වැරැදි වාස්‌තු ඔබේ ධනයත් පවුලත් විනාශ කරයි

2017-09-25 10:12:00       555
feature-top
මා අද ඔබට කියන්නට යන්නේ කොළඹට නුදුරු ප්‍රදේශයක එක්‌තරා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු පිළිබඳවයි. තමාගේ මුල් නිවසින් ව්‍යාපාරික ලෝකයට පිවිස ඉතා හොඳින් ව්‍යාපාර දියුණු කරගත් ඔහු විවාහ වී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසාම කොළඹට නුදුරු ප්‍රදේශයේ එක්‌තරා නිවසක්‌ මිලදීගෙන පදිංචියට පැමිණෙන්නේ 2015 දෙසැම්බර් මාසයේය. නව නිවසට පැමිණ වසර එකහමාරක්‌ පමණ ගත වන විට ඔහුගේ ව්‍යාපාරයේ ආදායම සෙමෙන් සෙමෙන් අඩු වන්නට විය. ලැබෙන මුදල් කිසිදු ඉතිරියක්‌ නොමැතිව කුමන හෝ කාරණාවක්‌ නිසා වියදම් වන්නට විය. බිරිඳ ද ඔහු සමඟ නිතර නිතර අඬදබර විය. ව්‍යාපාරයේ සිදුවන විශාල පාඩු නිසා ඔහුගේ එක්‌ වාහනයක්‌ද විකුණා දමා තිබුණි. 

ඔහුගේ නිවස පරීක්‍ෂාවට බඳුන් වන්නේ 2016 සැප්තැම්බර් මාසයේය. නිවසේ වාස්‌තු බැලීමට ඔහුගේ බිරිඳගේ දැඩි විරෝධයක්‌ද පැවතුණි. නිවසේ දෝෂ 

රැසකි. ගේට්‌ටුවේ පාද බෙදීම වැරැදිය. ප්‍රධාන දොරෙහි පාද බෙදීම වැරැදිය. නිවසේ වර්ගඵලය වැරැදිය. ඊසාන දිශාවේ ගරාජය පිහිටුවා ගරාජය යට වැසිකිළි වළ පිහිටුවා තිබුණි. එහි දෝෂ කිහිපයකි. නිරිත දිශාවේ කුස්‌සිය සහ නිවසේ කතිර රේඛාවට හසුවන පරිදි කොමඩ් එක සවිකර තිබුණි. නිවසේ මධ්‍ය බිත්තිවල එක එල්ලේ උළුවහු 3 කි. ඔවුන් දෙදෙනාගේ නිදන කාමරයේ ඔවුනට සහ නිවසේ අසුබම දිශාවට හිස දමා නිදාගෙන තිබුණි. කුස්‌සියේ රයිස්‌ කුකරය සම්බන්ධ වන්නේද නිවසේ ප්‍රධානියාට අවාසනාව කැන්දන ලෙසිනි. එපමණක්‌ද නොව පඩිපෙළ කැරකී තිබුණේද වාමාවර්තවය. නමුත් නිවස මිලදී ගැනීමේදී ඔවුනට මෙම නිවසේ සැලැස්‌ම ලැබී තිබුණි. එය වාස්‌තු විද්‍යානුකූලව නිවාස සැලසුම් යනුවෙන් පුවරු සඳහන් කර ඇති අයෙකු විසින් ඇඳ තිබුණි. 

මෙම කරුණ ඔබ හොඳින් මතක තබාගත යුතුය. වාස්‌තු විද්‍යාව ශාස්‌ත්‍රයකි. අප ශ්‍රී ලංකාව පුරා නිවාසවල වාස්‌තු පරීක්‍ෂා කිරීමට යැමේදී එම නිවසේ අයට අත්වී ඇති ඉරණම දෙස බැලූ විට අපට කැපී පෙනෙන කාරණාව නම් එම සැලසුම්වල වාස්‌තු වැරැදි බොහෝ ඇති බවයි. ඔබට දියුණුවේ මාවතට ගෙන යැම සේම ඔබව විනාශ කිරීමේ හැකියාවද ඔබේ නිවසේ වාස්‌තු විෂයයට පුළුවන. මෙම නිවසේ වැරැදි වෙනුවෙන් එම නිවස ගලවා වෙනස්‌ කිරීමේ හැකියාවක්‌ නොතිබුණි. කැඩීම් බිඳීම් නොකර පිරමීඩ සවි කිරීමට එම අවස්‌ථාවේ ඔහුට හැකියාවද නොතිබුණි. 

2016 ජුනි මාසයේ ඔහුගෙන් දුරකතන ඇමතුමක්‌ ලැබුණි. නිවසේ පිරමීඩ සවි කිරීමට අපි ගියෙමු. පිටත් වී පැයක්‌ පමණ ගතවන විට අපගේ වාහනයට විරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක්‌ වාහනයේ ගැටුණේ ඔහුගේ නිවසට යන අතරමඟදීය. බොහෝ වේලාවක්‌ ප්‍රමාද වී අප ඔහුගේ නිවසට ගිය විට මාගේ ශරීරයට දැඩි අපහසුතාවන් රැසක්‌ දැණුනි. අවස්‌ථා කිහිපයකදී විදුලි බලයද ඇණහිටියේ ඔහුගේ කර්මය වෙනස්‌ කිරීමට ඉඩ නොදෙන බවට විවිධ වූ නොපෙනෙන ශක්‌තීන්ගෙන් බලපෑම් එල්ල කරන බව අපට පසක්‌ කරමිනි. පිරිත් කියා ආගමික වතාවත් සහ විවිධ වූ මන්ත්‍ර කිහිපයක්‌ කියා ඔහුගේ නිවසේ සියලු දෝෂ ඉවත් කිරීම සිදු කළේය. නමුත් අවාසනාවක මහත වූයේ එම අවස්‌ථාව වන විට ඔහුගේ බිරිඳ ඔහුව අතහැර ඇයගේ මව ළඟට ගොස්‌ තිබීමයි. දරුවන් දෙදෙනා සමඟ ඔහු නිවසේ හුදකලා වී සිටියේය. 

පඩිපෙළ අසළ පීඩාවට පත්වූ බ්‍රහ්මපාදය 

නමුත් මේ වන විට ඔහුගේ බිරිඳ නැවත නිවසට පැමිණ ඇත. බිරිඳගේ වේලාව ඉතාම හො`දය. නමුත් මීට පෙර මෙම නිවසේ දෝෂ වැඩි හෙයින් විශ්වය ඇයට මෙම නිවසේ වාසය කරන්නට දෙන්නේ නැත. මන්ද නිවස දෝෂ සහගත බැවින් එහි බලපෑම් නිවසේ සියලු දෙනාට පැමිණෙන බැවිනි. දැන් ඔහුගේ ව්‍යාපාර කටයුතුද යම් මට්‌ටමකින් ඉහළට පැමිණෙන බවත් ඔහුගේ ලොකු දුවගේ අධ්‍යාපන කටයුතුද වෙනදාට වඩා ඉහළ මට්‌ටමට පැමිණ ඇති බවත් ඔහු මා සමඟ පැවසූවේ බොහෝම නිහතමානීවය. 

යම් වාස්‌තු ශාස්‌ත්‍රය දන්නා අයෙකු ඔබගේ නිවසට පැමිණ එහි දෝෂ පවසනවා යනු ඔබගේ කර්මය වෙනස්‌ කිරීමේ විශාල කාර්යයක ඔහු නිරත වන බව ඔබ මතක තබාගත යුතුයි. ඉන් ඔහුටද විවිධ වූ බලපෑම් රැසක්‌ එල්ල වන බවද රහසක්‌ නෙවේ. එම නිසා ඔබද මතක තබාගත යුතු විශේෂ කරුණකි. ඔබ යම් යම් වාස්‌තු විෂය පිළිබඳ කොටස්‌ දන්නේ නම් ඔබගේ හිතවතෙකුට ඔහුගේ නිවසේ ඇති දෝෂ පිළිබ`ද පැවසීමෙන් හෝ එම දෝෂ ඉවත් කිරීමට යැමෙන් ඔබට විශාල කරදර රැසක්‌ පැමිණේ. මන්ද එයින් එන බලපෑම්වලින් මිදීමට ඔබට යම් ආරක්‍ෂිත ක්‍රමවේදයන් නොමැති නිසාවෙනි. 


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »