ෆෙංෂුයිවලට අනුව නිවස වෙනස්‌ කරන්න

2017-10-17 10:09:00       582
feature-top
අසිතගේ ව්‍යාපාරය වූයේ රෙදි පිළි වෙළ`දාමය. ඔහු මුල් කාලයේදී වෙනත් ව්‍යාපාරිකයකු යටතේ සේවය කර , පසුව ඉන් ඉවත් වී තමන්ගේම කියා ව්‍යාපාරයක්‌ ආරම්භ කරන්නේ පුංචි ලෑලි මඩුවකින්ය. සෙමෙන් සෙමෙන් දියුණු වන ඔහු තම ව්‍යාපාරය නගරයේ ගොඩනැඟිල්ලක කුඩා කොටසක්‌ බද්දට ගැනීමෙන් පුළුල් තත්ත්ව යට පත් කෙරිණි. මේ අතර තුර ඔහුගේ පැරණි නිවසද අලුත්වැඩියා කර සම්පූර්ණ කර තිබුණි. 
 
 වෙනත් අයෙකු යටතේ සේවය කළ ඔහු තමන්ගේම කියා කුඩාවට පටන්ගත් ව්‍යාපාරය යම් තරමකට ඉහළට ගත්තද කාලය ගෙවී යත්ම ව්‍යාපාරයේ යම් බංකොලොත් භාවයක්‌ ඔහුට දැනුණි. බැංකු ණය පවා ගෙවාගන්නට අපහසු තත්ත්වයක්‌ වුණි. ඔහුගේ නිවස හා ව්‍යාපාරික ගොඩනැඟිල්ලේ ඔහුගේ කොටස පරීක්‍ෂා කිරීමට ඔහු තීරණය කරන්නේ ඉන් අනතුරුවය. 
 
 නමුත් ඔහුගේ ව්‍යාපාරික ගොඩනැගිල්ලේ විශාල ගැටලු සහගත තත්ත්වයක්‌ නොවීය. එහි ඔහු සිටි ස්‌ථානයේ ඔහු මුහුණලා සිටින දිශාව ධන වාසනාව සහිත දිශාවකට හරවා ගොඩනැඟිල්ලේ සැමදාටම ඇති මනී පොයින්ට්‌ සහ වසරේ ධන වාසනාව තිබෙන ස්‌ථාන සක්‍රීය කිරීමට ඔහුට උපදෙස්‌ දී ඔහු සමගින්ම ඔහුගේ නිවසට පිටත්ව ගියේය. ඔහුගේ පැරණි නිවස 1987 වසරේ ඉදිවූ එකකි. එනම් 1984 ත් 2004 කාලයත් අතර ඉදිවූ එකක්‌ බැවින් එය ෆෙංෂුයි මූලධර්මයන් අනුව 7 වන කාල පරිච්ඡේදයට අයත්ය. ඔහු උපන් වර්ෂය අනුව ඔහුට සුභ දිශා වූයේ නැගෙනහිර, ගිණිකොන, උතුර හා දකුණු දිශාවයි. පැරණි නිවසේ ප්‍රධාන දොර තිබුණේ නැගෙනහිර දිශාවේය. එය ගැඹුරු මූලධර්මයන්ට අනුව 1 - 8 සංයුතියට අයත් වූවකි. එහි අර්ථය වනුයේ 2004 - 2024 අතර කාල පරිච්ඡේදයේදී අති විශිෂ්ට ධන වාසනාව ඇති බවයි එසේත් නැත්තම් (Excellent wealth luck into period 8) ලෙස ස`දහන් කළ හැක. එනම් පැරණි නිවස තුල කොයි කාටත් මුදල් ලැබීම අතින් යහපත් බව වැටහිණි. 
 
 නමුත් ඔහුගේ ප්‍රතිසංස්‌කරණය කරන ලද නිවසෙහි ප්‍රධාන දොරෙහි පිහිටීම වෙනස්‌ නොකර එම ස්‌ථානයේම අලුත් උළුවස්‌සක්‌ සහ දොරක්‌ සවි කර තිබුණි. නිවස ප්‍රතිසංස්‌කරණය වන්නේ 2013 වසරේදීය. නිවසේ විශාල වෙනස්‌කම් රැසකට භාජනය වී තිබීම හේතුවෙන් නව නිවස 8 වන කාල පරිච්ඡේදයට පරිවර්තනය වී තිබුණි. එවිට පැරණි නිවසේ එක්‌ එක්‌ දිශාවන්හි තිබුණු සංයුතියන් වෙනස්‌ වී යයි. එම නිසා නව නිවසේ ප්‍රධාන දොර 7, 5 සංයුතියට වෙනස්‌ වී තිබුණි. මෙය ඉතාම නරක තත්ත්වයකි. මෙහි ෆෙංෂුයි ප්‍රතිකර්ම ලෙස දොර ගලවා ඉවත් නොකොට එම ස්‌ථානයේ ඇති අසුභ ශක්‌තිය මැඩ පැවැත්විය හැකි ෆෙංෂුයි සංකේත භාවිතා කරන ලෙසට ඔහුට උපදෙස්‌ දුනි. 
 
 ඔහු භාවිතා කළ පැරණි කාමරය තිබුණේ උතුරු දිශාවේ කාමරයක්‌ය. එයද ඉතාම වාසනාවන්ත කාමරයකි. එය 3, 1 නැමති සංයුතියට අයත්ය. එහි අර්ථය වනුයේ සෞභාග්‍ය වාසනාව හො`දය. ඔබට මෙම නිවසේ ජීවත් වීමට කර්මයේ වාසනාව නැත්නම් ඔබේ නිවස වෙනස්‌ වනු ඇත. එසේත් නැත්නම් ( Prosperity luck is so good , if you don`t have the karma luck to live in this home you will change residence) ලෙස ස`දහන් කළ හැක. නමුත් නිවස ප්‍රතිසංස්‌කරණය වීමෙන් පසු එය 5, 3 සංයුතියට හැරී තිබේ. එහි අර්ථය වනුයේ මුදල් කරදර, ආරවුල් හා ව්‍යාපාර පාඩු ඇති කරවීමයි. එය (money troubles. Disputes. bad business luck) ලෙස ස`දහන් කළ හැක.
 
 ඔහුගේ නිවසෙහි ගිණිකොන දිශාවේද නිදන කාමරයක්‌ තිබුණි. ඔහු සහ බිරි`ද එම කාමරය මාරු කර නිවසේ ධන වාසනාව තිබෙන දිශාවන්ට නිදන ඇ`ද හැරවූයේය. එම කාමරය ප්‍රබල ලෙස ධන වාසනාව තිබූ කාමරයකි. එය 8, 6 නැමති සංයුතියට අයත් විය. එම කාමරය ධනය, ජනප්‍රියත්වය, සෞභාග්‍ය හා මහා ධනවත්වීම් ඇත. එය (Wealth , popularity,
 prosperity, great richness) ස`දහන් කළ හැක.
 
 ඔහු කිසිම පැකිළීමක්‌ නොමැතිව ඔහුගේ නිවසේ කේන්ද්‍ර සටහන අනුව අවශ්‍ය සියලුම ෆෙංෂුයි සංකේත මිලදී ගත්තේය. තවද ඔහුගේ නිවසේ සාලයේ සහ කෑම කාමරයේ ප්‍රබල ධන වාසනාව සහිත ස්‌ථාන හෙවත් මනී පොයින්ට්‌ 2 ක්‌ කෘතීම දිය උලAපත් ම`ගින් සක්‍රීය කළේය. ඔහුගේ ව්‍යාපාරය මේ වන විට පෙරටත් වඩා විශාල ලෙස දියුණුවට පත්වී ඇත. ඔහු නගරයේ අද වන විට විශාල ප්‍රමාණයේ ව්‍යාපාරිකයෙක්‌ බවට පත් වී ඇත.
 
 මෙම නිවස අලුත්වැඩියා කළද ප්‍රධාන දොර තිබූ ස්‌ථානය හා නිදන කාමරය තිබූ ස්‌ථාන වෙනස්‌ නොකර ඒවා නූතනයට ගැලපෙන පරිදි අලංකාරව නිර්මාණය වූවා පමණි. ඔහු පැරණි නිවසින් වාසනාව ලැබුණු හෙයින් එම දොර තිබූ ස්‌ථානයත් නිදන කාමරය තිබූ ස්‌ථානයත් වෙනස්‌ නොකළ බව ඔහු මා සම`ග පැවසීය. නමුත් නිවසේ අලුත්වැඩියා කටයුතු සිදුවූ කාලය අනුව එහි ගැඹුරු ෆෙංෂුයි මූලධර්මයන් හි සංයුතීන් වෙනස්‌ වී ඔවුනට අවාසනාව පැමිණියේ. එසේ නම් නිවසක්‌ අලුත් වැඩියා කිරීමට පෙර එක්‌ වරක්‌ නොව 10 වරක්‌ සිතිය යුතුය. 
 
 දිවයින නැකත වන අපගේ උත්සාහය ෆෙංෂුයි යන අතිශය ගැඹුරු විද්‍යාවේ ගැඹුරු ස්‌ථාන ඔබට සෙමෙන් සෙමෙන් වටහා දීමය. මන්ද කුමන හෝ රූපයක්‌ ඇලවීමෙන් හෝ පේමන්ට්‌ එකේ ඇති කුමක්‌ හෝ ගෙනවිත් තැබීමෙන් නිවසට වාසනාව පැමිණෙන තුරු විශාල පිරිසක්‌ බලාගෙන සිටී. ෆෙංෂුයි යනු එය නොවේ. එසේ නිවසට වාසනාව පැමිණේ නම් අද වන විට ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ප්‍රශ්න නැත. මෙම විෂයය අතිශය ගැඹුරුය. එවැන්නක්‌ අධ්‍යාපනය ලබා ෆෙංෂුයි උපදේශකවරයකු වීමට රුපියල් ලක්‍ෂ ගණනක්‌ වැය කළ යුතුය. එහි මිල අධික වී ඇත්තේ එහි ඇති ගැඹුරු බවත් ඉන් ලැබෙන ප්‍රතිඵලත් වේගවත් නිසාය. සමහරුන් පොතක්‌ දෙකක්‌ කියවා ෆෙංෂුයි උපදෙස්‌ දෙන්නට උත්සහ කරයි. නමට ඉදිරියෙන් ෆෙංෂුයි උපදේශක කියා සටහන් කරගනී. ඉන් උපදෙස්‌ ගන්නා තැනැත්තාට බරපතල හානියක්‌ සිදුවේ. රැවටිලි කාරයන් අද විශාල ප්‍රමාණයකි. නමුත් නිවැරදිව අධ්‍යාපනය ලැබූ ෆෙංෂුයි ගුරුවරයෙකු තෝරාගැනීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුය. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »