නිවැරදිව ෆෙංෂුයිවලින් වැඩ ගන්න

2017-11-13 09:45:00       140
feature-top
හික්‌කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රොෂාන්ට තම රැකියාව අහිමිවි තිබුණි. අනෙකුත් ආදායම් මාර්ගද වැසීගොස්‌ තිබුණි. ඔහු ඒ පිළිබඳව මහත් කනස්‌සල්ලට පත්වී සිටියේය. ඔහු කුඩා කල සිට පදිංචි වී සිටි මහගෙදරින් තමන් දියුණු වී නව නිවසක්‌ද සකස්‌ කර ගැනීමට හැකිවූ බවත්, නව නිවසට පැමිණීමෙන් තමන්ගේ දියුණුව පහළට වැටුණු බවත් ඔහු විස්‌තර කළේය. 
 
 ඔහුගේ නිවසේ මුළුතැන්ගෙය සකස්‌ කර තිබුණේ ඊසාන දිශාවේය. නිවසක ඊසාන දිශාව ඉතා පිරිසිදුව තිබිය යුතුය. කිසිදු හේතුවක්‌ මත ඊසාන දිශාවේ කුස්‌සිය, නාන කාමරය, වැසිකිළි වළ, පඩිපෙළ සැකසිය නොහැකිය. මෙහිදී පළමු කාරණය නම් ඊසාන දිශවෙන් මෙවැනි දෑ ඉවත් කළ යුතුමය. එසේ ඉවත් කිරීමට නොහැකි අවස්‌ථාවලදී පිරමීඩ සවි කිරීමෙන් මෙහි ඇති අසුභ ශක්‌තිය 100% ක්‌ ඉවත් කළ හැක. එවිට කුස්‌සිය වෙනස්‌ කළ යුතු වන්නේ නැත. නමුත් ඔබ නව නිවසක්‌ සෑදීමේදී හෝ නව නිවසක්‌ මිලදී ගැනීමේදී ඊසාන දිශාවේ වැසිකිළිය, කුස්‌සිය, වැසිකිළි වළ හෝ පඩිපෙළ පිහිටා ඇති නිවාස තෝරා නොගන්න. සමහරුන් කියන්නේ මේ ගෙදර අපි ඉන්නේ කුළියට කියාය. නමුත් ඔබගේ නිවසක්‌ වුවත්, කුළියට සිටින නිවසක්‌ වුවත් එම නිවසේ වාසනාව සහ අවාසනාව ඔබට සෘජුවම බලපෑම් එල්ල කරයි. ඊසාන දිශාවේ යම් අසුභ පිහිටීමක්‌ ඇති නිවාස තෝරා ගත්තේ නම් ඔබට එම නිවසින් කරදරයක්‌ නොවීමට නම් පිරමීඩ සවි කරගැනීම අනිවාර්යය කරුණකි. 
 
 රොෂාන් මොහුගේ නිවස පරීක්‍ෂා කිරීමට මුදල් සොයාගන්නේද ඉතාම අපහසුවෙන් බැවින් වෙනත් වියදමක්‌ කිරීමේ හැකියාව මොහුට නොතිබුණි. නමුත් ඔහු නැවත හිස එසවිය යුතුය. ඒ පිළිබඳව ඔහුට පැහැදිලි කර දෙමින් නිවසේ ඉතිරි කොටස්‌ පරීක්‍ෂා කළ විට වෙනත් ආකාරයේ ප්‍රබල වාස්‌තු දෝෂ නොමැති බවත් පෙනෙන්නට තිබුණි. 
 
 ඉන්පසු නිවසේ ගැඹුරු ෆෙංෂුයි මූල ධර්මයන් එකින් එක පරීක්‍ෂා කළ විට නිවසේ ධන වාසනාව සහිත ප්‍රබල ධන නිලයක්‌ උතුරු දිශාවේ සහ සාමාන්‍යය ලෙස ධන වාසනාව සහිත තවත් නිලයක්‌ නැගෙනහිර දිශාවේ පිහිටා තිබුණි. ෆෙංෂුයි විද්‍යාව අනුව ධන නිලයක්‌ හෙවත් මනී පොයින්ට්‌ එකක්‌ බොහෝ විට සක්‍රීය කරන්නේ ජලය මගිනි. නමුත් එහි ජලය තැබුවාට එය ප්‍රබල ආකාරයෙන් ක්‍රියාත්මක නොවන ලෙස පිහිටා තිබුණි. පසුව එහි වාසනාව ප්‍රබල කරවන ආකාරය පිළිබඳ විශාල දැනුමක්‌ ලබා දුනි. සාමාන්‍ය ධන නිලය නම් පහසුවෙන් සක්‍රීය කළ හැකිව තිබුණි. ඔහුට අවශ්‍ය ෆෙංෂුයි සංකේත මිලදී ගැනීමේ ආශාව එම අවස්‌ථාවේ තිබුණද ඔහුට ඒ සඳහා හැකියාවක්‌ද එම අවස්‌ථාවේ නොතිබුණි. නමුත් ඔහුට කළ හැකි සියල්ලම ඔහු ඉහළින්ම කිරීමට මා හා එක`ග විය. ගතවුයෙA මාස 3 කි. ඔහුගේ නිවසට අවශ්‍යය සියලු ෆෙංෂුයි සංකේත ගෙනවිත් තබන ලෙසට ඔහුගෙන් දුරකතන ඇමතුමක්‌ ලැබෙන්නේ නොසිතූ අවස්‌ථාවකය. මේ වන විට ඔහුට ශ්‍රී ලංකාවේ එක්‌තරා වරායක උසස්‌ රැකියාවක්‌ ලැබී ඇත. නිවසේ අනෙකුත් ආදායම් තත්ත්වයද ඉහළ ගොස්‌ ඇති බව ඔහු පැවසුයේ හද පිරි සතුටකිනි. 
 
 මෙහිදී කිවයුතු විශේෂ කාරණය වන්නේ ඔහුට මුලදී දුන් උපදෙස්‌ 100% ක්‌ ම නිවැරදිව ඔහු විසින් අනුගමනය කර තිබුණේ ෆෙංෂුයි වලින්වත් ජීවිතය දිනනවා යන අදහසිනි. මෙවන් පුවත්පතකින් වාස්‌තු, ජෝතිශ්‍යය , ෆෙංෂුයි වැනි විශාල දැනුම් සම්භාරයක්‌ බෙදා දීම පිළිබඳව මෙම පුවත් පතට සම්බන්ධ සියලුම දෙනාට පින් පැමිණ විය යුතුය. මන්ද බොහෝ වටිනා දේ රහස්‌ ලෙස පවතී. නමුත් මෙම පුවත්පත හරහා ඒ සියල්ල හෙළි කරමින් පවතී. ඉන් අද ශ්‍රි ලංකාවේ සියලුම දෙනාට තමන්ගේ ජීවිත ජයග්‍රහණ කරගැනීමේ හැකියාව උදා වී ඇත. මෙවන් පුවත්පතකින් වටිනා දේ ලබා දුන්නද තවමත් මේවා බොරු යෑයි ළිං පතුලට වී සිටින්නන්ද, නිවැරදි උපදෙස්‌ පිළි නොපැද වාසනාව එනතුරු බලා සිටීමද අනුවණ ක්‍රියාවකි. අලුත් ලෝකය දෙස දෑස්‌ දිගු කර බැලීමට දැන් ඔබටත් කාලයයි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »