දොස්‌ වැඩිනම් නිවසේ වැඩ අතර මගනවතී

2017-09-11 11:34:00       673
feature-top
අසංක සහ පියා එකතුවී සුළු සුළු ව්‍යාපාර කිහිපයක්‌ කරමින් සෙමෙන් සෙමෙන් පවුලේ බර නිදහස්‌ කරමින් නිවසක්‌ද තනා පදිංචියට පැමිණියේය. නිවසට පැමිණ දැනට වසර 5 ක්‌ ගතවුවද නිවසට පැමිණි පසු නිවසේ ඉතිරිව තිබු කිසිදු වැඩක නිම කරගැනීමට නොහැකි විය. කොතරම් මුදල් ලැබුණද කුමන හෝ හේතුවක්‌ මත එය වියදම් වීමත් ලැබෙන මුදලින් නිවසේ වැඩක්‌වත් කරගැනීමට නොහැකි තත්වයක්‌ තිබුණි. ඉන් පසු අසංක ඩුබායි දේශයේ රැකියාවක්‌ ස`දහා පිටත් වන්නේ නිවසේ වැඩ අවසන් කර ගැනීමට මුදල් එවීමේ බලාපොරොත්තුවෙනි. නමුත් අසංක විදෙස්‌ ගතවී මාස 3 ක්‌ ගත වීමට මත්තෙන් ඔහුගේ පියා හදිසි අනතුරකට මුහුණ දුන්නත් එහි විශාල බරපතලකමක්‌ අසංකට නොදැන්වූයේය. නමුත් අසංක එවන සියලු මුදල් පියාගේ අසනීප තත්ත්වයට වියදම් වීමත් පියාට රැකියාව කරගැනීමට නොහැකි වීම නිසා එම මුදල් නිවසේ වියදමටත් ලබා ගැනීමට සිදුවිය. අසංක වසර 2 කට පසු ලංකාවට පැමිණි විට දුටු දෙයින් ඔහුගේ ඇස්‌ අදහාගත නොහැකි විය. ඔහුගේ නිවසේ කිසිදු කටයුත්තක්‌ සිදුවී නැත. පියා දුටු ඔහු තවත් දුකට පත් විය. ඔහු විදේශයේ ඉන්නා කාලයේදීම මා අමතා ඔහුගේ නිවස පරීක්‍ෂා කිරීමට ඔහු දින යොදාගෙන තිබුණි.

ඔහුගේ නිවසට ඇතුල්වනවාත් සමගම පිටතින් පෙනෙන සුන්දරත්වය එහි ඇතුළත නොමැති බව හොඳින් වැටහේ. නිවස තුළ කිසිදු කොටසක්‌ කපරාරු කර නොමැත. ඔවුන් වරද්දාගත් පළමු තැන එතනය. මන්ද කිසිදු නිවසක්‌ ඇතුළත කපරාරු කිරීමෙන් තොරව පදිංචි වීමෙන් එහි ඉතිරි වැඩ කල් ගත වීම සාමාන්‍යය දෙයකි. ඔවුන්ට ලැබුණු නැකැත් අනුව නිවසට පදිංචියට පැමිණියද ඉන් පසු කිසිදු කටයුත්තක්‌ සිදු කර නොමැත. එනම් ඔබ හොඳින් මතක තබාගත යුතු කරුණක්‌ වන්නේ නිවසක ඇතුළත බිත්ති වල වැඩ අවසන් කිරීමෙන් අනතුරුව නිවසකට පදිංචියට පැමිණිය යුතුය. සැබෑවටම නිවසක වැඩ අවසන් නොකර පදිංචියට යැමත් හෝ නිවසක වාසය කරමින් එහි වැඩ අවසන් කිරීමට උත්සහ කිරීම විවිධ දෝෂ ගෙනදේ.

නිවසේ දිග පළල ගණනය කිරීමෙන් නිවසේ බ්‍රහ්මපාදය සෙවූ විට එය හරියටම පඩිපෙළ යටට වැටී තිබුණි. එවිට මට සිතුනේ පියා ඔහොම හරි බේරුණ එක ඔවුන්ගේ පෙර පිනක්‌ බවයි. මන්ද කිසිදු නිවසක බ්‍රහ්මපාදය පඩිපෙළක්‌ යටට වැටීම සුදුසු නොවේ. එය නිවසේ ප්‍රධානියාට බරපතල දෝෂ ගෙන එන්නකි. හදිසි අනතුරු, හදවත් අමාරු හෝ කොඳු ඇටපෙළ ආශ්‍රිත අසනීප ඇතිවීම සාමාන්‍ය දෙයක්‌ බවට පත්වන්නේ මෙවැනි දෝෂයකිනි. නමුත් නිවස සැලසුම් කළ ශිල්පියා ඔවුනට කියා තිබුණේ නිවසේ හරි මැද පෑගීම යෝග්‍යය නොවන බවත් පඩිපෙළ යටට ගිය විට එය නොපෑගෙන බවත්ය. ඔහු නිවාස සැලසුම් ශිල්පය හදාරා තිබෙන්නට පුළුවන. නමුත් වාස්‌තු විද්‍යාව යනු ශාස්‌ත්‍රයකි. එය පරම්පරාවෙන් හෝ වාස්‌තු ශාස්‌ත්‍රය දන්නා නියම ගුරුවරයකුගෙන් ලබා ගත හැකි ශිල්පයකි. මා මීට පෙරද මෙම පුවත්පත තුළම මෙම කරුණු ඔබට පැහැදිලි කළේය. වාස්‌තු විද්‍යානුකූලව නිවාස සැලසුම් යනුවෙන් රටපුරා අනන්තවත් දැන්වීම් පුවරු දැකගත හැක. නමුත් ඔවුන් වාස්‌තු ශාස්‌ත්‍රය හදාරා ඇතිදැයි ප්‍රශ්නය මතුවන්නේ සෑම නිවාස පරීක්‍ෂා කිරීමට වාස්‌තු උපදේශකවරයෙකු ගිය විටය. එනිසා නව නිවසක්‌ ගොඩනගන්නේ නම් වාස්‌තු ශිල්පියෙකුගේ සහ සැලසුම් ශිල්පියාගේ යන දෙදෙනාගේම සහාය ලබාගැනීම ඔබ බුද්ධිමත් විය යුතුය.

මෙහිදී මෙම දෝෂය ඉවත් කළ හැකි ආකාර දෙකකි. පළමු ක්‍රමය නම් නිවසේ වර්ගඵලයට වෙනස්‌ කිරීමෙන් බ්‍රහ්මපාදය පඩිපෙල යටින් වෙනත් ස්‌ථානයකට ගැනීම. මේ ස`දහා නිවසේ පළමු අත්තිවාරමට සම්බන්ධ වූ අත්තිවාරම් කොටසක්‌ එකතු කිරීමෙන් බ්‍රහ්මපාදය වෙනත් ස්‌ථානයකට ගත හැක. මෙහිදී නිවැරදි වර්ගඵලය ගණනය කළ යුතු අතර ගිනිs කතිර දෝෂයට නාන කාමරය වල කොමඩ් කැපීම, පෝරණුව කැපී යාම, ප්‍රධාන දොර හෝ නිවස තුළ අනෙක්‌ උළුවහු කැපී නොයන පරිදි එය සිදු කළ යුතුය. දෙවන ක්‍රමය නම් පිරමීඩ වාස්‌තු ආධාරයෙන් කිසිදු කැණීමක්‌ බෙදීමක්‌ හෝ කොටස්‌ එකතු කිරීමකින් තොරව දෝෂ ඉවත් කිරීමද සිදු කළ හැක. නමුත් ඔහුගේ වත්තේ විශාල ඉඩ ප්‍රමාණයක්‌ තිබූ බැවින් අත්තිවාරම් කොටසක්‌ මගින් බ්‍රහ්මපාද දෝෂය ඉවත් කළේය. කොළඹ ප්‍රදේශයේ ඇති බොහෝ නිවාස වල ගෙවත්තේ ඉඩ නොමැති බැවින් එහිදී පිරමීඩ වාස්‌තු ක්‍රමය පහසුවේ.

තවද අසංකගේ නිවසේ විශාල මාළු ටැංකියක්‌ තබා තිබුණි. අසංකගේ දෛව සටහන් පරීක්‍ෂා කිරීමේදී දැකගත හැකි වූයේ විශාල ලෙස ජල ධාතුවේ වැඩි බවත් තිබුණු බවයි. නිවසක ජල ධාතුව තැබීමේදී ඔහුගේ දෛව සටහන් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ජලය තැණීම කළ යුතුය. මොහුගේ ජල ධාතුව ධනය ස`දහා විශාල ලෙස බලපා තිබුණි. මොහුගේ දෛව සටහනේ ජල ධාතුව වැඩි විට නිවස තුළද විශාල ලෙස ජලය තැබීමෙන් අසංකට විශාල ලෙස ධන හානි පැමිණිය හැක. එනිසා ඔබ නිවසක්‌ තුළ ධාතු තුලනය කිරීමේදී හිතු මතේට ධාතු වර්ග තැබීමෙන් වැළකිය යුතුය.


වැඩිදුර උපදෙස්‌ සඳහා
දුරකථනය -0776116229

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »