ව්‍යාපාරයේ තැන මාරු කරන්නේ ප්‍රවේසමෙන්

2017-10-02 11:08:00       558
feature-top
සමන් තමන්ගේම කියා කුඩාවට මුද්‍රණ ආයතනයක්‌ පටන් ගන්නේ එක්‌ ඡායා පිටපත් යන්ත්‍රයකින් සහ එක්‌ පරිගණකයක්‌ භාවිතයෙනි. ඉතාම අංලකාරව ග්‍රැෆික්‌ ඩිසයින් කරන ඔහු කුරුණෑගල ප්‍රදේශයේ තවත් මුද්‍රණ ආයතනයක්‌ හා එකතුවී වැඩකටයුතු කරගෙන ගියේය. තමන් සිටි ස්‌ථානය ඉතාම කුඩා එකක්‌ වුවද ඉතා විශාල ලෙස මුද්‍රණ වැඩ ඔහුට ලැබුණි. සමහර දිනවලට ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිත කරන්නේද වෙනත් වැඩ භාරගැනීමට නොහැකි නිසාත් ලබාගෙන තිබෙන වැඩ අවසන් කිරීමත් යන කාරණා හේතු කොටගෙනය. වෙනදා නිවසේ සිට බස්‌ රථයේ පැමිණි ඔහු නවීන පන්නයේ යතුරු පැදියක්‌ ද මිලදී ගන්නේ තමන්ගේ ආදායම් තත්වයන්ගේ තිබුණු සතුටු දායක තත්වයන් උඩය. 

වසර 6 ක්‌ එම ස්‌ථානයේම සිටි සමන්ට ඇතිවූ ඉඩකඩ ප්‍රශ්නය නිසාත් තමන්ගේම කියා ඕµaසෙට්‌ මුද්‍රණ යන්ත්‍රයක්‌ මිලදී ගැනීමට තිබු බලාපොරොත්තුවත් නිසාම ඔහු 2015 වසරේ මැයි මාසයේදී වෙනත් ස්‌ථානයකට ගෙනයන්නේ වෙනදා වෙනත් මුද්‍රණ ආයතනයකින් කරගත් වැඩ තමන්ගේම අලුත් යන්ත්‍රයෙන් කරගැනීමේ බලාපොරොත්තුවෙනි. නමුත් නව ගොඩනැඟිල්ලට ගිය දා පටන්ම වෙනදා මෙන් ඔහුට වැඩ පැමිණියේ නැත. පැමිණෙන අයද වැඩ කතා කර පිටව යන්නේ පස්‌සෙ එන්නම් කියාය. මීට පෙර සිදු කර තිබූ වැඩවලද මුදල් ලැබීමට නියමිතව තිබුණද ඒවාට ඇමතුම් ලබා දුන්නද ඔවුන් ඒ ස`දහාද ප්‍රතිචාර දැක්‌වූයේ නැත. 

ප්‍රධාන දොර හරි කෙළින් පිටුපස දොර හෝ ජනෙල් පෙනීම අසුභයි. මෙය ඉතාම අසුභ පිහිටීමකි. මන්ද මොහුට ඇතිව තිබූ ප්‍රධාන ප්‍රශ්නයක්‌ නම් සමහර පිරිස්‌ පැමිණියද ඔවුන් කතාබහ කර පසුව එන්නම් කියා පිටව යන බොහෝ දෙනෙකු නැවත පැමිණියේ නැත. ළ`ගට එන බිස්‌නස්‌ නැවතත් ආපසු හැරීයාමට ප්‍රධානම හේතුව වූයේ මෙහි ප්‍රධාන දොර කෙළින් පිටුපස ජනේලය පිහිටීමයි. මෙහිදී මෙම ගොඩනැගිල්ල තුළට පැමිණෙන විශ්ව ශක්‌තිය එක එල්ලේම නැවත පිටවී යයි. නිවසකට හෝ ව්‍යාපාරයක්‌ තුළට ඇතුළුවන විශ්ව ශක්‌තිය මුළු ගොඩනැඟිල්ල පුරාම පැතිරිය යුතුය. මෙවැනි පිහිටීම් මගින් එසේ සිදුවන්නේ නැත. මේ ස`දහා ඔහුගේ දැන්වීම් පුවරුවක්‌ ප්‍රධාන දොරත් පිටුපස ජනේලයත් අතර තබා ඉදිරි දොරින් පිටුපස ජනේලය පෙනීම වලකා දැමුවේය. 

ඒ වන විටත් ඔහු ආර්ථික අතින් යම් මට්‌ටමකින් දුර්වල වී තිබූ හෙයින් ඔහුව හැකි ඉක්‌මනින් නැවත ඉහළට ඔසවා තැබීම අනිවාර්යය කාරණයක්‌ විය. මෙම ගොඩනැඟිල්ලේ උතුරු හා නිරිත දිශාවල ධන නිල හෙවත් මනී පොයින්ට්‌ පිහිටා තිබූ බැවින් කෘතීම දිය උල්පත් සහ ධන වාසනාව සහිත ෆෙෂුයි සංකේත තබා එම දිශා ශක්‌තිමත් කළේය. 

ඔහුගේ උපන් දිනය වුයේ 1987 මැයි මස 04 වන දිනය. ෆෙෂුයි විද්‍යාව අනුව ඔහුගේ කුවා අංකය වූයේ 4 ය. ඒ අනුව ඔහුට සුභ දිශා වූයේ උතුර, දකුණ, ගිණිකොන සහ නැගෙනහිර දිශාවයි. එයිනුත් ඔහුට සුභම දිශාව උතුර වූ බැවින් සහ ගොඩනැඟිල්ලේ ධන වාසනාව උතුරු දිශාවට පැවතුන බැවිනුත් වසරේ සුභ දිශාත් ප්‍රයෝජනයට ගෙන ඔහුගේ පරිගණකය සහිත මේසයේ උතුරු දිශාව බලා වැඩකටයුතු කරන ලෙස සකස්‌ කෙරිනි. තවද ෆෙෂුයිහි ගැඹුරු සංයුතීන් අනුව සුභ ශක්‌තිය වර්ධනය කරන ෆෙෂුයි සංකේත අදාළ දිශාවන්ටත් අසුභ ශක්‌තිය මර්ධනය කරන ෆෙෂුයි සංකේත අදාළ දිශාවලටත් සවි කිරීමෙන් මුළු ගොඩනැඟිල්ලම ෆෙෂුයිහි හා පයිරා වාස්‌තු වාසනාවන්ගෙන් පුරවා දමන ලදී. මේ වන විට ඔහු නැවතත් සාර්ථකත්වයට පත්වෙමින් ව්‍යාපාරය කරගෙන යයි. 


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »