හිතුමතේට ගෙවල් කඩන්න එපා

2017-12-18 11:15:00       250
feature-top
අද ශ්‍රී ලංකාවෙ බොහෝ දෙනෙකු නිවැරැදි සැලැස්‌මකට නිවාස තැනූවද, එහි වාස්‌තු ශාස්‌ත්‍රය වරදවා ඇති බව බොහෝ වාස්‌තු විද්‍යා උපදේශකවරුන්ට දැකගත හැකිය. මේ පිළිබඳ මෙම පුවත්පතෙහිම කිහිප අවස්‌ථාවක්‌ම අප කරුණු අනාවරණය කළෙමු. බැංකු ණය හෝ වෙනත් විවිධ වූ ණය ක්‍රමයන් මගින් ඉඩමක්‌ මිලදීගෙන ඉතා වෙහෙස මහන්සි වී නිවසක්‌ තනාගෙන එහි පදිංචියට යන්නේ දහසකුත් එකක්‌ බලාපොරොත්තු තබාගෙනය. නමුත් නිවසට පදිංචියට ගොස්‌ වසරක්‌ දෙකක්‌ ගත වන විට නොසිතූ ලෙස ඔවුන්ගේ ජීවිත කඩාගෙන වැටෙන අවස්‌ථා අප අනන්තවත් දැක ඇත. මෙහිදී ඔවුනAගේ ව්‍යාපාරික පැති, පවුල් ආරවුල්, සෞඛ්‍ය පැති වැනි බොහෝ දෑ සීඝ්‍ර ලෙස පහත වැටේ. එවිට නිවසේ දෝෂ නිසා මෙම සිදුවීම් සියල්ල සිතෙන බව අමුතුවෙන් කියන්නට දෙයක්‌ නැහැ. මන්ද ඔවුන්ට ඒ සියල්ල සිදුවී ඇත්තේ නව නිවසට පැමිණීමෙන් පසුවය. මෙවැනි සිදුවීම්වල අත්දැකීම් විශාල ප්‍රමාණයක්‌ දක්‍ෂ පළපුරුදු වාස්‌තු උපදේශකවරුන්ට ඕනෑතරම් ඇත. මෙහිදී සිදුවන වරද වන්නේ ඔබගේ නිවසට පැමිණෙන අසල්වාසීන් හෝ ඥාතීන්ගේ උපදෙස්‌ අනුව නිවසේ විවිධ වූ වෙනස්‌කම් කරමින් දෝෂ නිවැරැදි කිරීමට යෑයි නිවස කඩ කඩා වෙනස්‌ කර මුදලුත් නිවසත් දෙකම විනාශ කරගැනීමය. 
 
 අම්බලන්ගොඩ ප්‍රදේශයේ එක්‌තරා ව්‍යාපාරිකයකු පළමු අවස්‌ථාවේ ඉතා විශාල වියදමක්‌ දරා තනා තිබූ නිවසක්‌ විවිධ වූ අයගේ උපදෙස්‌ අනුව නැවත කඩා වෙනස්‌ කිරීමට මුදලින් රුපියල් ලක්‍ෂයක්‌ පමණ වැය කොට තිබුණි. නමුත් එම වෙනස්‌කම් කළද ඔවුන්ට දැනෙන පැහැදිලි වෙනසක්‌ සිදුවී නොතිබුණි. ඔහුගේ මුල් නිවසේ වම්පස මුල්ලේ දොර පිහිටා තිබුණි. එය වෙනස්‌ කර තිබුණේ ගිනි කතිර දෝෂයක්‌ යෑයි කියා අඩියක්‌ පමණ නැවත දකුණු අත දෙසට කිරීමෙනි. මෙයින් වැරැද්ද නිවැරැදි වී නොමැත. මන්ද දොරක්‌ තැබීමේදී නිවැරැදි පාද බෙදීම අත්‍යාවශ්‍යමය. එම නිවස පිහිටා තිබුණේ දකුණු දිශාවට මුහුණලාය. එහිදී වම් පස සිට පාද බෙදූ විට 3 හෝ 4 පාදවල ප්‍රධාන දොර තිබිය යුතුය. නමුත් මොහුගේ නිවස නැවත වරක්‌ වෙනස්‌ කිරීමට මා යෝජනා කළේ නැත. ඔහු පිරමීඩ වාස්‌තු පිළිබඳ දැනුවත් වී තිබීම නිසා මොහුගේ නිවසේ පිරමීඩ යන්ත්‍ර යෙදීමෙන් නිවසෙහි වූ දෝෂ සියල්ල ඉවත් කළේය. 
 
 ඒනිසා ඔබ වැඩක්‌ පිළිවෙලකට, පිරිසිදුවට සහ සැළසුම් සහගතව සිදු කිරීමට සිතට ගන්න. ඒනිසා ඔබගේ නිවසේ වාස්‌තු පරීක්‍ෂාවට නියමාකාරයෙන් වාස්‌තු විෂය පිළිබඳ අධ්‍යාපනයක්‌ සහ පළපුරුද්ද ඇති වාස්‌තු උපදේශකවරයකු තෝරා ගන්න. ඔහුගෙන් ලැබෙන උපදෙස්‌ නිවැරැදිව පිළිපදින්න. දෝෂ සහිත නිවසක්‌ නම් ඒ සඳහා ලබාගත හැකි නිවැරැදිම වෙනස්‌ කිරීම් හෝ පිරමීඩ යෙදීමෙන් නිවසේ දෝෂ ඉවත් කරගන්න. දෝෂ සහිත නිවසක සිටින්නේ නම් ඔබට විවිධාකාරයෙන් ප්‍රශ්න පැමිණෙන බව දැන් ඔබ හොඳින්ම දනී. එපමණක්‌ නොව ඔබගේ කේන්ද්‍ර අපල කාලයකදී නිවසේ දෝෂද ඇත්නම් ඔබට විඳින්නට සිදුවන කරදර බාධක දෙගුණ තෙගුණ වේ. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »