ප්‍රධාන දොර නිරිත දිශාවේනම් සල්ලි කොච්චර හම්බ කළත් වැඩක්‌ නෑ

2018-01-15 10:13:00       579
feature-top
වසන්ත ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වගේම උපකාරක පන්ති ගුරුවරයෙකි. ඔහුගේ දෙමවුපියන්ගෙන් ලද නිවස මෑතකදී විවිධ වූ අලුත්වැඩියාවන් කිහිපයක්‌ සිදුකර තිබිණි. වෙනදා ඔහු ව්‍යාපාරවලින් ලාභ උපයා ඉතාම ඉහළ මට්‌ටමින් සිටි අතර නමුත් මෑත කාලයේ යම් කඩා වැටීමක්‌ සිදුවන්නට විය. ඔහුට සිදුවූ ප්‍රධානම ප්‍රශ්නය වූයේ විවිධ වූ හේතූන් මත ඔහු අත ඇති මුදල් වියදම් වීමයි. එනිසා ඔවුනට ලැබෙන ලාභයෙන් නිසි ප්‍රයෝජනවත් දෙයක්‌ කරගැනීමට බොහෝ අවස්‌ථාවන් වලදී නොහැකි විය. 
 
 දෙමව්පියන්ගෙන් ලද පැරැණි නිවස දකුණු දිශාවට (175.50) මුහුණ ලා තිබූ අතර එහි ප්‍රධාන දොර ධන සම්පත් පාදයක තබා තිබුණි. නමුත් මෑතකදී කළ අලුත්වැඩියාවෙන් පසු දොර තිබූ ස්‌ථානය වටකර මුළුතැන්ගෙය සකසා තිබූ අතර ප්‍රධාන දොර නිරිත දිශාවට මාරුකර තිබුණි. මෙහිදී වැරැදි දෙකක්‌ සිදුවී ඇත. බොහෝ නිවාසවල නම් සිදු වන්නේ දොරක පාද බෙදීමේ දෝෂයක්‌ පමණකි. නමුත් මෙහි පාද වැරැදීමට අමතරව නිරිත දිශාවේ දොර පිහිටීම නිසා දෝෂය දෙගුණ වී තිබුණි. නිරිත දිශාව බොහෝ විට නිවසක ධන වාසනාවට සෘජුවම බලපාන දිශාවකි. කිසිදු හේතුවක්‌ මත වාස්‌තු විද්‍යා විෂය අනුව නිරිත දිශාවේ දොරක්‌ තැබිය නොහැකිය. මෙය නැවත වෙනස්‌ කිරීමේ හැකියාවක්‌ ඔවුනට නොවීය. එනිසා පිරමීඩ මගින් දොරෙහි තිබූ දෝෂ ඉවත් කරන ලදී. මෙවැනි දෝෂයක්‌ පෙන්වා දීමේදී සහ දෝෂ ඉවත් කිරීමේදී ඉන් යම් බලපෑමක්‌ උපදේශකවරයාට පැමිණෙන බව ප්‍රායෝගිකවම මෙම කර්තව්‍ය සිදු කරන පළපුරුදු උපදේශකවරුන් හොඳින් දන්නා කරුණකි. 
 
 dora1තවද ඔහුගේ නිවසේ බිත්ති 2 ක්‌ තාප්ප බිත්ති ලෙස සකස්‌කොට තිබුණි. (බ්ලයිම් වෝල්) ඒ සමඟම නිවසේ අත්තිවාරම තාප්පයේ අත්තිවාරම සමඟ සම්බන්ධ වී තිබුණි. නිවසේ අත්තිවාරමත්, තාප්පයේ අත්තිවාරමත් අතර අවම වශයෙන් අඟල් 6 ක පරතරයක්‌වත් තිබිය යුතුය. ඒ සඳහා සුදුසු නිවැරැදි උපක්‍රමයක්‌ භාවිත කළ යුතුය. නමුත් සමහර අවස්‌ථාවලදී මේසන්වරුන් විසින් ඉතා තුනී සෘජුෆොම් මගින් සම්බන්ධවීම් වැළැක්‌වීමට යයි. මෙය වාස්‌තු විද්‍යා විෂය අනුව කිසිසේත්ම අනුමත කළ නොහැකිය. නමුත් මොහුගේ නිවසේ මෙය වෙනස්‌ කිරීම අධික වියදමක්‌ වූ හෙයින් ඒ සඳහාද පිරමීඩ වාස්‌තු ශිල්පය මගින් දෝෂ ඉවත් කළේය. 
 
මින් සිදුව තිබූ අනෙක්‌ දෝෂය නම් වයඹ, උතුර, ඊසාන, නැගෙනහිර සහ ගිණිකොන දිශා අවහිර වී තිබීමයි. එහිදී වූ බරපතලම වරද වන්නේ ඊසාන දිශාව අවහිර වීමයි. ඊසාන දිශාව යනු නිවසක විශ්ව ශක්‌තිය ගලාගෙන එන දිශාව ලෙස සැළකේ. එම දිශාව අවහිර වීම නිවසේ බොහෝ සිදුවීම්වලට බලපෑමක්‌ ඇති කරයි. මෙහිදී නිවසේ ශක්‌ති උත්පාදන පිරමීඩ මගින් එම දිශාවේ ශක්‌තිය සක්‍රීය කර හැක. පිරමීඩ මගින් ඔහුගේ නිවසේ වැරැදි නිවැරැදි කර දැන් වසරකට ආසන්න වී ඇත. ඔහු මා හට නව වසරට සුබ පතන ගමන් කීවේ ඔහුගේ ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා තවත් ස්‌ථාන 2 ක්‌ද මිලදී ගත් බවයි. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »