වාස්‌තු වැරදුණොත් නිවසක්‌ අනාථයි

2017-11-07 10:07:00       106
feature-top
මහරගම නගරයෙන් මදක්‌ ඈතට වන්නට මෙම නිවස පිහිටා තිබුණි. එහි සැලැස්‌ම මහල් 3 කින් සමන්විත වුවද පළමු අදියර පමණක්‌ නිමවා නිවසේ පදිංචියට ඇවිත් වසර 3 කි. නමුත් තවමත් නිවසේ ඉහළ මහල් වල වැඩ වලට අත ගැසීමටවත් ඔවුනට හැකියාව ලැබී තිබුණේ නැත. තමන්ගේම ව්‍යාපාරයක්‌ කළ ඔවුන් කොපමණ මුදලක්‌ සෙව්වද කිසිදු මුදලක්‌ ඔවුනට ඉතිරි වූයේ නැත. නිවසේ ඉදිරි වැඩ කටුයතු දිනෙන් දින කල් යැම පමණක්‌ම සිදුවිය. වාස්‌තු විද්‍යානුකූලව යෑයි නිවසේ සැලසමු ඇඳ තිබූ නිසා නිවසේ වාස්‌තු දෝෂ පිළිබඳ සැකයක්‌ මුලදී ඔවුනට නොවීය. නමුත් අපගේ මෙම පුවත්පතේ ලිපි කිහිපයක්‌ දැක ඔවුන්ගේ නිවසේ දෝෂ ඇතැයි ඔවුනටම අනුමාන විය. පසුව දැනට මාස 4 කට පමණ ඉහතදී ඔවුන්ගේ නිවස සම්පූර්ණ වාස්‌තු පරීක්‍ෂාවක්‌ සිදුවිය.

දකුණු දිශාවට මුහුණලා තිබූ මෙම නිවසට ඇතුළු වන ගේට්‌ටුව යොදා තිබුණේ වත්තේ නිරිත දිශාවෙනි. නිවසක ධනයට බලපාන ප්‍රධානම දිශාව නිරිත දිශාව බව දැන් අපගේ ලිපි සමග එකතු වී සිටින ඔබ දන්නවා ඇති. එනම් මෙම ගේට්‌වුවේ දෝෂ 2 කි. එනම් එකක්‌ ගේට්‌ටුව නිරිත දිශාවේ වීමත් ගේට්‌ටුව තැබීමේදී පාද බෙදීමේ ක්‍රමවේදයද වැරදීමත්ය. නමුත් ඉතා විශාල වියදමක්‌ කර නිමවා තිබූ මෙම ගේට්‌ටුව වෙනස්‌ කිරීම සිදු කළ නොහැකි බැවින් දැන් ඔබ හොඳින් දන්නා පිරමීඩ වාස්‌තු ක්‍රමවේදය ආධාරයෙන් ගේට්‌ටුවෙහි වූ දෝෂ ඉවත් කර සුභ ශක්‌තිය වර්ධනය කළේය. එසේ නොමැති වූවා නම් නිවැරදිව පාද බෙදා ගේට්‌ටුව මුල් ස්‌ථානයෙන්a ඉවත් කොට නිවැරදි පාදවල තැබිය යුතුය. 

ඔවුන්ගේ නිවසට ඇතුළු වන ප්‍රධාන දොරද පිහිටා තිබුණේ නිරිත දිශාවේය. මෙය නිවසක මුදල් ඉතිරි කරන්නට නොහැකි වීමට ප්‍රබල සාක්‍ෂියකි. මන්ද ලොව කිසිදු නිවසකට නිරිත දිශාවේ දොරවල් යෙදිය නොහැකිය. නිවසට ලැබෙන ධනය තැම්පත් වන්නේ නිරිත දිශාවේ ශක්‌තියෙනි. එම දිශාවේ දොරක්‌ ඇත්නම් ඉන් අදහස්‌ වන්නේ නිවසට ලැබෙන ධනය ඉතාම වේගයෙන් පිටවන බවයි. නමුත් මෙයද වෙනස්‌ කිරීමේ හැකියාවක්‌ ඔවුන්ට නොතිබුණි. එයද පිරමීඩ වාස්‌තු ආධාරයෙන් දෝෂ ඉවත් කර ධනාත්මක ශක්‌තිය වර්ධනය කළේය. ඔබ නව නිවසක්‌ ගොඩනගන විට නිරිත දිශාවේ පිටවන දොරවල් තැබීමෙන් වැළකිය යුතුය. සමහරුන්ගේ ඉතා වැරදි සංකල්පයක්‌ සිතේ ඇත. 'ඒ දොර අපි වැඩිය පාවිච්චි කරන්නේ නැහැ' මෙය ඉතාම වැරදි සංකල්පයකි. මන්ද භාවිතා නොකිරීමෙන් එහි දෝෂ ඉවත් වන්නේ නැත. වැරැද්දක්‌ නම් එය ගලවා වෙනස්‌ කළ යුතුය. එසේ නැතිනම් පිරමීඩ වාස්‌තු ආධාරයෙන් දෝෂ ඉවත් කළ යුතුය.

තවද සැලසුම දෙස බලන විට ඊසාන දිශාව නිවසේ තාප්පය ලෙස භාවිතා වීම සහ එහි දාර කැපී ගොස්‌ තිබුණි. නිවසක ඊසාන බ්ලයිම් වෝල් විය නොහැකිය. නිවසකට විශ්ව ශක්‌තිය ගලාගෙන එන දිශාව වන්නේ ඊසාන දිශාවයි. එබැවින් එම දිශාව සිරවී තිබීම මෙහි එක්‌ දෝෂයකි. එහිදී ඉතා කුඩා පිරමීඩ විශාල ප්‍රමාණයකින් යුතු ශක්‌ති උත්පාදන පිරමීඩ මගින් මෙම දිශාවේ ශක්‌තිය සක්‍රිය කිරීම සිදු කළ හැක. ඊසාන දිශාව කැපී ගොස්‌ තිබූ බැවින් වාස්‌තු පුරුෂයාගේ හිසට හානි වීම තවත් බරපතල දෝෂයකි. එයද පිරමීඩ ආධාරයෙන් සකස්‌ කිරීම සිදු කළේය. 

මා මෙම පුවත් පතේම කිහිප වරක්‌ ඔබට කිව්වා මතක ඇති නිවාස සැලසුම් යනු එක්‌ කාරණාවක්‌ බවත් වාස්‌තු ශාස්‌ත්‍රය යනු තවත් කාරණාවක්‌ බවත්.

ඔවුන්ගේ නිවසේ දෝෂ පරීක්‍ෂා කර ඉන් පසු සතියේම දෝෂ ඉවත් කිරීමට පිරමීඩ යෙදුවේය. නිවසේ ඉතිරි වැඩ සියල්ල දැන් නිමවෙමින් පවතී. දෝෂ සහිතව ජීවත් වූවා නම් තවමත් ඔවුන්ගේ නිවසේ වැඩ කටයුතු ඇනහිට ඇත. නිවස කැඩීම් බිඳීම්වලට ලක්‌ නොවූ බැවින් විශාල මුදලක්‌ද ඔවුන්ට ඉතිරි විය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »