ෆෙං - ෂුයි කියන්නේ සෞභාග්‍යයේ කලාව

2017-06-22 10:52:00       681
feature-top
තරගකාරී ලෝකයෙහි මිනිසා නිරන්තර උත්සාහයක යෙදෙන්නේ දියුණු වීමටය. සැප සම්පත් ළඟා කර ගැනීමට ය. මේ සඳහා ඔවුහු බොහෝ ක‍්‍රමවේද අනුගමනය කරති. ෆෙං - ෂුයි යනු ද සෞභාග්‍ය උදා කර ගැනීම සඳහා මිනිසුන් විසින් අනුගමනය කරන්නා වූ කලාවකි. විද්‍යාවකි.වර්තමානයේ ලංකාවෙහි ක‍්‍රමයෙන් ව්‍යාප්තව යන ෆෙං - ෂුයි අපට අලුත් දෙයක් ලෙස දැනුන ද මෙය ලෝකයට නම් අලුත් දෙයක් නොවේ. අද ලෝකයේ බොහෝ දියුණු රටවල් ෆෙං - ෂුයි භාවිතයට පෙළඹී ඇත. ඒ මගින් ඔවුහු දියුණුව, සෞභාග්‍ය ළඟා කර ගෙන ඇත.චීනයේ ආරම්භ වූ ෆෙං - ෂුයි පසුකාලීනව ලෝකය පුරා ව්‍යාප්තව ගියේය. ෆෙං - ෂුයි ශාස්ත‍්‍රඥයන් අද ලෝකය පුරා විසිරී සිටින්නේය. ෆෙං - ෂුයි පිළිබඳව මනා පුහුණුවක් ලද ඒ පිළිබඳව ගැඹුරින් හදාරා ඇති ප‍්‍රවීණ ෆෙං - ෂුයි උපදේශිකා තිලංගනි හේරත් මහත්මියව පසුගිය දිනෙක අපි හමු වුණෙමු. ඇය ෆෙං - ෂුයි පිළිබඳව විවිධ පොත පත ලියා පළ කර ඇත්තේය. 2007 වසර ජය ගැනීමට ෆෙං - ෂුයි යන මැයෙන් සරල ඉංග්‍රීසි බසින් ඇය පොතක් පළ කර ඇත. මේ කතා බහ ෆෙං - ෂුයි පිළිබඳව ය.

අපේ රටේ මිනිසුන් කෙහොමද ෆෙං - ෂුයි පිළිගෙන තිබෙන්නේ?මෙය උතුම් කලාවක්. විද්‍යාවක්. මෙය අද අපේ රටේ මිනිසුන් අතර පැතිර තිබෙන්නේ පහත් මට්ටමින්. ෆෙං - ෂුයි වල ගෞරවය, රැඳිලා තිබෙන්නේ එහි තිබෙන සුවිශේෂි ලක්ෂණ හා රහස්‍ය භාවය නිසයි. ඒත් අද මෙය අපේ රටේ පැතිර තියෙන්නේ වශී ගුරුකම් හා සමාන චීන ගුප්ත රහස් ක‍්‍රමයක් හැටියට. ෆෙං - ෂුයි කියන්නේ සුළං හා ජලය කියන සිංහල තේරුමයි. අපේ නිවසට විශ්වයේ ශක්තිය ඇතුළ් වෙන්නේ කොහොමද. ඒවා කි‍්‍රයාත්මක වෙන්නේ කොහොමද කියන එක තමයි ෆෙං - ෂුයි කියන්නේ. ඒ සරල තේරුමයි. මෙය වසර 6000 ක් තිස්සේ රැකගෙන ආ ගෞරව කටයුතු විද්‍යාවක්. ඒ වගේම කලාවක්.

අද බොහෝ දෙනා ෆෙං - ෂුයි සංකේත භාවිතා කරනවා. එහි තේරුම කුමක්ද?මෙය ගැඹුරු ශාස්ත‍්‍රයක්. විද්‍යාවක්. කලාවක්. මතුපිටින් පෙනෙන විදිහට ප්ලාස්ටික් සෙල්ලම් බඩු තියලා සෞභාග්‍ය ලබා ගන්න පුළුවන් ශාස්ත‍්‍රයක් නෙමෙයි මෙය. ෆෙං - ෂුයි කරන්න අපි චීන වෙන්නම ඕන නෑ. මේ ශාස්ත‍්‍රයේ තියෙන හොඳ කොටස් ජීවිතයට ඇතුළ් කරගත්තම ඇති. නරක කාලයට නරක අවම කිරීමත් හොඳ වැඩිකර ගැනීමත් මේ සංකේත භාවිතයෙන් කරගන්න පුළුවන්.මෙය සෙල්ලම් බඩු ශාස්ත‍්‍රයක් නෙමෙයි. නෙකුගේ මුහුණ බලලා ඔහු ඉන්න ගේ අදින්න පුළුවන් දක්ෂ ෆෙං - ෂුයි ගුරුවරු ලෝකයේ ඉන්නවා. ප‍්‍රධාන වශයෙන් විශ්ව ශක්තිය අවුරුදු විස්සෙන් විස්සට වෙනස් වෙනවා. ඒ වගේ ම අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ෆෙං - ෂුයි වලට අනුව සතුන් දොළොස් දෙනෙක් අවුරුදු දොළහෙන් දොළහට පාලන බලය හිමිකර ගන්නවා. මොකක්ද මේ ලාෆින් බුද්ධා කියන්නේ?අපි ෆෙං - ෂුයි වල දී විවිධධ සංශෝධිත භාවිතා කරනවා. ෆෙං - ෂුයි ගැන පහත් කර කතා කරන අය වගේ ම මේ ගැන විශ්වාසයක් නැතිව කතා කරන අය මේ සංකේත පිළිබඳව කතාකරන්නේ  තේරුමක් හරියාකාරව නොදැන. ඇතැම් අය ලාෆින් බුද්ධා හඳුන්වන්නේ ලොකු     බඩගෙඩියක් තියෙන එක අතකින් සල්ලි පොට්ටනියක් හා අනෙක් අතේ සුරා බදුනක් තියාගෙන ඉන්න විහිළු කාරයකු පෙනුමක් ඇති බඩ මහත තඩි චීනෙකු හැටියටයි.ඇත්තටම මෙය මහත් කනගාටුවට කාරණයක්. ෆෙං - ෂුයි කලාව චීනයේ බැවින් එයට මහා යාන ධර්මයේ ඇතැම් කොටස් සම්මිශ‍්‍රණය වී තිබෙනවා.විශේෂයෙන් සංකේත භාවිත මහායාන බුදුදහමට අනුව ශාක්‍ය මුනි බුදුන් කොටස් 18 කට බෙදෙනවා. ඒ බුදුන් වහන්සේ ගේ උත්තරීතර ගුණ අනුවයි. ඒ වගේ ම අපේ මෛති‍්‍ර බුදුන් වහන්සේවත් ඒ හා සමාන කොටස් ප‍්‍රමාණයකට බෙදා තිබෙනවා. එතුමා උපදින එක එක භවයේ ස්වරූප අනුව මහායාන බුද්ධාගමට අනුව විවිධ උත්පත්ති නිරූපණය වෙනවා. එයින් එක උත්පත්තියක් තමයි ලාෆින් බුද්ධා කියන්නේ. මෛති‍්‍ර බුදුන්වහන්සේ උපදින හැම  භවයකම ඉතා ම කඩවසම් පුරුෂයකු ලෙස ඉපදී තිබෙනවා. මේ නිසා ස්ති‍්‍රන් ගෙන් බොහෝ කරදර වෙලා තියෙනවා. ඒ නිසා එතුමා ප‍්‍රාර්ථනය කර තිබෙනවා. ඊළඟට උපදින භවයේදි විසුළු ස්වරූපයක් ඇතිව, එහෙත් සෑම කෙනෙකුගේ ම ප‍්‍රාර්ථනාවන් ඉටුකර දීමේ ශක්තිය ඇතිව උපදින්න කියලා. ඒ තුළින් තමයි ලාෆිත් බුද්ධා නිර්මාණය වී තියෙන්නේ.මෙහිදී ලාෆින් බුද්ධා කරේ දමාගෙන ඉන්නේ වස්තු පොට්ටනියක් නෙමෙයි. එය කාහටත් සෞභාග්‍ය බෙදාදීමේ සංකේතයක්. අතේ තියාගෙන ඉන්නේ මධුවිතක් නෙමෙයි. කුඩා ලබු ගෙඩියක්. එය   හඳුන්වන්නේ වූ - ලූ නමින්. එයින් කියැවෙන්නේ ඕනෑම කෙනෙකුගේ අසනීපයක් සුවවීමට ඔසුවක්. ජීවිතය දිරාපත් වීමට නොයා  නිරෝගීමත් කිරීම දීර්ඝායුෂ ලබාදීම මෙයින් සංකේතවත් කරන්නේ. මෙය ගෙදරක තබා ගත යුතු ම සංකේතයක්. ලාෆින් බුද්ධා යන නමින් මෙය හැඳින්වුවත් මීට වැදුම් පිදුම් කරන්නේ නෑ. එහෙත් මෙයට ගෞරවය කිරීමක් ලෙස සාලයේ උඩ ස්ථානය තැබීමයි සුදුසුම දේ.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »