වාස්‌තු දොෂ නිසා ජීවිතය නාස්‌ති කර ගන්න එපා

2017-06-05 11:06:00       673
feature-top
වාස්‌තු විද්‍යානුකූලව නිවාස සැලසුම්" යනුවෙන් රටපුරා විවිධ ස්‌ථානවල දැන්වීම් පුවරු සවිකර ඇති අවස්‌ථා ඔබ දැක ඇත. ඔවුන් විසින් විවිධ වූ සැලසුම් අනුව ඇඳ ඇති නිවාස හා ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක්‌ පසු කළෙකදී වෙනත් වාස්‌තු උපදේශක වරයෙකු විසින් පරීක්‍ෂා කරන විට එම නිවස දෝෂ සහගත බව අසන්නට ලැබීම මහත් කණගාටුවට කරුණකි. එය එසේ වන්නේ ඇයි දැයි ඔබ නොදන්නවා විය හැකියි. නිවාස සැලසුම් ශිල්පීන් ලෙස ඔවුන් මනා අධ්‍යාපනයක්‌ හෝ දැනුමක්‌ ලබා තිබෙන්නට හෝ ඒ සම්බන්ධ සුදුසුකම් සපුරා තිබෙන්නට පුළුවන. නමුත් ඔවුන් වාස්‌තු විද්‍යාව කියන විෂයය නියමාකාරයෙන් අධ්‍යයනය කර ඇත්ද යන්න ප්‍රශ්නය මතු වන්නේ ඔවුන් විසින් නිර්මාණය කර ඇති නිවාස දෙස බැලු විටය. මේ වන විට මා ශ්‍රි ලංකාව තුල පරීක්‍ෂා කර ඇති නිවාස ගණන දහසකට අධිකය. ඒවායින් සියයට 90 කටත් වඩා වැඩි ප්‍රමාණයක්‌ වාස්‌තු සැලසුම් අනුව ඇඳ ඇති ඒවාය. නමුත් නිවාස සාදා පදිංචියට පැමිණිදා ඉඳන්ම ඔවුන්ගේ ජීවිත වල ප්‍රශ්න කෙළවරක්‌ නොමැත. සමහර නිවෙස්‌වල බරපතළ ලෙස වාස්‌තු ශිල්පය වැරැදි ආකාර දකින්නට ලැබී ඇත. ශ්‍රි ලංකාවේ ඉතාම ප්‍රසිද්ධව අලෙවි වන නිවාස (ස්‌කීම් වල ඇති නිවාස) ප්‍රබල ලෙස වාස්‌තු වැරැදි ආකාරයෙන් සකස්‌කොට ඇත. ඔවුන්ගේ ජිවිත විශාල වශයෙන් කඩා වැටී ඇත. එනිසා ඔබ නැවතත් මෙම මුළාවට නොරැවටිය යුතුය.

එසේ නම් ඔබ විශාල වෙහෙස මහන්සියක්‌ වී උපයන මුදලින් විශාල ධනස්‌කන්ධයක්‌ වැයකොට ඉඩමක්‌ මිලදීගෙන නිවසක්‌ තැනීමේදී නිවාස සැලසුම් ශිල්පියකුගේ සහාය පමණක්‌ නොව අඩුම තරමේ ඔබගේ ගමේ හෝ සිටිනා වාස්‌තු උපදේශකවරයාගේ සහාය ලබා ගැනීමට අමතක නොකරන්න. එසේ නොමැතිව ඔබ නිවස සාදා කලකට පසු එය වැරැදි යෑයි කියමින් එහි කොටස්‌ කඩ කඩා නැවත සකස්‌ කිරීමෙන් ඔබගේ කෙතරම් ධනයක්‌ විනාශ වී යන්නේද? සැලසුම් ශිල්පියකුගේ සහාය පමණක්‌ ඔබ ගැනීමෙන් ඔබට කරගත හැකිවන්නේ අලංකාර නිවසක්‌ සකස්‌ කරගැනීම පමණි. නමුත් ඔවුන් දෙදෙනාගේම සහයෝගය ලබා ගැනීමෙන් වඩාත් නිවැරැදි අලංකාර නිවසක්‌ ඔබට නිමවාගත හැක.

මා මෑතකදී මාලබේ ප්‍රදේශයේ ඉදිවන නව නිවසක සැලසුමක්‌ පරීක්‍ෂා කරන්නට ගිය විට ඉතා අලංකාර වූ සැලස්‌මක්‌ දැක ගන්නට හැකිවිය. නමුත් එය පරීක්‍ෂා කිරීමේදී මා හට පෙනීගියේ සැලසුම් ශිල්පියා වාස්‌තු ශාස්‌ත්‍රයේ මූලික කරුණුවත් දන්නේ නැති බවයි. ඉඩමේ මුහුණ බස්‌නාහිර දිශාවට පිහිටා තිබුණි. නමුත් බස්‌නාහිරට මුහුණ ලා ඇති නිවාස අසුභ යෑයි පවසමින් එම නිවස දකුණු දිශාවට හරවා ඉදිවන ලෙස සැළසුම ඇඳ තිබුණි. වාස්‌තු ශාස්‌ත්‍රයේ හෝ වෙනත් වාස්‌තු ග්‍රන්ථයක හෝ බස්‌නාහිරට මුහුණ ලා ඇති නිවාස අසුභ යෑයි සඳහනක්‌ නැත. එය ශ්‍රී ලංකාවේ ඉන්නා අපි විසින් වාචිකව ගොඩනැඟූ+ සංකල්පයක්‌ පමණි. පසුව ඉඩමේ හිමිකරුට එහි සැලසුම වෙනස්‌ විය යුතු ආකාරය මනාව පැහැදිලි කොට දුනිමි. එහිදී නිවසේ ප්‍රධාන ද්වාරයන් පැමිණිය යුතු ස්‌ථාන, වැසිකිළිය සහ වැසිකිළි වළ පැමිණිය යුතු ස්‌ථාන, මුළුතැන්ගෙය, පඩිපෙළ, කාමර වල වර්ගඵලය වැනි බොහෝ දෑ ඇතුළත් වේ. කොටින්ම නිවසේ වර්ණය කාමරවල වර්ණය පවා නිවැසියන්ගේ දෛව සටහන් පරීක්‍ෂාවකින් තෝරාගත යුත්තකි.

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු යම් දෙයක අත්‍යවශ්‍යම අංග සිදු කරන්න හෝ මුදල් වියදම් කරන්න මැළිකමක්‌ දක්‌වන අවස්‌ථා අපමණය. ඉඩමක්‌ මිලදී ගෙන බැංකු ණය විශාල වශයෙන් ලබාගෙන නිවසක්‌ ඉදිකරනා විට එහි වාස්‌තු නිවැරැදි දැයි බලන්නේ නැත. ඉන්පසු නිවසට පදිංචි වී පසු කලෙක තමන්ගේ ධනයත් පවුලත් විනාශ කර ගැනීම අණුවන ක්‍රියාවක්‌ නොවේද?



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »