අනු දිශාගත නිවසක අත්තිවාරම හරවන්න එපා

2017-07-24 12:30:00       674
feature-top
ගුණසේන රජයේ සේවකයෙකි. එම රැකියාව කරන අතරතුර ඔහුගේ ඥාතියෙකු සම්බන්ධ කරගෙන ඉතාම කුඩාවට අමතර ආදායම් ලැබීමේ අරමුණින් කුඩා ව්‍යාපාරයක්‌ ආරම්භ කරයි. වසර 3 ක්‌ පමණ ගතවන විට එය ඉතාම ඉහළ ආදායම් ලබන මට්‌ටමට ළඟා වී තිබුණි. පසුව ඔහුටම උරුම වූ බිම් කඩක ඉතාම අලංකාර ලෙස නිවසක්‌ ඉදිකර පදංචියට යන්නේ තමන්ගේ ව්‍යාපාරය තවත් පුළුල් කිරීමේ අරමුණු ඇතිව 2015 වසරේදීය. නමුත් එම නිවසට පැමිණ ටික දිනක්‌ ගතවන විට ඔහුට වෙනදා තිබූ උනන්දුව අඩුවන බවක්‌ දැනෙන්නට විය. තවද ජීවිතයේ දැඩි අලස බවක්‌ නිතර දැනෙන්නට විය. ඔහුගේ බිරිඳ වෙනදා මෙන් නොව නිතර නිතර කේන්ති ගන්නට පටන් ගත්තේය. විටක ඔහු සමඟින් අඩදබර පවා ඇති කර ගත්තේය. මෙලෙස එකපිට එක විවිධ වූ කරදර බාධක ඔවුන්ගේ ජීවිතවලට ගලාගෙන එන්නට විය. මේ අතරතුර ඔවුන්ගේ නිවස පරීක්‍ෂාවට ලක්‌විය.

බෙහෝ විට වාස්‌තු විද්‍යා ශාස්‌ත්‍රය දන්නා අයෙකු සුභ ඉඩමක්‌ තේරීමේ කරුණු කිහිපයක්‌ ඇත. එහිදී ඉඩම ප්‍රධාන දිශාවලට මුහුණලා ඇත්නම් එම ඉඩමේ විවිධ වූ වාසි රැසක්‌ ඇත. එය එක්‌ කරුණකි. එනම් උතුර, නැගෙනහිර, දකුණ, බස්‌නාහිර යන දිශාවලට ඉඩමේ මුහුණ පිහිටීමයි. මෙවැනි ඉඩමක ඉතාම පහසුවෙන් පාද බෙදීම් සිදුකළ හැක. එවැනි ඉඩමක්‌ පහත 1 රූප සටහනේ පෙන්වා ඇත. නමුත් අද අපට හමුවන බොහෝ නිවාස තැනූ ඉඩම් අනුදිශාගත වූ ඉඩම්ය. එනම් ඉඩමේ මුහුණත වයඹ, ඊසාන, ගිණිකොන හොA නිරිත දිශාවන්ට පිහිටා තිබේ. එය දෙවැනි රූප සටහනේ පෙන්වා ඇත.

ගුණසේන මහතාගේ නිවසේ මුහුණත පිහිටා තිබුණේ වයඹ දිශාවටය. මෙහිදී යම් අයෙකුගෙන් ලැබුණු උපදෙස්‌ මත නිවස අත්තිවාරම එක්‌ ස්‌ථානයකින් ඇඳට දමා දොර උතුරු දිශාවට හරවා තිබුණි. එම ආකාරය 3 රූපයෙන් පෙන්වා ඇත.

මෙය ඉතාම වැරැදි සංකල්පයකි. ඉඩම අනුදිශාගත වූ බැවින් නිවසේ දොරටු ප්‍රධාන දිශාවලට හැරවීමට අත්තිවාරම ඇඳට දැමීමට කිසිදු වාස්‌තු උපදේශකවරයකු උපදෙස්‌ දෙන්නේ නැත. මින් ප්‍රධාන ද්වාරයේ පමණක්‌ නොව වෙනත් දෝෂද නිවසේ හටගැනීම සිදුවේ. තවද මෙම දොර නිවස තුළට විවෘත වන්නේ ඔරලෝසුවේ කටු කැරකෙන අතට ප්‍රතිවිරුද්ධ දිශාවටය. නමුත් මෙම නිවස අනුව මෙම ප්‍රධාන දොර කිසිසේත්ම ගලවා වෙනස්‌ කළ නොහැකිය. මන්ද එය ඉතා විශාල වියදමක්‌ දරා සකස්‌ කර තිබීමත් එය ගලවා නැවත වෙනස්‌ කිරීමට ගියහොත් නිවසට දැඩි හානියක්‌ සිදුවීමත් එමෙන්ම එයට විශාල පිරිවැයක්‌ දැරීමටත් සිදුවීමයි. එනිසා පිරමීඩ වාස්‌තු ආධාරයෙන් දොරෙහි අසුභ ශක්‌තිය ඉවත් කිරීමට පිරමිඩ ක්‍රමය භාවිතා කළේය.

තවද මෙහි ප්‍රධාන දොරටුවට ඉහළින් විශාල ඔරලෝසුවක්‌ සවි කර තිබුණි. ඔබගේ නිවස තුළ කිසිදු උළුවස්‌සකට ඉහළින් ඔරලෝසු සවිකළ නොහැකිය. බොහෝ නිවාසවල මෙලෙස ඔරලෝසු සවි කර ඇති අවස්‌ථා නම් එමටය. එපමණක්‌ නොව කැලැන්ඩර්ද උළුවහුවලට ඉහළින් ඉතාම අසුභය. උළුවහු වලට ඉහළින් මෙවැනි දෑ සවි කිරීමෙන් එම නිවසේ සිටින වැඩිහිටියන්ගේ ආයුෂ අඩුවන බවට චීන ජාතිකයන් අතර විශ්වාසයක්‌ ඇත. එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ මෙම උපකරණ කාලය ගෙවී යන ඒවා බවය. එනිසා ඔබගේ නිවෙස්‌වල මෙවැනි පිහිටීම් ඇත්නම් එම ඔර්ලෝසු කැලැන්ඩර් වැනි දෑ වෙනත් ස්‌ථානයකට මාරු කරන්න. තවද ඒවා සවි කිරීමේදී වසරේ සුභ අසුභ දිශා ගැනද විමසිලිමත් විය යුතුය. එනම් මෙම වසරේ දකුණ, නිරිත, බස්‌නාහිර, වයඹ හා නැගෙනහිර දිශාවල ඔරලෝසු සවි කිරීමෙන් වළකින්න. ඔර්ලෝසු සවි කිරීමට උතුර, ඊසාන හෝ ගිණිකොන දිශා භාවිතා කරන්න. නිදන කාමරයේ ඔරලෝසු කැලැන්ඩර් සවි කරන්නේ නම් නිදන ඇඳෙහි හිස දමන දිශාවේ බිත්තියට ඉහළින්ද මෙවැනි දෑ සවි නොකිරීමටද වගබලා ගන්න.

මොහුගේ ඉඩමේ එක්‌ අන්තයක්‌ පිහි දාරයක්‌ සේ විශාල වී තිබුණි. එය එතරම් සුභ නොවේ. මෙය වාස්‌තු විෂය අනුව වැරැදි පිහිටීමකි. නමුත් කිසිදා ඉඩමක හැඩය වෙනස්‌ කළ නොහැකිය. මෙයද පිරමීඩ තාක්‍ෂණය යොදාගෙන එම අසුභ ශක්‌තිය වෙනස්‌ කළ හැක. මෙහි 4 වැනි රූප සටහනේ නිවසේ පිහිටීම සහ ඉඩමේ හැඩය පෙන්වා ඇත. එය පිරමීඩ වැළලීමෙන් දෝෂය ඉවත් කළ ආකාරය 5 වැනි රූප සටහනේ පෙන්වා ඇත.

යම් ඉඩමක හැඩය අසුභ වුවද එහි ඇති අසුභ ශක්‌තිය ඉවත් කිරීමට පිරමිඩ ශක්‌තිය සමත් වී තිබේ. මින් අනතුරුව ටික දිනක්‌ ගතවන විට මොවුන්ට සිදුවී තිබූ අපහසුතාවන් රැසක්‌ ඉවත්ව ගියේ සිතට විශාල සහනයක්‌ද ලබා දෙමින්ය.


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »