්‌ම සකස්‌කර තිබීම සුබ දිසාවකට සුබ පාදය තෝරා ගැනීම ප්‍රධාන තැනක්‌ ගනී.

 

ගෘහ මූලිකයාට සුබ දිනයක සුබයෝගයක යෙදෙන සුබ මුහුර්තයක්‌ නිවස ඉදි කිරීමේ මූලික පියවර සඳහා තෝරා ගැනීම වැදගත් ය. මෙසේ කිරීම මගින් ගෘහ මුලිකයාට මෙන්ම නිවසේ සෙසු සාමාජිකයන්ට යහපතත්, නිවසේ ආයුෂ ප්‍රමාණයත් එමගින් තීරණය වන එහෙයිනි.

 

උදා - කෙනෙකුට යෙදි ඇති නැකත බුධයයි සිතමු. ඒ අනුව ඔහුට ඉදිරි වසර 5 ම ඡන්ම කේන්ද්‍රය කේතු යෙදේනම් ඉන් යහපත් ප්‍රතිඵල අත් නොවෙයි එසේ එහෙයින් එම කාලයේදී නිවසක්‌ සෑදීමට පටන් නොගත යුතුය.

 

නිවසේ ප්‍රධාන දොරටුව ගෘහමුලිකයා ලෙසත් ජනේල ගෘහ මූලීකාව ලෙසත් හැදින්වෙයි.

 

නිවසේ අනිකුත් දොරටුවලින් වඩා ප්‍රධාන දොරටුව උසින් වැඩිවිය යුතු අතර උළුවහු ඔත්තේ සංඛ්‍යාවක්‌ද ජනෙල් ඉරට්‌ටේ සංඛ්‍යාවක්‌ද තිබීම යහපත් ය. නිවසේ ප්‍රධාන දොරටුව ගෙයි බිත්තියක කෙළවරට වීමට තැබීම නුසුදුසු ය. එය සූකර ද්වාරය ලෙස හැදින්වෙයි. බිත්තියේ හරිමැදින් තැබීම උලූද්වාර ලෙස හැඳින්වෙයි. සූකර යනු ඌරායි. එවැනි දොරක්‌ තැබීම දුප්පත් වීමේ ලක්‌ෂණයකි. උලූ යනු බකමූණයි. එවනි දොරක්‌ තැබීම සමගියට බාධාවකි. උළුවහු එක පෙළට නොතැබීමටද සැලකිළිමත් විය යුතුයි. සාමාන්‍යයෙන් නිවසක බිත්තියක්‌ අඩි නවයක්‌ පමණ උසවිය යුතුයි. එය හොද වාතාශ්‍රයක්‌ ලැබීමට හේතුවේ.

 

ප්‍රධාන දොරටුවෙන් කුලීනයන් කුලහීන ඥාතීන් මිත්‍රාදීන්ද පැමිණෙයි. නිවසේ අනිකුත් දොරටු වලින් ඇතුළු වන්නේ නිවසියන්ගේ ආරාධනා ලබන අය පමණක්‌ වීම නිසා එම දොරටු ප්‍රධාන දොරට වඩා තරමක්‌ කුඩාවට තබා සකස්‌ කිරීම සුදුසුය.

 

ජනෙල් ඉරට්‌ටේ සංඛ්‍යාවක්‌ තබන්නේ එය ඛෙදෙන නිසාය. එමෙන්ම ජනෙල් ගෘහමූලික කාන්තාවට අයත් වන අතර සැමියා උපයන දේ දරුවන් අතරේ ඛෙදා දෙන්නේද ඇයයි. එහෙයින් මෙම සමාන කිරීම අතීතයේ සිටම පැවති ආකාරයකි.

 

නිවසේ වහලය සැලසුම් කිරිම

 

නිවසක්‌ තැනීමේදී එහි බිත්ති අඩි නවයක්‌වත් උස්‌විය යුතුය. මුදුන්ලීය යටලී පරාල කුරුපා ගැසීමේදී ද වඩාත් සැලකිළිමත් විය යුතු බව වාස්‌තු විද්‍යා මතයයි.

 

ඒ අනුව මුදුන් ලීය තැබිමේදී නිවසේ දෙපස හරි හරියට ඛෙදෙන ආකාරයට නොතිබිය යුතුයි. එය අගල් කිහිපයක්‌ එහා මෙහා කර තැබිය යුතුයි. වාස්‌තු විද්‍යාඥයන් හදුන්වන ගිනි කතිරයට හසුනොවන ආකාරයට මැද හෝ උළු වහු මතට වැටෙන ආකාරයට ද නොතිබිය යුතුයි. එමෙන්ම නිවසේ හරි මැදට සිටින සේ පුරුද්දපු පරාල නොතැබිය යුතු අතර පරාල තුනකට වඩා එසේ පුරුද්දපු පරාල වහලයකට නොයෙදිය යුතුයි. තිරස්‌ රේඛාවක ආකාරයටද මේ පුරුද්දන ලද ලී දඩු භාවිත නොකළ යුතුයි. එමෙන්ම වහලයට පරාල යෙදීමේදී ඉරට්‌ටේ සංඛ්‍යාවක්‌ යොදා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. මන්ද නිවසේ මුදුන් ලීය ගෘහ මූලිකයාටත් පරාල ගෘහ මූලිකාව හා දරුවන් ලෙස ගැනේ. මුදුන් ලීයට වරදක්‌ වෙනවා යනු ගෘහමූලිකයාට අයහපතක්‌ වෙනවා යන්න ඉන් කියවෙයි.

 

අප මෙහි අවධානය යොමු කර ඇත්තේ නිවසක්‌ ඉදිකිරීමේදී සැලකිලිමත් විය යුතු වාස්‌තු විද්‍යා හා ජ්‍යෙතිෂ විද්‍යා කරුණු කිහිපයක්‌ පිළිබඳව පමණි.

 

ඒ කෙසේ වුවත් යම්කිසි නිවසක වාස්‌තු විද්‍යා දෝෂ ඇතිනම් ඒවා අවම කර ගැනීම සඳහා නිවසියන් තමන්ට හැකි පමණ ආගමානුකූල ජීවිතයක්‌ ගෙවීමට කල්පනාකාරීවිය යුතුය.


Wmqgd .ekSu ��r mqj;am; weiqfrks
o