මෙම වසරේ දකුණට පිටුපා වාඩිවීම තහනම්

2016-04-26 10:00:00       690
feature-top
අද රැකියා කරන බොහෝ දෙනෙකු සහ අධ්‍යාපන කටයුතුවල නිරතවන දරුවන් විශාල පිරිසක්‌ පුටුවක වාඩිවී වැඩ කටයුතුවල නිරත වන අවස්‌ථා අපමණය. එහෙත් ඔබ පිටුපා සිටින දිශාව සහ මුහුණලා සිටින දිශා පිළිබඳ ඔබ විශේෂ අවධානයක්‌ යොමුකළ යුතුය. ෆෙෂුයි විද්‍යාව අනුව සෑම වසරකම සුබ අසුබ දිශා පිළිබඳව ඔබට අසන්නට ලැබෙනවා ඇති. එහෙත් බොහෝ දෙනෙකු වැඩි අවධානයක්‌ යොමු නොකරන කොටසක්‌ පිළිබඳ අද මා ඔබට විස්‌තර කරදීමට සූදානම්.

කිසිවකුත් පිටුපා වාඩි නොවිය යුතු ත්‍රී කිලිංග්ස්‌ (ඔයරුe නසකකසබටි) දිශාව

මොකක්‌ද මේ ත්‍රී කිලිංග්ස්‌...?

සෑම වසරකම ත්‍රිවිධාකාරයෙන් ඔබගේ නිවසට කරදර ගෙන එන්නා වූ ශක්‌තියක්‌ එල්ලවන දිශාවක්‌ පවතී. මෙය එම වසරේ ත්‍රී කිලිංග්ස්‌ දිශාව ලෙස නම් කරයි. 2016 පෙබරවාරි 08 සිට 2017 ජනවාරි 27 දක්‌වා කාලසීමාව තුළ දකුණු දිශාවෙන් ත්‍රී කිලිංග්ස්‌ ශක්‌තිය එල්ල වේ. පුටුවක වාඩිවී වැඩ කටයුතුවල නිරත වන අයෙකු මෙම ත්‍රී කිලිංග්ස්‌ ශක්‌තියට ගොදුරු වන්නේ එම ත්‍රී කිලිංග්ස්‌ ශක්‌තිය පැමිණෙන දිශාවට පිටුපා වැඩ කටයුතුවල නිරත වූවොත් පමණි. ත්‍රී කිලිංග්ස්‌ ශක්‌තියට ඔබ ගොදුරු වුවහොත් ඔබට විශාල ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවේ. මෙම වසරේදී ඔබ දකුණු දිශාවට පිටුපා වැඩ කළහොත් මුදල් ගැටලු, සතුරු කරදර, රැකියාවේ ප්‍රශ්න නිරතුරුවම ඇතිවීමට ඉඩ තිබේ. කොටින්ම තම හොඳම මිතුරා පවා තමාට පිටුපසින් සිය කුමන්ත්‍රණය කරන අවස්‌ථා මතුවේ. තවත් අයුරකින් කියනවා නම් අනු දිශාවට පිටුපා වැඩ කිරීම හෙවත් උතුරු දිශාවට මුහුණලා වැඩ කටයුතු කිරීමෙන් ඔබ අනිවාර්යයෙන් ඉවත් විය යුතුය.

මෙය ඔබ වරදවා වටහාගත යුතු නැත. ඔබ දකුණු දිශාවට පිටුපා වාඩිවීම පමණක්‌ මෙම වසරේදී එනම් ඉහත නම් කළ කාලසීමාව තුළදී නොහැකියි. දකුණු දිශාවට මුහුණදැමිය හැක. එවිට ත්‍රී කිලිංග්ස්‌ ශක්‌තිය ඔබව ආරක්‌ෂා කරයි. එපමණක්‌ද නොව දකුණු දිශාවේ කාමරයක්‌ භාවිතා කිරීම හෝ දකුණු දිශාවට හිස දමා නිදා ගැනීමෙන් මෙම ත්‍රී කිලිංග්ස්‌ ශක්‌තියට ගොදුරු වන්නේ නැත. එවිට ඔබේ වාසනාව වැඩිවෙන බවත් මතක තබා ගන්න. නමුත් නිවැරැදිවම හිස දමන දිශාව මුහුණ දමන දිශාව ඔබේ උපන්දිනය අනුව නිවසින් නිවසට වෙනස්‌ වන බව මතක තබා ගන්න. නිවසේ ඇති සුබ අසුබ ශක්‌තීන් ගැඹුරු ලෝපැන් මාලිමාවක්‌ මගින් පරීක්‍ෂා කර එහි වාසනාව වැඩි කළ යුතුය. නමුත් මෙම වසරේදී ඉහත කරුණ මුළු ලෝකයටම පොදුය. එබැවින් ඔබ ව්‍යපාරිකයෙක්‌ නම්, කාර්යාලයීය සේවකයෙක්‌ නම් විභාගයට පෙනී සිටින දරුවෙක්‌ නම් මෙම වසරට ඉහත කරුණු පිළිපැදීම අනිවාර්යය වේ.
ෆෙෂුයි විද්‍යාව තුළ ලබාදෙන අනාවැකි ඉතාම නිවැරැදි බවද ඔබ හොඳින්ම දන්නා කාරණයකි. මීට අමතරව මෙම වසරේ දී ත්‍රී කිලිංග්ස්‌ ශක්‌තියට පෞද්ගලිකවම ගොදුරු වූ පිරිසක්‌ සිටී. ඔවුන් අනිවාර්යයෙන් විවිධ අවාසනාවන්ට ගොදුරුවීමේ හැකියාව පවතී. ඔවුන් මෙම වසරේ ත්‍රී කිලිංග්ස්‌ ගාර්ඩියන් ටැග් එකක්‌ ළඟ තබාගත යුතුය. ආරක්‌ෂාවට කාල චක්‍ර යන්ත්‍රයද තමා ළඟ නිතරම තිබිය යුතුය.

ත්‍රී කිලිංග්ස්‌ ශක්‌තියට ගොදුරු වී ඇත්තේ පහත කාලසීමාවල උපන් අය වේ.

1942 පෙබරවාරි 15 සිට 1943 පෙබරවාරි 04 දක්‌වා උපන් අය

1954 පෙබරවාරි 3 සිට 1955 ජනවාරි 23 දක්‌වා උපන් අය

1966 ජනවාරි 21 සිට 1967 පෙබරවාරි 08 දක්‌වා උපන් අය

1978 පෙබරවාරි 07 සිට 1979 ජනවාරි 27 දක්‌වා උපන් අය

1990 ජනවාරි 27 සිට 1991 පෙබරවාරි 14 දක්‌වා උපන් අය

2002 පෙබරවාරි 12 සිට 2003 ජනවාරි 31 දක්‌වා උපන් අය

ලෝහයෙන් තැනූ මෙම කාලචක්‍ර යන්ත්‍රය ඔබගේ සාක්‌කුවේ හෝ බෑගයේ දමාගන්න. නිවසින් පිටවන සෑම අවස්‌ථාවකම මෙය ළඟ තබාගන්න.



Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »