ෆෙෂුයි රහස්‌ ගෙදරටම
අසුබ ශක්‌තිය පාලනය කරන ලුණු භාජනය

2016-03-28 09:37:00       687
feature-top
පසුගිය සතියක අපගේ නැකත පුවත්පත හරහා වසරේ අසුභම දිශාව සහ අසුබ ශක්‌තිය පාලනය කරන ෆෙෂුයි විද්‍යාත්මක ක්‍රම විශාල ප්‍රමාණයක්‌ දැනගන්නට ලැබෙන්න ඇති. වසරේ අසුබම දිශාව ඊසාන බව ඔබට මතක ඇති. මෙම වසරේ ඊසාන දිශාව භාවිතයෙන් ඔබට සිදුවිය හැකි කරදර අවම කිරීමට විශාල උපදෙස්‌ රාශියක්‌ අප ඔබට ලබා දුන්නේය. එම අසුබ පාලනය කරන එහි සඳහන් වූ අති ප්‍රබලම ෆෙෂුයි සංකේතය වන පංචධාතු පැගෝඩාව (Five Element Pagoda) තරමක්‌ මිලෙන් ඉහළ නිසා එය මිලදී ගැනීමට අපහසු අය වෙනුවෙන් ඔබටම නිවසේදී සකස්‌කරගත හැකි අසුබ ශක්‌තීන් මැඬපැවැත්විය හැකි ලුණු භාජනය සාදා ගන්නා ආකාරය මා ඔබට පැහැදිලි කර දෙන්නම්.

අසුබ ශක්‌තීන් පාලනය කරන විශේෂ බඳුන සාදා ගන්නා ආකාරය

පියවර 1

* පෝසිලේන් බඳුනක්‌ ගන්න

පියවර 2

* භාජනයේ 2/3 ක්‌ වනතුරු ලුණු කුඩු දමන්න

පියවර 3

* දැමූ ලුණු කුඩු මට්‌ටම වන තෙක්‌ පමණක්‌ ජලය දමන්න

පියවර 4

* එය මතට තඹ ෆෙෂුයි කාසි 6 ක්‌ සහ මැදට රුපියල හෝ රු. 2 ක සුදු පැහැති කාසියක්‌ දමන්න.

Five Element Pagoda
විශේෂ කරුණු

* 2016 පෙබරවාරි 08 දා සිට 2017 ජනවාරි 27 දක්‌වා කාල සීමාව තුළ මෙම විශේෂ බඳුන ඊසාන දිශාවේ තබන්න.

* මෙහි තඹ ෆෙෂුයි කාසි 6 වෙනුවට වෙනත් තඹ කාසි වර්ගද භාවිත කළ හැක.

* මෙම විශේෂ බඳුන බිමින් හෝ යම් උසකින් තැබිය හැක.

* මෙහි ලුණු මිශ්‍රණය අවපැහැගැන්වෙන විට මිශ්‍රණය පමණක්‌ අලුත් කරන්න. කාසි උණු වතුරෙන් සෝදා නැවත භාවිත කරන්න.

නොදත් අයට නැවත වතාවක්‌ මෙසේ මතක්‌ කරමි. නිවසක්‌ හෝ ව්‍යාපාරයක්‌ එක එල්ලේ මෙම යිව් යෙලොව්ස්‌ ශක්‌තියට විවෘත වීම මඟින් එම නිවසට හෝ ව්‍යාපාරයට නොසිතූ විරූ කරදරවලට මුහුණ දීමට සිදුවේ. එහි සිටින අය නිතර නිතර අසනීප වී දරුණු රෝගාබාධ තත්ත්වයන්ට මුල් වීම, ප්‍රබල ලෙස ධන හානි සිදුවීම හා දියුණුවට බාධා ඇති කරලීම මින් ප්‍රධාන වේ. ඔබේ නිවසේ හෝ ව්‍යාපාරයේ ප්‍රධාන දොර හෝ නිතර භාවිත වන කාමරයක්‌ (නිදන කාමරයක්‌) ඊසාන දිශාවට වැටී ඇත්නම් මෙම වසරේදී ඔබට යිව් යෙලෝව්ස්‌ මඟින් ප්‍රබලවම බලපෑම් එල්ල කරයි. එම නිසා ඔබට හැකි ෆෙෂුයි උපක්‍රම භාවිත කර ඔබට සිදුවිය හැකි හානීන් මග හරවා ගන්න.

සමහරුන් ෆෙෂුයි යන්නෙහි අර්ථයවත් දන්නේ නැත. ඔවුන් විවිධ වූ මත පළ කරන අවස්‌ථා එමටය. ඔබ ලෝකය ගැන සොයා බැලිය යුතුය. මෙවැනි බලගතු වූ විද්‍යාවන්වලට කෑ ගහන විශාල පිරිසක්‌ සිටී. තමන් තමන්ගේ දියුණුව ගැන වගබලා ගත යුතුය. එලෙස යමෙකු අඩුම තරමේ ෆෙෂුයි හි නියම කරුණු ගැන ලියවුණු පොතක්‌ හෝ නොකියවා කෑ ගහයි නම් ඒ ඔහු හෝ ඇය අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන අයෙකි. තමන් සියලුම සාස්‌තර විද්‍යාවන් රහසේ භාවිත කර දියුණු තත්ත්වයෙන් පසුවන අවස්‌ථා ඇත. නමුත් ඔහු අන් අයද මෙවැනි දෙයින් දියුණුවක්‌ ලබා තමන් අබිබවා යතැයි බියක්‌a පවතී. ඔවුන් පමණක්‌ මේවාට නිකරුණේ පදනම් විරහිත චෝදනා එල්ල කරයි. එනිසා ළිඳේ සිටිනා ගෙම්බන් නොවී එළියට පැමිණ ලොව අලුත් දැ ගැන ඔබ විසින් සෙවිය යුතුය.

Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »