පෙබරවාරි 16 දා ප්‍රබල ධන යෝග 3ක්‌

2018-02-05 10:21:00       578
feature-top
2018 පෙබරවාරි 16 සිට 2019 පෙබරවාරි 04 දක්‌වා කාලය තුල විශාල ධනයෝග රැසක්‌ පැමිණෙන බව ෙµංෂුයි පිළිබඳ උනන්දු සියලුම දෙනා දැන් හො`ඳින් දන්නා කාරණයකි. බොහෝ දෙනකුගේ ප්‍රශ්නය මුදල් ය. එසේත් නැත්නම් ආර්ථික ප්‍රශ්නය. නමුත් ෙµංෂුයි හී ඇති වැදගත්කම නම් නිවසට සහ ව්‍යාපාරවලට මෙලෙස පැමිණෙන වසරේ ධනයෝගය එන ස්‌ථානය සොයා නියම ක්‍රම ශිල්ප මගින් බලවත් කිරීමෙන් නිවසේ සිටින සියලුම දෙනාගේ ධන වාසනාව ඉතාම සුපැහැදිලි ලෙස ඉහළ නංවාගත හැකි වීමයි. එපමණක්‌ නොවෙයි මාසයෙන් මාසයට නිවසට පැමිණෙන ඩබල් ඇක්‌ටිව් ධන යෝගය තිතටම අල්ලා ගතහොත් අදාළ මාසය තුළ නිවසේ සියලුම දෙනාගේ ධන වාසනාව සහ ව්‍යාපාරවලට ආදායම් වැඩි වෙනවා. ඒවා නිවසට පැමිණෙන දින සහ ඒවා බලවත් කිරීමේ විශේෂ දිනද තිබෙනවා. ඒවා ලංකාව පුරා ඇති අපගේ වැඩමුළුවලදී ඉතාම ලස්‌සනට පැහැදිලි කරනවා. නිවසක විවිධ වූ වාස්‌තු ප්‍රශ්න තිබුණත් මෙම ධන යෝගවල ප්‍රතිඵල ඉතාම පැහැදිලිව ලැබෙනවා. උදාවන වසරට ප්‍රධාන ධන යෝගය ගිණිකොන දිශාවටත්, දෙවැනි ධන යෝගය නිවසේ මැදටත්, තුන්වැනි ධන යෝගය වයඹ දිශාවටත් පැමිණෙන බව අප ඔබට සතුටින් දැනුම් දෙනවා. නමුත් මෙහි ධන යෝග ක්‍රියාත්මක කරන ආකාරය ඔබ ප්‍රායෝගිකව ඉගෙනගත යුතුයි. එය පුවත් පතක්‌ මගින් පැහැදිලි කිරීම ඉතා අපහසු කටයුත්තකි. 
 
 අධ්‍යාපන යෝග 3 ක්‌
 
 බොහෝ දෙමව්පියන් දරුවන් වෙනුවෙන් විශාල වෙහෙස මහන්සියක්‌ වෙනවා. පාසල් යනවා. පන්ති යනවා. උදේ ඉඳන් රෑ වෙනකම් දරුවන් වගේම දෙමව්පියනුත් මහන්සි වෙනවා. නමුත් වසර අවසානයේ ඔවුන් සිතූ තරම් ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. මෙයට ප්‍රධානම හේතුව තමයි දරුවන්ගේ පාඩම් කිරීමේ 
 
 වැරැදි ඉරියව්. විශ්වයෙන් ලැබෙන වටිනාම ශක්‌තීන් ප්‍රයෝජනයට නොගැනීම. දරුවකු වැරැදි දිශාවකට හැරී පාඩම් කිරීම, වැරැදි දිශාවකට හිස දමා නිදා ගැනීම සහ වසරේ අසුභ ශක්‌තීන්ට හසුවීම නිසා ඔවුන්ට ඉතා උසස්‌ ප්‍රතිඵල නොලැබී යනවා. නමුත් දරුවාගේ උපන්දිනය අනුව නිවැරැදි දිශාවලට හැරවීම, නිවැරැදි ඉරියව්වලට පාඩම් කාමරය සකස්‌ කිරීමෙන් දරුවාගේ අධ්‍යාපන වාසනාව වැඩි කිරීමට ෙµංෂුයිවලට හැකියාව තිබෙනවා. එපමණක්‌ නොවෙයි වසරේ ඔබේ නිවසට එන අධ්‍යාපන යෝගයේ දිශා නිවැරැදිව බලසම්පන්න කිරීමෙන් නිවසේ සියලුම දරුවන්ගේ අධ්‍යාපන වාසනාව ඉතා උසස්‌ ලෙස ඉහළ නැංවීමට පුළුවන්කම තිබෙනවා. 2018 වසරට පළමු අධ්‍යාපන යෝගය දකුණත් දිශාවටත්, දෙවන අධ්‍යාපන යෝගය වයඹටත් සහ තුන්වන අධ්‍යාපන යෝගය නිරිත දිශාවටත් පැමිණෙනවා.
 
 විවාහ යෝගයක්‌
 
 තවමත් විවාහ වාසනාව උදා නොවූ ඔබට වසරේ විවාහ යෝගය සොයා බලසම්පන්න කිරීමෙන් සහ නිවසේ විවාහ වාසනාව වැඩි කිරීමේ ප්‍රතිකර්ම යෙදීමෙන් තනිකඩ අයට තමන්ගේ සහකරුවා හෝ සහකාරිය ලබා ගැනීමේ හැකියාව ඇත. එපමණක්‌ නොවෙයි විශේෂ දින 9 කෙම් ක්‍රමය මගින් ඔබට සුදුසු ආදරණීයයන් දින 9 ක්‌ තුළ මුණගැසීමට හැකියාව තිබෙනවා. මෙය එක්‌ එක්‌ පුද්ගලයාගේ උපන්දිනය අනුව සිදු කරන ආකාරය වෙනස්‌ වෙනවා. උදාවන 2018 වසරට වසරේ විවාහ වාසනාව පැමිණෙන්නේ දකුණු දිශාවටයි. ෙµංෂුයි ඔබේ ජීවිතයම වෙනස්‌ කරාවි. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »