නිවස තුළ වැසිකිළි වළක්‌ද?

2017-07-14 11:21:00       673
feature-top
චමිල නුවරඑළි ප්‍රදේශයේ හැදී වැඩී වයස අවුරුදු 27 දී කුඩාවට ව්‍යාපාර කටයුතු ආරම්භ කර වේගවත් දියුණුවක්‌ ලබාගෙන තිබුණි. ඔහුගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් වැඩි කාලයක්‌ කොළඹ ප්‍රදේශයට එන්නට සිදුවන බැවින් ඔහු පිටකෝට්‌ටේ ප්‍රදේශයෙන් පර්චස්‌ 10 ක ඉඩමක්‌ මිලදීගෙන ඉතාම ඉක්‌මනින් ඉතා අලංකාර වූ කුඩා නිවසක්‌ සාදා 2015 වසරේ එම නිවසට පදිංචියට පැමිණියේය. නව නිවසට පැමිණ මාස 8 ක්‌ පමණ ගත වන විට යම් කිසි වේගයකින් ව්‍යාපාර කටයුතු අඩපණ වන ගතියක්‌ ඔහුට පෙනෙන්නට තිබුණි. ඒ ආකාරයෙන් තවත් විවිධ වූ ගැටලු රාශියක්‌ පැන නැඟී එන්නට විය.

චමිලගේ උපන්දිනය 1981.04.13 දිනය. ඔහුගේ උපන්දිනය අනුව ඔහුගේ ධන වාසනාවට සුබම දිශාව වී තිබුණේ ගිණිකොන දිශාවය. මොහු තැනූ නව නිවසේ වැසිකිළිය සහ වැසිකිළි වළ යන 2 ම නිවස තුළම ගිණිකොන දිශාවේ සකස්‌ කර තිබුණි. ෆෙෂුයි විද්‍යාවේ මූලික සිද්ධාන්ත භාවිතයේදී බාගුවා සටහන අනුව ලොව ඕනෑම නිවසක ධන වාසනා ශක්‌තිය උත්පාදනය කරන්නේ ගිණිකොන දිශාවෙන්ය. ඕනෑම නිවසක ගිණිකොන දිශාවට වැසිකිළිය හෝ වළ පැමිණි විට නිවසේ ධනයට යම් බලපෑමක්‌ එල්ලවීම ෆෙෂුයි විද්‍යාවේ මූලිකම ඉගැන්වීමකි. ඊට අමතරව චමිලගේ පෞද්ගලික ධන වාසනා ශක්‌තිය තිබුණේද නිවසේ ගිණිකොන දිශාවේ බැවින් ඔහුට ඔහුගේ පෞද්ගලික ධන වාසනා ශක්‌තියද නිවසින් අහිමි වී තිබුණි. මින් ඔහුගේ මූල්‍යමය ශක්‌තියට දැඩි පහරක්‌ එල්ල වී තිබුණි.

ඕනෑම නිවසක නිවස තුළ ගිණිකොන දිශාවේ වැසිකිළිය පිහිටා ඇත්නම් එය කඩා ඉවත් නොකොට වැසිකිළිය තුළ µයිරෝඩ් පැගෝඩා වින්ඩ්චයිම් සීනුවක්‌ සවිකළ යුතුය. තවද සුදු වර්ණය වැසිකිළිය තුළ ආලේප කිරීම මගින් එලෙස සිදුවන හානිය යම් තරමක්‌ පාලනය කළ හැක.

මීළඟ ගැටලුව වූයේ නිවස තුළ වැසිකිළි වළ පිහිටීමයි. එයද දැවැන්තවූ හානියකි. මින් ආකාර රැසක අවාසනාවන්ත පැමිණීම සිදුවේ. මෙය ගළවා ඉවත් කිරීමේ හැකියාවක්‌ද ඔවුන්ට නොතිබුණි. ඒනිසා එහි ඇති වර්ගඵලය අනුව ලොව දියුණු තාක්‍ෂණික ක්‍රම වේදයක්‌ වූ පිරමීඩ ශක්‌තිය එහි පණ ගැන්වීය. එමගින් එය කඩා ඉවත් නොකොට එහි තිබූ අසුභ ශක්‌තිය ඉවත් කිරීම සිදුවිය.

ෆෙෂුයි විද්‍යානුකූලව මොහුගේ දෛව සටහන් (Four pillas Bazi) පරීක්‍ෂා කළ විට වයස අවුරුදු 29 ත් 34 ත් අතර නොසිතන තරම් ධනයක්‌ ඔහුට උරුමව තිබුණි. ඒ හෙයින් ඔහුට විශාල ලෙස ව්‍යාපාර සාර්ථක විය. නමුත් අවුරුදු 34 ත් 39 ත් අතර විශාල ධනයක්‌ ඔහුට නොමැත. එලෙසම ඔහුගේ ධන වාසනාවට බලපෑවේ ජල ධාතුවයි. එම ජල ධාතුවේද යම් ඌනතාවයක්‌ ඔහුට තිබුණි. එම නිසා සාමාන්‍ය කාලවලදී විශාල වශයෙන් ඔහුට මුදල් ලැබීමක්‌ සිදු නොවේ. එහිදී ඔහුගේ නිවසේ වර්ණය නිල් පැහැ ගැන්වීම, නිවස තුළ ජල සැකසුම් වැඩි කිරීම මගින් ඔහුට ඌනවූ ජල ධාතුව ශක්‌තිමත් කළ හැක. එමගින් ඔහුට ඌනවූ ධන වාසනා ශක්‌තිය යම් මට්‌ටමකට වර්ධනය කිරීමේ හැකියාව පවතී.

මෙවැනි සිදුවීම් අපහට අනන්තවත් මුණගැසේ. අද ඉඩම්වල මිල ඉතාම සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. එනිසා විශාල ඉඩමක්‌ මිලදී ගැනීමේ හැකියාව නොමැත. කුඩා ඉඩමක්‌ මිලයට ගෙන කුඩා නිවසක්‌ සකස්‌ කර ගැනීම සිදුවේ. එවිට වැසිකිළි වළක්‌ කැපීමට ස්‌ථානයක්‌ සොයා ගැනීමට අපහසු වේ. එවිට නිවස තුළම එය සකස්‌ කරගන්නා අවස්‌ථා සුලබය. මෙය ඉතාම හානිකර තත්ත්වයකි. මෙවැනි වූ අසුභ පිහිටීම්වලින් විශාල ධනවතෙකු මහපාරට ඇද වැටීමට මහ කාලයක්‌ ගත වන්නේ නැත. ඒ නිසා නිවසින් තමන්ට විශාල වශයෙන් වාසනාව කැඳවාගෙන පැමිණේ. මෙය තමන්ගේ ඇස්‌ දෙක මෙන් ප්‍රවේශම් කරගත යුතුය. මේ වන විට චමිල් දැන් නැවතත් යථා තත්ත්වයට පැමිණ ඇත. ඔහු නැවතත් විශාල වශයෙන් ධනවත් වන්නේ 39 ත් 49 ත් අතර කාලයේදීය.



Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »