පඩිපෙළ වමට කරකවන්න එපා

2017-09-04 10:24:00       674
feature-top
කොළඹ ප්‍රදේශයේ කඩසාප්පු සංකීර්ණයකින් යුත් විශාල ගොඩනැඟිල්ලක ඉතා විශාල ලෙස ආදායම් අඩු එක්‌ වෙළඳසලක්‌ පරීක්‍ෂා කිරීමට ගියෙමු. එම ගොඩනැඟිල්ලේ විශාල කඩ කාමර ප්‍රමාණයක්‌ කුලී පදනම මත වෙළෙන්ඳන් ලබාගෙන ඇති අතර සම්පූර්ණ ගොඩනැඟිල්ලේ මුහුණත උතුරු දිශාවට මුහුණ ලා පිහිටා තිබුණි. ඕනෑම ගොඩනැඟිල්ලක පිහිටි කඩ කාමර වල වෙන් වෙන් වශයෙන් සුභ හා අසුභ ශක්‌තීන් ලෙස බෙදී වෙන්වී ඇත. එහිදී ඇතැම් කඩ කාමර සුබ වන අතර ඇතැම් කඩ කාමර අසුභ ශක්‌තීන් සැරිසරයි. ඔබ යම් ගොඩනැඟිල්ලකින් කඩ කාමරයක්‌ තෝරන්නේ නම් එහි ඇති සුබ ශක්‌තීන් සහිත කඩ කාමර තේරීම පළපුරුදු වාස්‌තු හෝ ෆෙංෂුයි උපදේශකවරයෙකුට පුළුවන.

මොවුන් තෝරාගෙන තිබුණේ ගොඩනැඟිල්ලේ මැද කොටසෙහි මහල් දෙකකින් යුත් කඩ කාමරයකි. මෙහි 2024 දක්‌වා කාලය තුළ සොර සතුරු විපත්, මෙහි සිටින අයට නීතිමය ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවීම සහ අනවශ්‍ය ලෙස අධික වියදම් සිදුවීමේ ශක්‌තියක්‌ මෙහි සැරිසරයි. මේ සඳහා විවිධ වූ ප්‍රතිකර්ම යෙදීමෙන් (කැඩීම් බිඳීම්වලින් තොරව) මෙහි වූ අසුභ ශක්‌තිය පාලනය කළ හැක. එමගින් මෙහි ආදායම් තත්ත්වය ඉහළට ගැනීමේ හැකියාව ඇත. සමහර ව්‍යාපාරවල සේවකයන් කොතරම් මහන්සි වුවද, පුවත්පත් හෝ රූපවාහිනී දැන්වීම් මගින් ප්‍රචාරක කටයුතු ලබා දුන්නද ඔවුන්ගේ ව්‍යාපාරයේ සිතූ තරම් ලාභ ලැබෙන්නේ නැත. බොහෝ විට ව්‍යාපාරය වැසීමට නොහැකි කමට පාඩුවට සිදු කරගෙන යන අවස්‌ථාද ඕනෑ තරම්ය. ඒනිසා මේ පිළිබඳ ඔබ දෙවරක්‌ සිතිය යුතුය. මෙහිදී ඕනෑම දෝෂ සහිත ගෙඩනැඟිල්ලක්‌ යම් මට්‌ටමකට ඉහළට ගැනීමේ හැකියාව එහි ප්‍රතිකර්ම යෙදීමෙන් පුළුවන.

මෙම කඩ කාමරයේ ඉහළ මහළයට නගින පඩිපෙළ ප්‍රධාන දොර කෙළින් දමා තිබූ අතර එහි පළමු කොටස නැඟ හැරිය යුත්තේ ඉහළට නගින අයගේ වම් අත දෙසටය. එනම් එහි දෝෂ දෙකකි. ප්‍රධාන දොර ඉදිරියේ පඩිපෙළ වැටී තිබීම එක්‌ දෝෂයකි. පඩිපෙළ වාමාවර්තව කැරකී තිබීම තවත් දෝෂයකි. මෙවැන්නක්‌ වෙනස්‌ කිරීම ඉතාම අපහසු කාර්යයකි. මෙහිදී දැන් ඔබ හොඳින් දන්නා පිරමීඩ වාස්‌තු ආධාරයෙන් කිසිම කැඩීමක්‌ බිඳීමක්‌ නොමැතිව පඩි පෙළෙහි වූ දෝෂය 100% ක්‌ම ඉවත් කිරීමේ හැකියාව ඇත. එනම් ඔබ හොඳින් මතක තබාගත යුතු කාරණයක්‌ වන්නේ කිසිදු හේතුවක්‌ මත නව නිවසක්‌ ගොඩනැඟීමේ දී ප්‍රධාන දොර ඉදිරියේ පඩිපෙළක්‌ නොයෙදීමත්, කිසිවිටකත් පඩිපෙළක්‌ වාමාවර්තව කැරකී නොතිබීමත් යන කරුණු දෙකය.

වමට කැරකී ඇති පඩිපෙළක පිරමීඩ වාස්‌තු ආධාරයෙන් දෝෂ ඉවත් කිරීමට පිරමීඩ යොදා ඇති ආකාරය

ප්‍රධාන දොර ඉදිරියේ පඩිපෙළ දැමීමෙන් ගොඩනැඟිල්ලට ඇතුල්වන නැවුම් ශක්‌තිය පඩිපෙළ ඔස්‌සේ ඉහළට යන අතර ගොඩනැඟිල්ල තුළ විසිරී යැම සිදු නොවේ. එවිට එහි සුබ ශක්‌තිය වර්ධනය නොවේ. පඩිපෙළ වමට කරකවා තිබීමෙන් එහි බොහෝ දෑ අනිත් පැත්තට කැරකීම සිදුවේ. එනම් ඔවුන් සමඟ ව්‍යාපාරික කටයුත්තක්‌ කතා කර යන පුද්ගලයා නැවත නොපැමිණීම, ණයට බඩු ලබාගන්නා අය නැවත ඒවා නොගෙවීම වැනි විශාල පාඩු රැසක්‌ සිදුවේ.

තවද මෙම ව්‍යාපාරයේ හිමිකරු භාවිතා කරන ලද්දේ ගිණිකොන දිශාවේ කාමරයක්‌ වන අතර ඔහු මුහුණ ලා සිටි දිශාවද උතුරය. මෙහි සැරිසරන ශක්‌තිය පිළිබඳ ගණනය කිරීම් කළ විට මෙහි ඇති ඉතාම අසුභ කොටස වන්නේ ගිණිකොන කොටසයි. එපමණක්‌ද නොව මෙහි අයිතිකරු 1974 මාර්තු 26 ඉපදුන අයෙකි. එනම් මොහුටද ගණනය කිරීම්වලදී හෙළි වන්නේ මොහුගේත් පෞද්ගලික නරකම දිශාව ගිණිකොන දිශාව බවයි. ඒනිසා එම කාමරයෙන් ඔහුට විපත් හැර ලාභයක්‌ සිදු නොවේ. ඉන්පසු සුදුසු ස්‌ථාන තෝරා දී විවිධ වූ ස්‌ථානවල තිබූ සුබ ශක්‌තිය වර්ධනය කිරීමටත් අසුභ ශක්‌තිය ඉවත් කිරීමටත් විවිධ වූ ප්‍රතිකර්මයන් රැසක්‌ යෙදීය. ගොඩනැඟිල්ලෙන් ගොඩනැඟිල්ලකට ශක්‌තීන් වල සංයුතිය වෙනස්‌ වේ. මෙම ගොඩනැඟිල්ලේ ගිණිකොන දිශාව අසුභ වුවත් වෙනත් ගොඩනැඟිල්ලක ගිණිකොන දිශාව සුභ වේ. මොහුට පෞද්ගලිකව උතුරු දිශාව අසුභ බැවින් ඔහු මුහුණ ලා සිටින දිශාවද වෙනස්‌ කළෙමු. ඔබ විශාල වියදම් දරා ව්‍යාපාර හෝ නිවාස ගොඩනඟා ගත්තද එහි සුභ වාසනා ගුණය වැඩි කරමින් අසුභ ශක්‌තීන්වලට ප්‍රතිකර්ම ලබා නොදෙන්නේ නම් එහි විශාල දියුණුවක්‌ දැකීම ඉතාම අපහසුය.


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »