පොකැට්ටුවට වාසි ගෙනෙන ශාස්ත්‍රානුකූල ෆෙංෂුයි

2017-06-23 11:14:00       675
feature-top
අපට සොයාගන්නට තිබෙන බඩු භාණ්ඩ හරිම සරලයි. ඒවා සොයා වෙහෙසිය යුතු වන්නේ නෑ.
රතු රෙදි කෑල්ලක්, ලුණු පිරිච්ච භාජනයක්, වතුර වීදුරුවක්, වින්ඩ්චයිම් එකක්.... ඔන්න ඔය වගේ දේවලිනුත් බොහොම සරල සහ ඵලදායී ෆෙංෂුයි ක්‍රම කියන්න පුළුවන්.

මුදල් තියෙනව නම් අපට සෞභාග්‍යය සඳහා යම් යම් සංකේත පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඉතාම සරල ක්‍රමවලින් සාමාන්‍ය මහජනතාවට වැඩි මුදලක් වියදම් නොකර තමන්ගේ කරදර සහ අහිතකර ශක්තීන් අවම කරගන්න පුළුවන්. ෆෙංෂුයිවල සැබෑ රහස ඒකයි.
ඉතින් අද අපි කියා දෙන්නේ අද අපේ මෙම පින්තූරවලින් දක්වා තිබෙන පරිදි, යම් යම් දිසා තුළ මාසිකව ඔබේ නිවෙස තුළ ඇතිවන හොඳ හෝ නරක පිළිබඳ පෙරළිය වටහාගන්නා අයුරුයි.


ෆෙංෂුයිවල තිබෙනවා ඉගිළෙන තරු
(ටතරඪදඨ ඵබචපඵ) කියල කොටසක්. ඒ හරහා තමයි ඔබේ ජීවිතයට හොඳ හෝ නරක ඇතිවන්නේ. එම ඉගිළෙන තරු හඳුනාගැනීම සඳහා පහත දැක්වෙන හතරැස් කොටුව තුළ අංක 1-9 දක්වා වර්ග කර තිබෙනවා. 4 කියන්නේ මධ්‍ය ලක්‍ෂ්‍යයයි.
උදාහරණයකට කියනවා නම් ගිනිකොන දිසාවට පිහිටි අංක 3 මුළු අවුරුද්දටම වෙනස් වෙන්නේ නැහැ. නමුත් එම කොටුවේ තිබෙන කුඩා අංකය වන අංක 6 මාස්පතා වෙනස් වෙනවා. එය ඊළඟ මාසයේදී අංක 5 වෙනවා.
අංක 3 සහ 6 එකට එකතු වුණාම ගිනිකොන පෙදෙසේ සිදුවන සිදුවීම් පෙළක් තිබෙනවා. ඒ අනුව දිසා අටෙන් සහ මධ්‍යමවත් සිදුවන සිදුවීම් අපි මේ කැලැන්ඩරයෙන් පෙන්වා දෙනවා.

එම දිසා අට සොයාගැනීම සඳහා ඔබ මාලිමාවක් පාවිච්චි කරන්න. ඔබ නිදන කාමරය හෝ ඔබේ නිවෙසේ ප්‍රධාන ‍ෙදාර මේ දිසාවලින් එක දිසාවකට යොමුවී තිබෙන බව ඔබටත් වැටහෙනවා නේද?
අපි සෑම මසකම මුල් සතියේදී මගේ ෆෙංෂුයි කැලැන්ඩරයේ තිබෙන එම මාසවලට අදාළ පිටුව මෙහි පළ කර ඔබට සහයෝගයක් දීමට කැමැතියි.
දිසාව අනුව ඔබේ නිදන කාමරය හෝ ප්‍රධාන ‍ෙදාර තුළ සිදුවන සුබ හෝ අසුබ බලපෑම් මොනවාද කියා ඔබට එම විස්තරයෙන් බලාගන්නට පුළුවන්.
සුබ නම් එය ඉතාම හොඳයි. නමුත් අසුබ බලපෑමක් නම් ඔබ කල්පනාකාරී විය යුතුයි.
ඊළඟට මම කියන්න ඕන කොහොමද මේ දිසාවන් බලාගන්නේ කියලා. ඔබේ නිවෙසේ ර්ථීතචද එක අරගෙන මුලින්ම එහි ඡායා පිටපතක් ලබාගන්න. දැන් ඒ ඡායා පිටපතේ ඇති නිවෙසේ දළ සටහන හිස් කොටස්වලට තිත් ඉරිවලින් පුරවා සම චතුරස්‍ර හෝ සෘජු කෝණාස්‍ර සේ සකසාගන්න. එම මුළු එක්කරගෙන කතිරයක් ඇඳගෙන කතිරයේ මධ්‍ය ලක්‍ෂ්‍යය තමයි නිවෙසේ හරි මැද.

අන්න ඒ මධ්‍යස්ථයේ මාලිමාව තබා මුලින්ම උතුර සොයාගන්න. මාලිමාවේ රතු කටුව නිතරම හැරෙන්නේ උතුරු දෙසටයි. ඒ අනුව අනෙක් දිසාද සොයාගන්න.
එම දිසාවලින් ඔබේ නිදන කාමරය ඇතුළු නිවෙසේ අනෙකුත් කොටස් කුමන දිසාවකට තිබෙනවාද කියලා සොයා ගන්න පුළුවන්. අන්න ඒ දිසාවට අනුව ඔබේ නිවෙසට මේ මාසයේ සුබ පල ලැබෙනවාද නැත්නම් අසුබ පල ලැබෙනවාද කියලා පරීක්‍ෂා කරගන්න.
මෙහි දැක්වෙන්නේ 2014 මාර්තු මාසයේ දින සටහනයි. 2014 අප්‍රේල් මාසයේ දින සටහන අපි ඔබට අප්‍රේල් මාසයේ මුල සතියේ ඉදිරිපත් කරනවා.
අපි ඊළඟ සතියේ ෆෙංෂුයිවලින් ඔබට සෞභාග්‍යය සහ වාසනාව උදා වෙන තවත් පැත්තක් බලමු.

Wmqgd .ekSu oekqu weiqfrks

More News »