නිවාසේ ඊශාන දිශාව අපිරිසිදු කරගන්න එපා

2017-11-20 10:30:00       192
feature-top
ලසන්ත සාමාන්‍ය පෙළ විද්‍යා පන්ති මෙහෙය වූ ගුරුවරයෙකි. 2011 වසරේ විශ්වවිද්‍යාලයෙන් එළියට එන ඔහු මහනුවර හා තවත් ප්‍රදේශ කිහිපයක සාමාන්‍ය පෙළ විද්‍යා පන්ති ආරම්භ කර 2014 වසර පමණ වන විට නගර 2 ක සිසුන් විශාල පිරිසක්‌ සහභාගී වන පන්තියක්‌ බවට ඔහුගේ නම ප්‍රදේශවල ඉහළ නමක්‌ දිනාගත්තේය. ඔහුගේ උපන්ගම අනුරාධපුරය හෙයින් එහි සිට නුවරට පැමිණීම දුෂ්කර කාර්යයක්‌ වූ බැවින් ඔහු 2015 වසර ආරම්භයේදී මහනුවරට ආසන්න ප්‍රදේශයක නිවසක්‌ කුළියට ගෙන පදිංචියට පැමිණියේය.
 
 නිවසට පැමිණ මාස 4 ක්‌ පමණ යන විට ඔහු නොකළ බොහෝ දෑ වෙනුවෙන් මිනිසුන්ගෙන් හා අවට වෙනත් ගුරුවරුන්ගෙන් විශාල චෝදනා සහ මඩ ප්‍රචාර එල්ල වෙන්නට පටන්ගත්තේය. ඔහුගේ පන්තිවල ශීඝ්‍ර කඩා වැටීමක්‌ද දිගින් දිගටම සිදුවිය. 2015 වසර මුලදී සිසුන් 150 ක්‌ පමණ ඔහු වටා එකතු වී සිටියත් ඒ වන විට සිසුන් 25 ක්‌ පමණ දක්‌වා සිසුන් ප්‍රමාණය පහත වැටී තිබුණි.
 
 මේ අතරතුර ඔහුගේ නිවස පරීක්‍ෂාවට ලක්‌විය. ඔහු කුළියට ගත් නිවස තුළ දකුණු දිශාවේ මුල්ලකට වන්නට වැසිකිළිය පිහිටා තිබුණි. ෆෙංෂුයි විද්‍යාව අනුව නිවසක එක්‌ එක්‌ දිශාවෙන් ලැබෙන වාසනාවක්‌ ඇත. දකුණු දිශාවෙන් නිවසේ අයගේ ජනප්‍රියත්වය සහ කීර්තිනාමය ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය ශක්‌තිය ලැබේ. නමුත් දකුණු දිශාව අපිරිසිදු වී ඇත්නම් නිවසේ අයගේ නමට කැළලි ඇති වීමට පුළුවන. තවද ගින්දර ධාතුව නියෝජනය වන්නේ දකුණු දිශාවෙනි. එසෙA නම් ලසන්තගේ නිවසේ ගින්දර ධාතු නියෝජනය වන ස්‌ථානයට වැසිකිළිය පැමිණීමෙන් දකුණු දිශාවට විශාල හානියක්‌ සිදුවී ඇත. මෙසේ සිදුවීමෙන් ඔහුගේ හො`ද නම කැතවීම ආරම්භ විය. ඔහුට දිගින් දිගටම විවිධ වූ චෝදනා එල්ල වන්නට වූයේද දකුණු දිශාවේ වූ මෙම වැසිකිළිය හේතුවෙනි. එපමණක්‌ද නොව මෙහි ගැඹුරු ෆෙංෂුයි සංයුතියටද විශාල හානියක්‌ වී තිබුණේ මෙම දිශාවට ජලය පැමිණීමෙනි. මෙහිදී ජලයට ගෙවී ගිය ගල් මැටි මුට්‌ටියකට පුරවා තැබීම සහ නිල්පාට බේසමකට ජලය පුරවා වැසිකිළිය තුළ තැබීමෙන් මෙහි යම් මට්‌ටමකට සිදුවන අසුභ ශක්‌තිය මැඩ පැවැත්විය හැක. නමුත් වාස්‌තු විද්‍යාවේ දියුණු තාක්‍ෂණික ක්‍රමවේදයක්‌ වන පිරමීඩ තාක්‌ෂණයෙන් දකුණු දිශාවේ ඇති මෙම වැසිකිළියේ අසුභ ශක්‌තිය 100% ක්‌ ම ඉවත් කර දැමීමට හැකියාව ඇත. මෙම තාක්‍ෂණයෙන් වාස්‌තු විද්‍යානුකූලව ඕනෑම වැරදි පිහිටීමක සැරිසරනා අසුභ ශක්‌තිව ඉවත් කිරීමේ හැකියාව මෙම පිරමීඩ සතුය.
 
 තවද මොහුගේ නිවසේ ඊසාන කාමරයේ ඔහුගේ පෝස්‌ටර්, බැනර් සහ වෙනත් උපකරණ දමා වසා තිබුණි. ඉන් නිවසට විශාල ලෙස හානි පැමිණේ. එම කාමරයේ තිබූ ඔහුගේ උපකරණ නිවසේ වෙනත් ස්‌ථානයකට තබා එම කාමරය පිරිසිදු කර භාවිතයට ගන්නා ලෙස ඔහුට උපදෙස්‌ දුන්නේය. නිවසක ඊසාන දිශාව පිරිසිදු වීම අනිවාර්යය කාරණයකි. කිසිදු නිවසක ඊසාන දිශාව ලට්‌ට ලොට්‌ට වලින් පුරවා වසා අපවිත්‍ර කර වසා දැමිය නොහැක. නිවසක දිශා 8 සහ නිවසේ මධ්‍යය ගත් විට වඩාත් වැදගත්ම ස්‌ථානය වන්නේ ඊසාන දිශාව බව ඔබ අනිවාර්යයෙන් මතක තබා ගත යුතුය. ඔබ දැන් යම් කිසි මට්‌ටමක දැනුමක්‌ මෙම පුවත් පතෙන් ලබා ඇත. ඔබ නිවසක්‌ මිලදී ගැනීමට යන විට කුඩා මාලිමාවක්‌ රැගෙන යන්න. ඊසාන දිශාව සොයා එහි ඇති දෑ හො`දින් නිරීක්‍ෂණය කරන්න. ඔබගේ ගමේ වාස්‌තු විද්‍යාව පිළිබ`ද දන්නා අයට හෝ වෙනත් අයෙකුගෙන් ඔබ බැලීමට ගිය නිවස පිළිබ`ද විස්‌තර අසා දැනගන්න.
 
 ඔහු නැවතත් ඔහුගේ පන්තිවලින් ඉහළට ඔසවා තැබිය යුතුය. ඒ ස`දහා ඔහුගේ නිවසේ වාසනාව වැඩි කළ යුතුය. ඒ ස`දහා ඔහුගේ නිවසේ ධන නිල හෙවත් මනී පොයින්ට්‌ සොයා සෙළවෙන ජලය සහ අති ප්‍රබල වූ ෆෙංෂුයි සංකේත භාවිතයෙන් එය සක්‍රීය කළේය. ඔහුගේ නිවසේ ප්‍රධාන ධන නිලයක්‌ වයඹ දිශාවේ පැවතුනි. වයඹ දිශාවේ ධන නිලයක්‌ ඇත්නම් පමණක්‌ සෙළවෙන ජලය තැබිය හැක. නිවාස 100 ක්‌ පමණ ගත් විට වයඹ දිශාවට ජලය තැබිය හැකි නිවාස 5 ක්‌ පමණ හමුවේ. බොහෝ දෙනකු දන්නේ නිවසක දිශා 3 ක හෝ 4 ක පමණක්‌ ජලය තැබිය හැකි බවයි. නමුත් ගැඹුරු ෆෙංෂුයි සංයූතීන් අනුව මනී පොයින්ට්‌ ඇත්නම් පමණක්‌ බොහෝ දිශාවල ජලය තැබිය හැක. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »