කුස්‌සියේ දොර ඉදිරියේ වැසිකිළි වල අසුභයි

2017-05-30 09:23:00       680
feature-top
මෙම නිවස මොණරාගල ප්‍රදේශයේ 2013 වසරේදී පමණ ඉදිවන්නකි. මෙම නිවස ඉදිකර පදිංචියට පැමිණ වසරක්‌ පමණ ගතවීමෙන් අනතුරුව නිවසේ සියලුම දෙනා වාගේ නිතර නිතර අසනීපවන්නට විය. 2015 වසරේදී එහි ප්‍රධානියාට බයිපාස්‌ සැත්කමක්‌ද සිදුකරන්නට විය. ඔහුගේ බිරි`දද සෑම අවස්‌ථාවකදීම දණහිස්‌ අමාරු වලින් නිතරම හිසේ කැක්‌කුම් වලින් පෙළෙන්නට විය. නිවසේ සියලු දෙනා රෝගී වීම සාමාන්‍ය දෙයක්‌ බවට පත් විය. බොහෝ විට සතියකට එක්‌ දිනක්‌ කවුරුන් හෝ වෙනුවෙන් රෝහලට යාමට සිදු වීම මොවුනට සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව තිබුණි. කේන්ද්‍ර පරීක්‍ෂා කිරීම , යන්ත්‍ර දැමීම වගේ නොයෙක්‌ දේ සිදු කළද ඔවුනට විශාල සහනයක්‌ නොවීය. අනතුරුව ඔවුන්ගේ නිවසේ වාස්‌තු හා ෆෙංෂුයි ක්‍රමවේදයන්ට ගැඹුරු පරීක්‍ෂාවක්‌ සිදු කරන ලදී.

නිවසේ බිම් සැළැස්‌ම නොතිබූ බැවින් නිවසේ සහ මුළු වත්ත පුරාම ඇවිද ගියද එහි වැසිකිළි වලක පිහිටීමක්‌ කිසිවකුටත් පෙනෙන්නට නොතිබුණි. ඔවුන්ගෙන් විමසූ විට නිවසේ කුස්‌සිය දොරටම සම්බන්ධ කර ඉන් ඉවතට එහි පිහිටීම ගෙන නිවසේ පේමන්ට්‌ එක මගින් එය නොපෙනෙන ලෙස සකස්‌ කර තිබුණි. මෙය ඉතාම වැරදි පිහිටීමකි. කිසිදු දොරක්‌ ඉදිරියට වැසිකිළි වලක්‌ තැනිය නොහැකිය. එපමණක්‌ද නොව එය නිවසේ අත්තිවාරමටත් සම්බන්ධ බව ඔවුන් පැවසූවේ එය නොපෙනෙන නිසා ඒ පිළිබ`ද විස්‌තර කිරීමේදීය. වැසිකිළි වලක්‌ පමණක්‌ නොව ලි`දක්‌ හෝ පොකුණක්‌ද දොරක්‌ ඉදිරියට පැමිණිය නොහැක. වැසිකිළි වලක්‌ නියම ආකාරයෙන් දිශාගත කළ යුතු අතර එය නිවසින් ඈතට වන්නට පිහිටිය යුතුය. මෙවැන්නක වැරදි පිහිටීමකින් නිවසේ ගෘහනිය අසනීප වීම මින් ප්‍රධාන වේ. එනිසා ඔබ අලුතින් නිවසක්‌ සකස්‌ කරන විට මේ පිළිබ`දව ඉතාම සැලකිලිමත් විය යුතුය.

මේ ස`දහා කළ යුතු පිළියම්වලදී පළමු කාරණය නම් මෙය ගලවා ඉවත් කළ යුතුය. නමුත් මෙය ගලවා ඉවත් කිරීම කොහෙත්ම කළ නොහැකි කාර්යයකි. ඒ ස`දහා අති විශාල වියදමක්‌ දැරීමටද සිදුවේ. නමුත් මාගේ ලිපි ඔබ කියවා ඇත්නම් මා කිසි විටකත් නිවාස කැඩීම් බි`දීම්වලට යන්නේ නැත. ඒ ස`දහා ලොව දියුණු තාක්‍ෂණයක්‌ වන පිරමීඩ තාක්‍ෂණය යොදා ගැනීම මගින් නිවසේ ඇති අසුභ ශක්‌තීන් බොහොම පහසුවෙන් ඉවත් කළ හැක. එනිසා කැඩීම් බි`දීම්වලින් තොරව පිරමීඩ වාස්‌තු ක්‍රමවේදය තුළින් පහසුවෙන් සහ සරලව පිළියම් යෙදිය හැක.

තවද සුදුසු දිශාවක ඔවුන්ගේ කුස්‌සිය සකසා තිබුණද පෝරණුව, ගෑස්‌ කුකරය සහ රයිස්‌ කුකරය නිවැරදි අයුරින් ස්‌ථානගත කර තිබුණේ නැත. නිවසේ ජීවත්වන අයගේ උපන්දින ගණනය කිරීම් අනුව ඒවා තැබිය යුතු නිවැරදි ස්‌ථාන නිවසක්‌ තුළ ඇත. එනිසා ඒ පිළිබ`දව ඔබ සැලකිලිමත් විය යුතුය. එම නිවසේ ප්‍රධානියාගේ උපන් දිනය 1953 මාර්තු 16 දින සවස 2.11 ටය. ඒ අනුව ඔහුගේ ධන වාසනාව සක්‍රීය වන්නේ නිවසේ ඊසාන දිශාවෙනි. එනිසා මොහු සකසන කිසිදු නිවසක නිවසේ ඊසාන දිශාවේ ගින්දර තැබීම හෝ කාමරයක ඊසාන දිශාවේ ගින්දර ධාතුව සක්‍රීය කිරීම සිදුකළ නොහැකිය. එමගින් ඔහුගේ ධන වාසනාව දැවී පිළිස්‌සී යයි. එම නිසා ඔහුගේත් බිරිදගේත් උපන් දින ගණනය කිරීම් කර ඔහුගේ කුස්‌සි කොටසෙහි නිවැරදි ස්‌ථානයක ගින්දර ධාතුව තැබීම සිදු කරන ලදී.

තවද ඕනෑම අයෙකු උපතින් ගෙනෙන ලද වාසනාවක්‌ හා අවාසනාවක්‌ ඇත. එය ඔහුගේ චීන කේන්ද්‍රය භාවිතයෙන් සොයාගත හැක. මොහුගේ චීන දෛව සටහන අනුව මොහුට ධන වාසනාව ගෙන දෙන්නේ ලෝහ ධාතුවෙනි. නමුත් මොහුගේ උපන් දිනය සහ උපන් වේලාව අනුව ඔහුගේ සටනට ලෝහ ධාතුව පැමිණ තිබුණේ නැත. මොහු ව්‍යාපාර කිහිපයක්‌ කර නවතා දමා තිබූ අයෙකි. ඔහුට එසේ වීමට හේතුව මොහුගේ ධන වාසනාවට බලපාන අදාළ ධාතුව මොහුට උපතින්ම පිහිටා නොතිබීමයි. මොහුගේ බිරි`දගේ දෛව සටහන අනුව මොහුට අඩු ලෝහ ධාතුව බිරි`ද තුළ තිබුණේ නම් විවාහයෙන් පසු බිරි`දගෙන් සැමියාට යහපත් කාලයක්‌ උදාවීම සිදුවේ. නමුත් ඇයටද ලෝහ ධාතුවෙන් විශාල ප්‍රමාණයක්‌ තිබුණේ නැත. එනිසා පළමුවෙන්ම මොහුගේ ශරීරයේ නිවසේ සහ ව්‍යාපාරික ස්‌ථානවල ලෝහ ධාතුව අති ප්‍රබලව ශක්‌තිමත් කළ යුතුය. එමගින් මොහුට අහිමිවී ඇති ධන සම්පත් යම් මට්‌ටමකට ළඟා කර ගැනීමේ හැකියාව ඇත.


ෆෙංෂුයි හා පයිරා වාස්‌තු උපදේශක රිෂී නානායක්‌කාර
නොමිලේ උපදෙස්‌ සඳහා දුරකථනය -0776116229

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »