මරු කැදවන වැසිකිළි වළ...

2017-08-28 10:51:00       673
feature-top
ජගත් රැකියාවක්‌ කරන දක්‍ෂ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මව සහ පියා මහගෙදර ජීවත් විය. රාජකරුණා ඊට යාබදව ජීවත් විය. නමුත් හදිසියේම මව රෝගාතුර වී මිය ගියේය. පියාද දැන් අංශභාගය රෝගය වැළඳී රෝද පුටුවට වැටී ඇත. රාජකරුණා සහ ඔහුගේ බිරිඳ ව්‍යාපාරික ලෝකයේ කාර්යබහුල බැවින් තම පියාගේ වැඩ කටයුතුවලට වෙනත් කාන්තාවක්‌ සේවය කළේය. මහ ගෙදර ඇතිවන විවිධ වූ ප්‍රශ්න නිසා ජගත්ටද සිතට සහනයක්‌ නොවීය.

නිවස වෙනස්‌ කිරීමේදී නිවසේ අවසාන කෙළවරක මුල්ල වැසිකිළි වළ සීමාවටම ගෙනත් නවතා ඇත. මින් පසු මෙම නිවසේ සියලු ප්‍රශ්න හටගත්තේය. නිවසේ ප්‍රබල ධන හානි සහ බරපතළ සෞඛ්‍ය ගැටලු හටගැනීම මින් ප්‍රධාන වේ. ඔබ නිවසක්‌ ඉදි කිරීමේදී කිසිදු අවස්‌ථාවක මෙසේ සිදු කිරීමෙන් වළකින්න. මෙහි පළමු පිළියම නම් මෙම වැසිකිළි වළ මෙම ස්‌ථානයෙන් ඉවත්කළ යුතුය. නමුත් එසේ කිරීම විශාල වියදමක්‌ සේම ඉතාම අපහසු කාර්යයකි. ඒනිසා මොවුන්ට ලබා දුන් ප්‍රතිකර්මය ලෙස මෙම වැසිකිළි වළ ඉවත් කළේ නැත. ඔබ දැන් හොඳින් දන්නා ලොව දියුණු තාක්‍ෂණික ක්‍රමවේදයක්‌ වන පිරමීඩ තාක්‍ෂණය යොදාගෙන එහි ඇති සෘණ ශක්‌තිය ඉවත් කර දැමුවේය. එවිට වැසිකිළි වළ ඉවත් කිරීම අවශ්‍ය නැත. සිදුවී ඇති දෝෂය 100 % ක්‌ම ඉවත් වී යයි.

දෙවන කාරණය නම් මෙහි ජීවත්ව මියගිය කාන්තාවගේ සහ දැනට රෝගාතුරව සිටින පුරුෂයාගේ උපන්දින 1957 වසරේය. එනම් ෙµංෂුයි විද්‍යාව අනුව ඔවුන් දෙදෙනාම ඉපදී ඇත්තේ කුකුළාගේ වර්ෂයෙන්ය. එනම් ඔවුන් දෙදෙනාගේම නිල පිහිටා ඇත්තේ නිවසේ බස්‌නාහිර දිශාවේ 252.50 ත් 277.50 අතරය. නිවස ප්‍රතිසංස්‌කරණයෙන් පසු ළිප වැටී තිබුණේ මෙම අංශක ප්‍රමාණය අතර සීමාවේය. මින් ඔවුන් දෙදෙනාගේම ශක්‌තිය හීන වී යයි. එනම් ඔවුන් දෙදෙනාම දැවී පිළිස්‌සී යන තරමට කඩා වැටේ. කිසිදු අවස්‌ථාවක නිවසේ ජීවත්වන ප්‍රධානීන්ගේ නිල අපිරිසිදු නොවිය යුතුය. එනම් ළිප, නාන කාමරය, වෙනත් අපද්‍රව්‍ය හෝ කුණු බාල්දි වැටීම කොහෙත්ම සුදුසු නොවේ. මෙහිදී නම් මෙම ස්‌ථානයේ ළිප වෙනත් ස්‌ථානයකට ගෙන යා යුතුමය. එසේත් නැතිනම් මෙම ස්‌ථානයේ ළිප භාවිත නොකොට වෙනත් ස්‌ථානයක ගෑස්‌ ලිපක්‌ සකස්‌ කර ගත යුතුය.

තවද මොවුන් භාවිත කළ කාමරයේ ඇඳට ඉහළින් විශාල බාල්කයක්‌ ගොස්‌ තිබුණි. කිසි විටකත් ඇඳට ඉහළින් බාල්ක තිබීම කොහෙත්ම සුදුසු නොවේ. විශාල බාල්ක නොවුණත් සමහර නිවෙස්‌වල මදුරු දැල් සවි කිරීම සඳහා වෙනත් යකඩ පොලු සවිකර ඇති අවස්‌ථාද මා දැක ඇත. හැකි නම් ඇඳ එම ස්‌ථානයෙන් ඉවත් කළ යුතු අතර එසේ නොහැකි නම් ඔබට 5 වින්චයිම් සීනු සවි කිරීමෙන් එහි එන අහිතකර කිරණ ශක්‌තිය මැඬලිය හැක. වෙනත් කාරණා කිහිපයක්‌ ඔබට කියනවා නම් සෑම අවස්‌ථාවකම ඇඳ යට හිස්‌ කර තැබිය යුතුය. බොහෝ නිවෙස්‌වල සියලුම පරණ බඩුq ඇත්තේ ඇඳන් යටය. මෙය ඉතාම අසුබය. මෙසේ තැබීමෙන් අඹු සැමියන් අතර ගැටුම් ඇතිවීම, මානසික පීඩාවන්ට ලක්‌ වීම සිදු වේ. තවත් එකA කාරණයක්‌ නම් නිදන ඇඳ කිසි විටකත් මුහුණ බලන කණ්‌නාඩියකින් පෙනෙන අයුරු තැබීමෙන් වළකින්න. මෙවන් පිහිටීමකින් බොහෝ විට පවුල් ජීවිතයකට තුන්වැනියකු පැමිණීම සිදුවී පවුල් විනාශ වී යයි. කණ්‌ණාඩිය ඉවත් කිරීමට නොහැකි නම් ඝනකම් තිර රෙද්දකින් වසා තබන්න.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »