ෆෙංෂුයි නිවසක වාසි මෙන්න

2018-01-29 10:22:00       748
feature-top
තනූජා මෙම නිවස සාදන්නේ 2013 වසරේදීය. ඉතා අලංකාර ලෙස මෙම නිවස නිමවා තිබුණත් මෙහි බොහෝ වැරැදි ඇති බව නිවසට පැමිණෙන බොහෝ දෙනෙකු පවසන්නට විය. නිවසේ ප්‍රධාන දොරේ පාදය වැරැදිය. ප්‍රධාන දොර කැරකෙන පැත්ත වැරැදිය. ප්‍රධාන දොර නිවස තුළට දක්‍ෂිණාවර්තව කැරැකිය යුතුය. තවත් අයුරකින් කියනවා නම් ඔරලෝසුවේ කටු කැරකෙන අතට එහි දිග පළල වැරැදිය. නාන කාමරය තිබෙන දිශා වැරැදිය, දොරවල් ජනෙල් ගණන වැරැදිය යන අයුරින් විශාල වැරැදි රැසක්‌ බොහෝ දෙනෙකු පවසන්නට විය. නිවස කොතරම් අලංකාර වුවත් නිවසට පැමිණෙන අයගෙන් අසන දේවල්වලට ඇයගේ සිත බොහෝ සේ කලකිරී තිබිණි. ඇය නිවසේ බිම්මල් ව්‍යාපාරයක්‌ කරගෙන ගියද එහිද විශාල දියුණුවක්‌ නොවීය. ඇයටද සෑම අවස්‌ථාවකම සිතුණේ නිවසේ ඇති මෙම දෝෂ නිසා ඔවුන්ගේ දියුණුව අඩාල වී ඇති බවය. නමුත් මැය මෙම නිවසේ කිසිදු කොටසක්‌ කඩා ඉවත් කිරීමට හෝ නිවසේ කොටස්‌ වෙනස්‌ කිරීමට අකමැත්ත දැක්‌වූයේ එහි ඇති අලංකාර බවට හානියක්‌ වේ යෑයි යන හැඟීමෙනි. එනිසා මැය මෙම නිවස ෆෙංෂුයි විද්‍යාත්මකව සකසා ගැනීමට අදහස්‌ කළේය. ෆෙංෂුයි යනු එක්‌ විෂයයකි. වාස්‌තු යනු තවත් විෂයයකි. නමුත් නිවසක වාස්‌තු නිවැරැදි වීම අත්‍යවශ්‍ය කාරණයකි. ෆෙංෂුයිවලින් ප්‍රධානවම සිදු කරන්නේ නිවසේ ඇති වාසනා ශක්‌තිය බලගැන්වීමකි. 
 
 ඇයගේ නිවසේ ප්‍රධාන දොර පිහිටියේ උතුරු දිශාවේය. ගැඹුරු ෆෙංෂුයි සංයුතිය අනුව ඇයගේ නිවසේ එම දිශාව වාසනාවන්ත එකකි. එපමණක්‌ද නොව පහුවුණු 2017 වසරේදී උතුරු දිශාවේ යම් වාසනාවක්‌ ඇත. 2017 වසරේද උතුරු දිශාව වාසනාවන්ත එකක්‌ බැවින් එම දිශාවේ සෙලවෙන ජලය තැබීමට ඇයට උපදෙස්‌ දුනි. නමුත් 2018 වසරට ඔබ උතුරු දිශාවට ජලය තැබීමෙන් වළකින්න. මෙම වසරේදී ජලය තබන දිශා පිළිබඳ මෙම පුවත්පත් තුළින් අප ඔබව දැනුවත් කරන්නෙමු. ඒ සඳහා ඇයගේ නිවසේ තිබූ මාළු ටැංකියම භාවිතා කළේය. තවද නිවසක නැගෙනහිර හා ගිණිකොන දිශාවන්වලට සැන්ඩි්‍රයානා ශාකය තැබීමට උපදෙස්‌ දුනි. ඔබටද ඔබේ නිවසේ, නිවස තුළ තබන ශාක වර්ග ඉහත දිශා දෙකෙහි තැබිය හැක. 
 
 ඇයගේ සහ ස්‌වාමියාගේ උපන්දින සැලකීමෙන් ඔවුන්ට වාසනාව ගෙන දෙන කාමරයක්‌ තෝරාදී ඔවුන්ගේ වාසනාව වැඩිවන අයුරින් නිදන ඇඳන් සකස්‌ කළේය. ඔබද බොහෝ විට භාවිතා කළ යුතු වන්නේ සුභ දිශාවල නිදන කාමරයකි. නිරිත දිශාව කෑම කාමරයකට අයත්ව තිබුණේය. එම දිශාවේ නිවසේ ප්‍රධාන ධන නිලය පිහිටා තිබුණි. එහි කෘතීම දිය උල්පතක්‌ තැබීමෙන් නිවසේ ධන වාසනාව වැඩි කළේය. තවද ආදර වාසනාව ශක්‌තිමත් කිරීමට මැන්ඩරීන් තාරා ජෝඩුවක්‌ සහ මෘදු පළිඟු බෝල 6 ක්‌ එම දිශාවේ තැබුවේය. 
 
 ඇය නිවසේ වෙනත් වැඩ කටයුතු සිදු කිරීමේදී බොහෝ විට වාඩිවී සිටින්නේ පඩිපෙළ යටට වන්නටය. කිසිඳු අවස්‌ථාවක පඩිපෙළක්‌ යට අප වාඩිවී වැඩ කිරීම කොහෙත්ම සුදුසු නැත. දරුවන්ටද පාඩම් වැඩ කිරීමටද පඩිපෙළ යට කොහෙත්ම සුදුසු නොවේ. 
 
 වැසිකිළිය පිහිටා තිබුණේ නිවස තුළ වයඹ කොටසේය. නිවසක වයඹ දිශාවේ වැසිකිළිය තිබීමෙන් ඔවුන්ගේ අන්තර් සම්බන්ධතා බිඳ වැටී යයි. ඒ සඳහා පිළියමක්‌ ලෙස වැසිකිළිය තුළ පැය 3 ක්‌ පමණ දීප්තිමත් බල්බයක්‌ දැල්වීම කළ හැක. එමගින් ඉන් සිදුවිය හැකි හානිය මඟහැරී යයි. ඔබගේ නිවසේද, නිවස තුළ වයඹ දිශාවේ වැසිකිළිය පිහිටා ඇත්නම් එය තුළ පැය 3 ක්‌ පමණ දීප්තිමත් බල්බයක්‌ දැල්වීම ඔබට සිදු කළ හැක. තවද සෑම අවස්‌ථාවකම වැසිකිළිය තුළ කොමඩ් එකෙහි පියන වසා කබන්න. එහි දොරවල් වසා තබන්න. එමගින් වැසිකිළිය මගින් ඇතිවිය හැකි හානි මඟහරවා ගත හැක. 
 
 ඇයගේ නිවසේ විවිධ වූ වාස්‌තු වැරැදි රැසක්‌ තිබුණි. නමුත් ඒ කිසිවක්‌ කඩා ඉවත් කිරීමකින් තොරව ඒ සඳහා පිරමීඩ වාස්‌තු ශක්‌තිය බලගැන්වීම සිදු කිරීම කළෙමි. ඉන් නිවස කිසිදු කැඩීමකින් බිඳීමකින් තොරව වාස්‌තු නිවැරැදි කළ හැක. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »