කුස්‌සියේ ගින්දර වයඹ දිශාවට එපා

2017-02-28 10:26:00       673
feature-top
කාන්තිගේ පවුලේ පුතුන් දෙදෙනකු සහ දියණියකි. කාන්තිගේ සැමියා හදිසි අනතුරකින් මිය යන්නේ 2010 වසරේදීය. නගරයේ කුලියට දී ඇති කඩවලින් විශාල ප්‍රමාණයක අයිතිය ඇත්තේද ඔවුන්ටය. මෙම පවුල සමාජයේ ඉතාම ඉහළින් ජීවත් වූ පිරිසකි. වැඩිමහල් පුතාද 2014 වසරේ විවාහ විය. විවාහ වී ටික දිනක්‌ ගත වන විට ඔහුද විවිධ වූ අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන්නට විය.

ඔවුන්ගේ නිවස දකුණු දිශාවට මුහුණලා 2007 වසරේ ඉදිවූ එකකි. මෙහි ඉතා අලංකාර ලෙස සැකසූ බුදු මැඳුරක්‌ පිළියෙල වන්නේ වයඹ දිශාවේය. එහි මුළු දවස පුරාම රතුපාට බල්බයක්‌ සහ උදේ සවස පහන් පත්තු කිරීමද දිගින් දිගටම සිදුකර තිබුණි. ෆෙෂුයි විද්‍යාව අනුව වයඹ යනු ලෝහ ධාතුවේ දිශාවයි. ලෝහ පැමිණිය යුතු දිශාවකට ගින්දර පැමිණි විට ලෝහ ශක්‌තිය උණු වී යයි. තවද වයඹ දිශාව නිවසේ ප්‍රධානියාගේද දිශාවයි. එසේ නම් දැන් නිවසේ ප්‍රධානියාගේ දිශාවට හානි පැමිණ තිබේ. එවිට ප්‍රධානියට ප්‍රශ්න මතු වීම ගැන අමුතුවෙන් කිවයුතු නැත. බුදු මැඳුර මෙම ස්‌ථානයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නැත. කළ යුතු එකම පිළියම නම් මෙම ප්‍රදේශයේ පහන් පත්තු කිරීම හා රතු බල්බ භාවිතා නොකර සිටීමය.

තවද මෙම නිවසේ ප්‍රධානියාගේ උපන්දිනය අනුව කුවා අංකය වූයේ 3 ය. ඔහු භාවිතා කර තිබුණේ බස්‌නාහිර දිශාවේ කාමරයකි. ඔහුගේ උපන්දිනය අනුව එය ඔහුගේ අවාසනාවන්තම දිශාව විය. තවද ගැඹුරු ෆෙෂුයි මූලධර්මයන් අනුව එම කාමරයේ සංයුතිය ඉතාම අවාසනාවන්ත එකක්‌ විය. එය ෆෙෂුයි විද්‍යාවේ අතිශයින්ම අසුබයි. නඩුහබ, හදිසි විපත්, කරදර ඇති වේ. මෙය ඉතාම අනතුරුදායක සම්බන්ධයකි. ඕනෑම අයෙකු මාරාන්තික අනතුරකට හෝ මාරාන්තික අසනීපයන්ට ගොදුරු විය හැක යනුවෙන් සඳහන් වේ. මෙම සියලු කරුණු හේතු කොටගෙන මෙහි ජීවත්වූ ප්‍රධානියාට මෙම කරදරය සිදුවන්නට ඇතැයි දක්‍ෂ ෆෙෂුයි උපදේශකවරයකුට උපකල්පනය කළ හැක. නමුත් මෙම කාමරයම භාවිතා කළද නිදන ඇඳන් සුබ දිශාවලට හැරවීම සහ ප්‍රබල ෆෙෂුයි සංකේත වන ෆයි එළිමන්ට්‌ පැගෝඩාව, බට 6 ක වින්ඩ්චයිම් සීනුව වැනි සංකේත භාවිතා කළා නම් මෙම අසුබ ඉවත් කිරීම සරල ක්‍රමයකි.

තම සැමියාගේ වියෝවෙන් පසු කාන්ති තම දියණිය සමඟ වෙනත් කාමරයක්‌ භාවිතා කර තිබුණි. ඔවුන් දෙදෙනා සිටි කාමරය අතිශයින්ම සුබ එකක්‌ විය. එහි ගැඹුරු ෆෙෂුයි සංයුතිය අනුව මුදල් වාසනාව ඉතා ඉහළින් තිබූ කාමරයකි. එහිද ප්‍රබල වූ ෆෙෂුයි සංකේත තැබීමෙන් තවත් එම කාමරයේ වාසනාව ඉහළට ගැනීමට ඔවුන් එකඟ විය.

කාමරයට පැමිණෙන දොර කෙළින් කකුල් දමා නිදාගන්න එපා.

නමුත් පුතා විවාහ වීමෙන් අනතුරුව ගිණිකොන දිශාවේ කාමරයක්‌ භාවිතා කළේය. එම කාමරය දැඩි අසනීපයන්ට ගොදුරු විය හැකි සංයුතියක්‌ තිබුණි. තවද නව යුවළ නිදා සිටින ඇඳ පිහිටා තිබුණේ කාමරයට පැමිණෙන හරි දොර කෙළින් කකුල් දෙක පිහිටන පරිදිය. එය තවත් අවාසනාවන්ත තත්ත්වයකි. කිසිම අවස්‌ථාවක කාමරයට පැමිණෙන දොර කෙළින් කකුල් හෝ හිස දැමිය නොහැක. ඉන් ඔබට විශාල හානියක්‌ සිදුවේ. ඔවුන් දෙදෙනාගේ උපන්දින සැලකීමෙන් දෙදෙනාටම සුබ වාසනාව සහිත දිශාවකට නිදන ඇඳ හැරවීමෙන් සහ අසනීප පාලනය කරන ප්‍රබලම ෆෙෂුයි සංකේතය වන වූලූ සංකේත එම කාමරයේ සවි කිරීමෙන් විය හැකි අසනීප තත්ත්වයන් මඟහරවා දැමීම කරන ලදී.

ඔබට මෙහිදී පෙනෙන විශේෂ කාරණයක්‌ ඇති. එනම් කාමරය අසුභ යයි කියා එම කාමරයෙන් පිටවීමට අවශ්‍ය නැත. මන්ද අද දියුණු වී ඇති ෆෙෂුයි විද්‍යාවේ ප්‍රබල වූ ෆෙෂුයි සංකේත සහ ෆෙෂුයි විද්‍යාවේ ගැඹුරු මූලධර්මයන් නිවසක්‌ තුළ යෙදීම තුළින් ඕනෑම අයහපත් සංයුතියක්‌ සහිත නිවසක්‌ සුබ සංයුතියකට හැරවිය හැක. මේ වන විටත් විශාල ලිපි ප්‍රමාණයක්‌ අපට ලැබෙමින් පවතින්නේ තමන්ගේ නිවාස හා ව්‍යාපාරද ෆෙෂුයි විද්‍යානුකූලව සකස්‌ කිරීමෙන් පසු ඔවුන් දියුණු වූ ආකාරය රටටම කියන්නට කියමින්ය.

ෆෙෂුයි හා පයිරා වාස්‌තු උපදේශක රිෂී නානායක්‌කාර
නොමිලේ උපදෙස්‌ සඳහා දුරකථනය -0776116229


Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks

More News »