ප්‍රබල ධනයෝග 3ක්‌ ජනවාරි මාසයේ
ෆෙංෂුයි වාසනාව වෙනස්‌ වෙනවා

2017-01-22 10:02:00       681
feature-top
2017 ජනවාරි 28 සිට 2018 පෙබරවාරි 15 දක්‌වා කාලය තුළ විශාල ධනයෝග රැසක්‌ පැමිණෙන බව ෆෙෂුයි පිළිබඳ උනන්දු සියලුම දෙනා දැන් හොඳින් දන්නා කාරණයකි. බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නය මුදල්ය. එසේත් නැත්නම් ආර්ථික ප්‍රශ්නය. නමුත් ෆෙෂුයි හි ඇති වැදගත්කම නම් නිවසට සහ ව්‍යාපාරවලට මෙලෙස පැමිණෙන වසරේ ධනයෝගය එන ස්‌ථානය සොයා නියම ක්‍රම ශිල්ප මගින් බලවත් කිරීමෙන් නිවසේ සිටින සියලුම දෙනාගේ ධන වාසනාව ඉතාම සුපැහැදිලි ලෙස ඉහළ නංවාගත හැකි වීමයි. එපමණක්‌ නොවෙයි මාසයෙන් මාසයට නිවසට පැමිණෙන ඩබල් ඇක්‌ටිව් ධනයෝගය තිතටම අල්ලා ගතහොත් අදාළ මාසය තුළ නිවසේ සියලුම දෙනාගේ ධන වාසනාව සහ ව්‍යාපාරවලට ආදායම් වැඩි වෙනවා. ඒවා නිවසට පැමිණෙන දින සහ ඒවා බලවත් කිරීමේ විශේෂ දිනද තිබෙනවා. නිවසක විවිධ වූ වාස්‌තු ප්‍රශ්න තිබුණත් මෙම ධනයෝගවල ප්‍රතිඵල ඉතාම පැහැදිලිව ලැබෙනවා. උදාවන වසරට ප්‍රධාන ධනයෝගය නැගෙනහිර දිශාවටත්, දෙවැනි ධනයෝගය ගිනිකොන දිශාවටත්, තුන්වන ධන යෝගය නිවසේ මැදටත් පැමිණෙන බව අප ඔබට සතුටින් දැනුම් දෙනවා... නමුත් මෙහි ධන යෝග ක්‍රියාත්මක කරන ආකාරය ඔබ ප්‍රායෝගිකව ඉගෙනගත යුතුයි.

අධ්‍යාපන යෝග 3 ක්‌

බොහෝ දෙමව්පියන් දරුවන් වෙනුවෙන් විශාල වෙහෙස මහන්සියක්‌ වෙනවා. පාසල් යනවා. පන්ති යනවා. උදේ ඉඳන් රෑ වෙනකම් දරුවන් වගේම දෙමව්පියනුත් මහන්සි වෙනවා. නමුත් වසර අවසානයේ ඔවුන් සිතූ තරම් ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. මෙයට ප්‍රධානම හේතුව තමයි දරුවන්ගේ පාඩම් කිරීමේ

වැරදි ඉරියව්, විශ්වයෙන් ලැබෙන වටිනාම ශක්‌තීන් ප්‍රයෝජනයට නොගැනීම, දරුවකු වැරදි දිශාවකට හැරී පාඩම් කිරීම, වැරදි දිශාවකට හිස දමා නිදා ගැනීම සහ වසරේ අසුබ ශක්‌තීන්ට හසුවීම නිසා ඔවුන්ට ඉතා උසස්‌ ප්‍රතිඵල නොලැබී යනවා. නමුත් දරුවාගේ උපන්දිනය අනුව නිවැරැදි දිශාවලට හැරවීම, නිවැරැදි ඉරියව්වලට පාඩම් කාමරය සකස්‌ කිරීමෙන් දරුවාගේ අධ්‍යාපන වාසනාව වැඩි කිරීමට ෆෙෂුයිවලට හැකියාව තිබෙනවා. එපමණක්‌ නොවෙයි වසරේ ඔබේ නිවසට එන අධ්‍යාපන යෝගයේ දිශා නිවැරැදිව බලසම්පන්න කිරීමෙන් නිවසේ සියලුම දරුවන්ගේ අධ්‍යාපන වාසනාව ඉතා උසස්‌ ලෙස ඉහළ නැංවීමට පුළුවන්කම තිබෙනවා. 2017 වසරට පළමු අධ්‍යාපන යෝගය ඊසාන දිශාවටත්, දෙවැනි අධ්‍යාපන යෝගය නිවසේ මැදටත් සහ තුන්වැනි අධ්‍යාපන යෝගය උතුරු දිශාවටත් පැමිණෙනවා.

විවාහ යෝගයක්‌

තවමත් විවාහ වාසනාව උදා නොවූ ඔබට වසරේ විවාහ යෝගය සොයා බලසම්පන්න කිරීමෙන් සහ නිවසේ විවාහ වාසනාව වැඩි කිරීමේ ප්‍රතිකර්ම යෙදීමෙන් තනිකඩ අයට තමන්ගේ සහකරුවා හෝ සහකාරිය ලබා ගැනීමේ හැකියාව ඇත. එපමණක්‌ නොවෙයි විශේෂ දින 9 කෙම් ක්‍රමය මගින් ඔබට සුදුසු ආදරණීයයන් දින 9 ක්‌ තුළ මුණගැසීමට හැකියාව තිබෙනවා. මෙය එක්‌ එක්‌ පුද්ගලයාගේ උපන්දිනය අනුව සිදු කරන ආකාරය වෙනස්‌ වෙනවා. උදාවන 2017 වසරට වසරේ විවාහ වාසනාව පැමිණෙන්නේ ඊසාන දිශාවටයි. ෆෙෂුයි ඔබේ ජීවිතයම වෙනස්‌ කරාවි.

ෆෙෂුයි හා පයිරා වාස්‌තු උපදේශක රිෂී නානායක්‌කාර
නොමිලේ උපදෙස්‌ සඳහා දුරකථනය -0776116229
 

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »