ඔබ අතහැර ගිය සැමියා හෝ බිරිය ෆෙංෂුයිවලින් නැවත ගෙන්වා ගැනීමේ රහස

2017-02-06 11:29:00       673
feature-top
නිවෙස සඳහා කුරුල්ලන්ගේ චිත්‍ර සුබදායක වේ. නිවෙසක් දෙසට කුරුල්ලකු පියඹා ඒම ප්‍රදර්ශනය කිරීම සංකේතාත්මකව ආදරවන්තියක් ආදරවන්තයකු ඒමට කැඳවීමකි.

සොඳුරු හැගුම් දහසක් සිත දරා යුවළක් එකතු වන්නේ ජිවිත කාලය පුරාවට දුක, සතුට, සැප එකට විඳිමින් එකටම හිඳිනා බවට නීතිය ඉදිරියේ මෙන්ම තම හෘද සාක්ෂිය ඉදිරියේද සපථ කරමින්. නමුත් කාලයාගේ ඇවෑමෙන් විවිධ හේතූන් මත ඔවුනොවුන් එකිනෙකාගෙන් දුරස්වී, අවසන දෙතැනකට වන අවස්ථාද සමාජයේ ඕනෑ තරම් දැකගත හැකි සුලභ සිද්ධියක්.

අප ජීවත්වන නිවෙස මෙන්ම වටපිටාව තුළ ඇතිවන අසුබ තත්ත්වයන් මෙලෙස යුග දිවියේ නීරස තත්ත්වයන් ඇති කිරීමට බලපාන එක් සාධකයක්. එමෙන්ම බොහෝ දෙනාගේ නොදැනුවත්කම් මත විවිධ ගෘහ භාණ්ඩ නිවෙස තුළ සකසා ඇති ආකාරයද යුග දිවියේ අසාර්ථක වීම සඳහා බලපාන බව කිවහොත් ඔබ පුදුම නොවේවි.

ඒ නිසාම පහත දක්වා ඇති ආකාරයට ඔබේ නිවසෙත් යම් යම් දෑ තිඛෙනවා දැයි අදම සොයා බලන්න.

ඔබ ඔබේ නිවෙසේ ප්‍රධාන දොර අසලට යන්න. ගේ ඇතුළේ සිට ප්‍රධාන දොර ළග සිට ගන්න (නිවෙස ඇතුළේ සිට එළිය බලා ඉන්නා ආකාරයට). ඒ වගේම ඔබේ නිදන කාමරයට යන්න. කාමරය ඇතුළේ සිට කාමරයේ දොර ළග සිට ගන්න.

දැන් බලන්න ඔබේ ප්‍රධාන දොරට දකුණු පැත්තෙන් හරි නිදන කාමරයේ දොරට දකුණු පැත්තෙන් හරි වතුර බඳුනක් හරි මාළු ටැංකියක් හරි තිඛෙනවා දැයි කියා.

මෙම ප්‍රදේශයේ වතුර තිබුණොත් බොහෝ විට සිදුවන්නේ ස්වාමියා අනාචාරයේ හැසිරීමට යොමුවීමයි. එම නිසා මෙම ප්‍රදේශයේ ජලය ඇති නම් ඒවා ඉවත් කරන්නට ඔබ ප්‍රමාද වන්න එපා.

බොහෝ නිවෙස්වල දකින්නට හැකි තවත් අසුබ දෙයක් වන්නේ ප්‍රධාන දොරෙන් නිවෙසට ඇතුළු වන විටම පෙනෙන්නට තිඛෙන මාළු ටැංකියක් හෝ ජලය පිරී ඇති බඳුනක්.

මේ ආකාරයට ප්‍රධාන දොරටුවට ඍජුවම ඔබගේ නිවෙස තුළ වතුර බඳුනක්. මාළු ටැංකියක් තිබීමෙන් ඔබේ සැමියා වෙනත් අනියම් සබඳතා සඳහා පෙලඹීමට වැඩි ඉඩකඩක් පවතිනවා. මේ නිසා ඔබ ප්‍රධාන දොරෙන් නිවෙසට ඇතුළු වන ස්ථානයේ ඉදිරිපසම ජලය තබන්න එපා. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

ඔබගේ නිදන කාමරය වෙත මඳක් අවධානය යොමු කරන්න. එහි ඔබ මුහුණ බලන කණ්ණාඩිය තබා තිඛෙන්නේ ඔබ දෙදෙනා නිදන ඇඳ පෙනෙන ආකාරයටද යන්න සොයා බලන්න. එනම් නිදන ඇඳ පරාවර්තනය වන ආකාරයටද යන්න පිළිබඳ අවධානය යොමු කරන්න. මෙම ආකාරයට කණ්ණාඩියක් තිබුණොත් විවාහක ඔබ දෙදෙනාගේ වෙන්වීමක් සිදුවීමට වැඩි ඉඩක් පවතිනවා.

යුග දිවියේ අවුල් සහගත ගැටලු සහගත තත්ත්වයන් පැන නගිනවා. මුහුණ බලන කණ්ණාඩිය මෙන්ම රූපවාහිනි යන්ත්‍ර, පරිගණක තිරද නිදන කාමරයේ තිබීම යම් කිසි අසුබ තත්ත්වයන් ඇති කරනවා.

මේ නිසා ඔබ මේවා භවිත නොකරන හැම අවස්ථාවක යම් කිසි රෙද්දකින් මේවා වසා තබන්නට අමතක කරන්න එපා.

ඉහත කරුණුවලින් පැහැදිලි කළේ ඔබ දෙදෙනාගේ යුගදිවියට බලපාන නිවෙස තුළ ඇති අසුබ තත්ත්වයන් (අප නොදැන කරන දෑ) මග හරවා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

නමුත් දැනටමත් ඔබේ සැමියා හෝ බිරිය ඔබව අතහැර ගොස් තිබේ නම්, නමුත් ඔබ කැමැති නම් ඔබව තනිකර දමා ගිය ඔබේ සැමියා හෝ බිරිය ඔබ වෙත කැඳවා ගන්නට ඔබට කළ හැකි ෆෙංෂුයි රහස් තිඛෙනවා.

එයාව නැවත ගෙන්වා ගැනීම
ඒ සඳහා මෙහෙම කරන්න.
පියාඹන කුරුල්ලකුගේ රූපයක් ගන්න. (අන්තර්ජාලයෙන් ගන්නත් පුළුවන්), එම රූපය කාඩ්බෝඩ් කෑල්ලක අලවා ගන්න. (අතින් ඇඳපු කුරුලු රූපයක් ගන්නත් පුළුවන්.)
දැන් ඔබේ ප්‍රධාන දොර ළග සිටගන්න. (එළිය බලන් ඉන්න විදියට). දැන් ඔබේ දොරට වම් පැත්තෙන් ඇති බිත්තියේ (ඔබේ වම් පැත්තේ බිත්තියේ) මේ කුරුළු රූපය අලවන්න.
(ගෙදරින් එළියේ බිත්තියේ)
ඔබ කුරුල්ලා ඇලවිය යුත්තේ ගේ ඇතුලට. (එනම් දොර දෙසට) පියඹාගෙන එන ආකාරයටයි. ගෙදරින් එළියට පියඹාගෙන යන විදියට රූපය අලවන්න එපා.
කුරුල්ලාගේ හොට අසල ඔබේ සැමියාගේ හෝ බිරියගේ රූපයක් අලවන්න.
සරලයි ඒත්....
ෆෙංෂුයි ශාස්ත්‍රයේ මෙවැනි සරල ක්‍රම රැසක් තිඛෙනවා. ඒත් ප්‍රතිඵල ඉතා ඉහළයි.




Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »