නිවැරැදිව ෆෙංෂුයිවලින් වැඩ ගන්න

2016-03-24 11:09:00       818
feature-top
ඔහුගේ නිවෙසේ මුළුතැන්ගෙය සකස් කර තිබුණේ ඊශාන දිශාවේය. නිවෙසක ඊශාන දිශාව ඉතා පිරිසුදුව තිබිය යුතුය. ඊශාන දිශාවෙන් මුළුතැන්ගෙය ඉවත් කළ යුතු වුවද ඔහු අත මිටේ එම අවස්ථාවේ මුදල්ද ඒ සඳහා නොමැති බවක් පෙනෙන්නට තිබිණි. නමුත් ඔහු නැවත හිස එසවිය යුතුය. ඒ පිළිබඳව ඔහුට පැහැදිලි කර දෙමින් නිවෙසේ ඉතිරි කොටස් පරීක්‍ෂා කළ විට වෙනත් ආකාරයේ ප්‍රබල වාස්තු දෝෂ නොමැති බවක් පෙනෙන්නට තිබිණි.ඉන්පසු නිවෙසේ ගැඹුරු ෆෙංෂුයි මූල ධර්මයන් එකින් එක පරීක්‍ෂා කළ විට නිවෙසේ ධන වාසනාව සහිත ප්‍රබල ධන නිලයක් උතුරු දිශාවේ සහ සාමාන්‍ය ලෙස ධන වාසනාව සහිත තවත් නිලයක් නැඟෙනහිර දිශාවේ පිහිටා තිබිණි. ෆෙංෂුයි විද්‍යාව අනුව ධන නිලයක් හෙවත් මනී පොයින්ට් එකක් බොහෝ විට සක්‍රිය කරන්නේ ජලය මඟිනි. නමුත් එහි ජලය තැබුවාට එය ප්‍රබල ආකාරයෙන් ක්‍රියාත්මක නොවන ලෙස පිහිටා තිබිණි. පසුව එහි වාසනාව ප්‍රබල කරවන ආකාරය පිළිබඳ විශාල දැනුමක් ලබාදුනි. සාමාන්‍ය ධන නිලය නම් පහසුවෙන් සක්‍රිය කළ හැකිව තිබිණි. ඔහුට අවශ්‍ය ෆෙංෂුයි සංකේත මිලදී ගැනීමේ ආශාව එම අවස්ථාවේ තිබුණද ඔහුට ඒ සඳහා හැකියාවක් නොවීය. ගත වූයේ මාස 3කි. මේ වන විට ඔහුට ශ්‍රී ලංකාවේ වරායක උසස් රැකියාවක් ලැබී ඇත. නිවෙසේ අනෙකුත් ආදායම් තත්ත්වයද ඉහළ ගොස් ඇති බව ඔහු පැවසූයේ හද පිරි සතුටකිනි.

මෙහිදී කිවයුතු විශේෂ කාරණය වන්නේ ඔහුට මුලදී දුන් උපදෙස් 100%ක්ම නිවැරැදිව ඔහු විසින් අනුගමනය කර තිබුණේ ෆෙංෂුයිවලින්වත් ජීවිතය දිනනවා යන අදහසිනි. මෙවන් පුවත්පතකින් වාස්තු, ජොතිෂ්‍ය, ෆෙංෂුයි හා යෝග වැනි විශාල දැනුම් සම්භාරයක් බෙදා දීම පිළිබඳව මෙම පුවත් පතට සම්බන්ධ සියලුම දෙනාට පින් පැමිණ විය යුතුය. මන්ද බොහෝ වටිනා දේ රහස් ලෙස තිබුණත් මෙම පුවත්පත හරහා ඒ සියල්ල හෙළිවෙමින් පවතී.
ඉන් අද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනාට තමන්ගේ ජීවිත ජයග්‍රහණ කරගැනීමේ හැකියාව උදා වී ඇත. මෙවන් පුවත් පතකින් වටිනා දේ ලබා දුන්නද තවමත් මේවා බොරු යැයි ළිං පතුලට වී සිටින්නන්ද, නිවැරැදි උපදෙස් පිළි නොපැද වාසනාව එනතුරු බලා සිටීමද අනුවණ ක්‍රියාවකි. අලුත් ලෝකය දෙස දෑස් හැර බැලීමට දැන් ඔබටත් කාලයයි.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »