>ප්‍රධාන දොරේ ෆෙංෂුයි රහස්‌..

2018-01-23 10:20:00       607
feature-top
ෆෙංෂුයි විද්‍යාව අනුව නිවසේ ප්‍රධාන දොරට ඉතා වැදගත් ස්‌ථානයක්‌ හිමිවේ. නිවසට චී ශක්‌තිය ඇතුළු වන්නේ ප්‍රධාන දොරිනි. ප්‍රධාන දොර මනා ලෙස පවත්වා ගැනීම නිවසේ සියලුම දෙනාට හිතකරය. මෙහිදී නිවසේ ප්‍රධානියාගේ සුභ දිශා 4 න් එකකට නිවසේ ප්‍රධාන දොර වැටී තිබීම එහි ප්‍රධානියාට යහපත් පිහිටීමකි. 
 
 තවද ගැඹුරු ෆෙංෂුයි මූලධර්මයන්ට අනුව ධන නිලයකට හෝ වෙනත් සුභ නිලයකට වැටී තිබීම වඩාත් වාසනාවන්තය. ධන නිලයකට වැටී ඇත්නම් නිවසේ සියලුම දෙනාට මුදල් ලැබීම අතින් යහපත් වේ. ගැඹුරු ෆෙංෂුයි මූලධර්මයන් තුළ ඩබල් එයිට්‌ (88) සංයුතියකට ප්‍රධාන දොරක්‌ වැටී ඇත්නම් සියලුම වාසනාවන් නිවසට ළඟා වේ. එය Super auspicious, all round good luck -
wealth, health, love, relationships etc ලෙස සඳහන් කළ හැක. සමහර ව්‍යාපාරික ස්‌ථාන බැලූ බැල්මටම ෆෙංෂුයි කර හෝ වෙනත් විද්‍යාවක්‌ කර නොමැති බවක්‌ පිටින් පෙනෙන්නට ඇත. එහෙත් එම ස්‌ථානවලට විශාල වශයෙන් ලාභ ඇති බවට පෙනෙන්නට ඇත. එය එසේ වී ඇත්තේ එහි ඇතුළුවීමේ දොරටුව ධන නිලයකට වැටී තිබීම බව අත්දැකීම් ඇති ෆෙංෂුයි උපදේශකවරයෙකුට බැලූ බැල්මට පෙනෙන කාරණයකිs. එමෙන්ම අසනීප නිලයකට ප්‍රධාන දොර වැටී ඇත්නම් නිවසේ සියලුම දෙනා නිතර නිතර අසනීප වීම, වාද විවාද නිලයකට වැටී ඇත්නම් නිවසේ සියලුම දෙනාට නිතර නිතර කේන්ති යැම හෝ රණ්‌ඩු සරුවල් ඇතිවීම සොරකම් හා ගැටුම් නිලයකට වැටී ඇත්නම් නිවසේ අයගේ බොහෝ දේ නිතරම නැතිවීම, වංචාකරුවන්ට අසු වීම නිවසට සොරු පැනීම වැනි දෑ සිදුවන අතර අවාසනාවන්ත නිලයකට ප්‍රධාන දොර පැමිණ ඇත්නම් සියලුම ආකාරයේ අවාසනාවන් තමන් වෙත දිගින් දිගටම පැමිණීම සිදුවේ.
 
 මෙම අවාසනාවන් පාලනය කිරීමට දොර ගළවා වෙනත් ස්‌ථානයකට දැමිය යුතුද?
 
 නැත. දොර ගලවා වෙනත් ස්‌ථානයකට මාරු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්‌ නොවේ. එම ස්‌ථානයට විවිධ වූ ෆෙංෂුයි ප්‍රතිකර්මයන් මගිsන් විසඳුම් ලබාදී එම අවාසනාවන් පාලනය කළ හැක. තමන්ට අවශ්‍ය නම් මුදල් ලැබීම් යහපත් වූ කාලයකදී සුදුසු ධන නිලයකට හෝ වෙනත් සුභ නිලයකට ප්‍රධාන දොර මාරු කිරීම කළ හැක.
 
 තවද ප්‍රධාන දොරෙහි අවාසනාවන්ත තත්ත්වයක්‌ වන්නේ දිශා බෙදෙන රේඛා හරහා දොරවල් වැටී තිබීමයි. උදාහරණයක්‌ ලෙස උතුර හා ඊසාන යන දිශා 2 බෙදෙන රේඛාවට දොර වැටී තිබීම වැනි කාරණයක්‌. එහිදී නිවසේ අයට අසාධ්‍ය රෝග වැළඳීම, නිවසේ ප්‍රධානියා හදිසි අනතුරුවලට ලක්‌වීම, මානසික පීඩාවන්ට ලක්‌වීම වැනි දෑ සිදුවේ. තවද ෆෙංෂුයි උපදේශකවරයෙකු සතු සුවිශේෂී ලෝ පැන් මාලිමාවකට අනුව එක්‌ දිශාවක්‌ තවත් උප කොටස්‌ 3 කට බෙදේ. එම උප කොටස්‌ බෙදෙන රේඛාවන්ට ප්‍රධාන දොර වැටී තිබීමද එතරම් යහපත් නොවේ. නමුත් ඉහත තරම් විශාලම හානියක්‌ නොමැත.
 
 සමහර නිවෙස්‌වල දොරවල් භාවිතයේ දී එහි විවිධ වූ ශබ්ද ඇසේ. එය එතරම් සුභ නොවේ. විටෙක දොරවල් වල සරනේරුවල විවිධ වූ ශබ්ද ඇසේ. ඒවාට තෙල් දමා එහි ඇති හිරවීම් ඉවත් කරගන්න.
 
 නිවසේ ප්‍රධාන දොරෙහි වාසනාව වැඩි කළ හැකි ඔබටම කරගත හැකි සරල ෆෙංෂුයි රහස්‌ කිහිපයක්‌ මා ඔබට දැන් කියා දෙන්නම්. ඒ නිවසේ ප්‍රධාන දොර පිහිටි දිශාව අනුව එම දොරට ගැළපෙන වර්ණයන් ආලේප කිරීමද එම නිවසට වාසනාව කැන්දයි. එසේ නම් ඔබේ නිවසේ ප්‍රධාන දොර ඇති දිශාව අනුව පහත වර්ණයන් ආලේප කළ හැක.
 
 උතුරට ඔබේ ප්‍රධාන දොර මුහුණලා ඇත්නම් සුදු, රන්වන්, කළු හෝ නිල් යන වර්ණයන් ය.
 
 ඊසානට හෝ නිරිතට ඔබේ ප්‍රධාන දොර මුහුණ ලා ඇත්නම් රතු, දම්, තැඹිලි, කහ හෝ දුඹුරු යන වර්ණයන් ය.
 
 නැගෙනහිරට හෝ ගිනිකොනට ඔබේ ප්‍රධාන දොර මුහුණලා ඇත්නම් කොළ, කළු හෝ නිල් යන වර්ණයන්ය.
 
 දකුණට ඔබේ ප්‍රධාන දොර මුහුණලා ඇත්නම් කොළ, රතු, දම් හෝ තැඹිලි යන වර්ණයන් ය.
 
 වයඹට හෝ බස්‌නාහිරට ඔබේ ප්‍රධාන දොර මුහුණ ලා ඇත්නම් සුදු හෝ අළු යන වර්ණයන් ය.
 
 තවද ඉහත වර්ණයන්ගෙන් යුත් පාපිසිද එම දිශාවේ දොරවල් අසල භාවිතා කළ හැක.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »