නිවසේ ඉඩ අඩුනම් දෝෂ වැඩියි

2017-09-18 11:33:00       672
feature-top
ඉතා සීමිත බිම්කඩක ඉදිවන නිවාස විශාල ප්‍රමාණයක්‌ අපට හමුවන්නේ කොළඹ ප්‍රදේශයෙනි. මන්ද එහි ඉඩම්වල වටිනාකම් ඉතාම ඉහළ අගයක්‌ ගන්නා බැවින් අපට නිතර මුණගැහෙන බොහෝ නිවාසයන් පර්චස්‌ 6, 7, 8 වේ. ඉඩමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතා ඉඩමේ මායිම්වලටම වන පරිදි නිවස සකස්‌ කරන බොහෝ දෙනෙකු ඉන් අපට හමුවේ. මෙහිදී එම නිවාසවල විශාල වාස්‌තු දෝෂයන් රැසක්‌ සහ එහි ජීවත් වන අයගේ ජීවිතය කඩාවැටී තිබීම එනම් ව්‍යාපාර කඩාවැටීම, පවුල් කඩාවැටීම, විවිධ වූ අසනීපයන්ට ගොදුරු වීම වැනි දේ සාමාන්‍ය වේ. බොහෝ නිවාසවල වැසිකිළිය පමණක්‌ නොව වැසිකිළි වලද නිවස අත්තිවාරම් සීමාවේ තිබීම බරපතල දෝෂයකි. නමුත් තවමත් සමහරුන් මේ පිළිබඳ සැලකිල්ලක්‌ නොමැත.

අප යන්නේ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි ඉතා ඉහළ මට්‌ටමින් ව්‍යාපාර කර වසර දෙකක්‌ පමණ කාලය ඇතුළත සීඝ්‍ර කඩාවැටීමකට ලක්‌වූ අයෙකුගේ නිවසක්‌ පරීක්‍ෂා කිරීමටය. ඔහුගේ සම්පූර්ණ ඉඩමම පර්චස්‌

7.2 කි. නිවස ඉදිරිපස තාප්පය හා නිවසේ අත්තිවාරම අතර පරතරය අඩි 3 යි අඟල් 5 කි. ඉඩමට ඇතුළුවන අඩි

12 කින් සමන්විත වන ගේට්‌ටුව දකුණු අත සීමාවේ තාප්පයේ සිට අඩි 1 ක්‌ පමණ බිත්තිය බැඳ සවිකර තිබුණේය. එය එල්ලේම ඉදිරි දොර සවිකර තිබුණේය. නිවසේ දකුණු අත සීමාෙච් තාප්පයේ සිට අඩි 2.5 ක්‌ තබා නිවස අත්තිවාරම මුල්ලේම දොර තබා තිබුණි. එම පිහිටීම්වල දෝෂ එකක්‌ නොව කිහිපයකි. එනම් ගේට්‌ටුව තැබීමේදී ඉඩමේ පාද බෙදීම වැරදිය. දොර තැබීමේදී අත්තිවාරම් සීමාවේ පාද බෙදා සුබ පාදයකින් දොර තබා තිබුණේ නැත. නිවස මුල්ලේ දොර තැබීමෙන් දොර ගිනි කතිර දෝෂයට හසුවී තිබීම සහ ගේට්‌ටුව සහ ප්‍රධාන දොර එක එල්ලේ පිහිටීම වැනි දෝෂ රැසකි. ඔහු දොරට සහ ගේට්‌ටුවට විශාල වියදමක්‌ දරා සකස්‌ කර තිබුණි. එය සාමාන්‍ය ගේට්‌ටුවක්‌ද නොවේ. විදුලි බලයෙන් ක්‍රියා කරන නවීන පන්නයේ ගේට්‌ටුවකි.

මෙහිදී මෙම සියලුම දෝෂ ඉවත්වන ලෙස දොර සහ ගේට්‌ටුව තැබීමට නම් මේවා සියල්ල නැවත ගළවා වෙනස්‌ කළ යුතුය. නමුත් මෙය අති විශාල වියදමකි. නිවසටද දැඩි සේ හානි පැමිණේ. උතුරු දිශාවට මුහුණ ලා තිබූ මෙම නිවසේ දොර තබනවා නම් වඩාත්ම ගැළපෙන්නේ අත්තිවාරම් සීමාව සමාන පාද 9 කට බෙදා නිවස තුළ සිට බලන විට වම් අත සිට 3 හෝ 4 පාදවල දොර තැබීමය. නමුත් ඔහුට මේවා ගලවා වෙනස්‌ කිරීම අති දුෂ්කර වූ හෙයින් ඔබ දැන් හොඳින් දන්නා පිරමීඩ වාස්‌තු ආධාරයෙන් දොරෙහි වූ අසුබ ශක්‌තීන් සුබ අතට හරවන පිරමීඩ ශක්‌තිය ස්‌ථාපනය කළේය. ඒ සඳහා දොර ගලවා ඉවත් කළේ නැත. ගේට්‌ටුවෙහිද පිරමීඩ මගින් දෝෂ ඉවත් කළේය. දොර සහ ගේට්‌ටුව එක එල්ලේ පැවතීම හේතුවෙන් එම දෝෂය ද පිරමීඩ ආධාරයෙන් ඉවත් කිරීම සිදු කළේය. මෙය ලොව පිළිගත් 100% ක්‌ සාර්ථක ක්‍රමයකි.

ගේට්‌ටුවක්‌ සහ දොරක්‌ එක එල්ලේ පිහිටීම මගින් එම නිවසේ ධනය වේගයෙන් හිස්‌වීමත් තමන්ගේ දේපළ පවා විකිණීමටත් සිදුවන අවස්‌ථා උදාවේ. මෙම ව්‍යාපාරිකයා මුලදී ජීවත් වන්නේ තමන් කුඩා කළ සිටම ජීවත් වූ නිවසේය. ඉන් දියුණු වූ මොහු තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හේතුවෙන් එම ප්‍රදේශයේ ඉඩමක්‌ මිලදීගෙන ඉතා ඉක්‌මනින් අලංකාර නිවසක්‌ තනා පදිංචි වන්නේය. පදිංචියට පැමිණ වසර දෙකක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ ඔහුගේ ව්‍යාපාරය සැළකිය යුතු අන්දමින් කඩා වැටෙන්නේ ඔහුගේ විවිධ උත්සාහයන්ද පරාජය කරමිනි. ඔහුගේ උපන්දිනය 1977 - 03 - 29 වන දිනය. මොහුගේ උපන්දිනය අනුවද මොහුට බරපතල ධන හානි සහ අනාගතයේ සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවධානමද වැඩිය. ඒ සඳහා ඔහුගේ පෞද්ගලික වාසනාව වැඩි කිරීමටත් ඉහත වූ අඩුව පිරවීමටත් පිරමීඩ කාඩ්පත බලගන්වා ඔහුට ලබා දුනිමි. දැන් නැවතත් ඔහුගේ ව්‍යාපාර බොහෝම සාර්ථක මට්‌ටමින් කරගෙන යන බව ඔහු අපහට දැනුම් දෙන්නේ හද පිරි සතුටිනි.

පිරමීඩ යෙදූ දොරවල් කිහිපයක්‌ රූප සටහන්වල පෙන්වා ඇත.

වැඩිදුර උපදෙස්‌ සඳහා දුරකථනය -0776116229

More News »