හරි හතරැස්‌ නිදන කාමර ගෙනදෙයි පීඩා නිරතුරු

2018-02-12 11:39:00       610
feature-top
වසන්ත ප්‍රදේශ කිහිපයක ජනප්‍රිය පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයෙකි. වසර 3 ක්‌ තුළ වේගයෙන් ක්‍ෂේත්‍රයේ ඉහළට එන ඔහු සිසුන් 600 කට පමණ උගන්වන ගුරුවරයෙකු බවට පත්වන්නේ මීට වසරකට පමණ පෙරදීය. නමුත් දැනට වසරකට පමණ පෙර සිට ඔහුගේ පන්ති සීඝ්‍රයෙන් පහත වැටෙන බව ඔහුට හැඟී යයි. එසේ සිදුවන්නේ ඔහුගේ කාර්යබහුලත්වය මත මහරගම ප්‍රදේශයේ නව නිවසකට පැමිණ මාස 8 ක්‌ වගේ කාලයක්‌ තුළය. ඔහුගේ නිවස පරීක්‍ෂාවට ලක්‌ වන්නේ ඉන් අනතුරුවය. 
 
 ඔහු මිලදී ගත් නිවසට ඇතුළුවන විටම පෙනෙන්නේ ඔහුගේ නිවසේ ඉදිරි දොර හරි කෙළින් ඇති පිටුපස ජනේලයයි. මෙය තරමක්‌ තමන්ට හානිගෙන දෙන දෝෂයකි. මින් සිදුවන පාඩුව වන්නේ නිවසට රැගෙන එන ධනය වේගයෙන් විනාශ වී යැමත් තමන්ට ලැබෙන ව්‍යාපාරික කටයුතු මඟහැරී යැමත්ය. තමන්ගේ උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබීමත්ය. හැකි නම් මෙම ජනේලය ගලවා ඉවත් කළ හැක. එසේ නොමැතිනම් පිරමීඩ තාක්‍ෂණයේ එන ෆයිරා බෑන්ඩ් භාවිතයෙන් ජනේලය ගැළවීමකින් තොරව එහි දෝෂය මඟහැරවිය හැක. එමගින් දෝෂය ඉවත්වන අතර ජනේලය ගැළවීමක්‌ සිදු නොවේ. 
 
 වසන්තගේ නිදන කාමරය හරි හතරැස්‌ එකකි. සාමාන්‍යයෙන් නිදන කාමරයක්‌ හරි හතරැස්‌ වීම 
 
 වැරැදිය. මින් එම කාමරය භාවිත කරන්නාට අධික වෙහෙසක්‌ සහ දැඩි පීඩනයක්‌ ඇතිවේ. එම නිසා ඔබ නව නිවසක්‌ සකස්‌ කරන විට නිදන කාමර හරි 
 
 හතරැස්‌ කර නොගැනීමට වගබලා ගත යුතුය. මෙම නිවස සම්පූර්ණයෙන් සාදා අවසන් එකක්‌ බැවින් මෙය වෙනස්‌ කිරීමද තරමක්‌ අපහසු කාර්යයක්‌ බැවින් මෙහි මිනි මැක්‌ස්‌ පිරමීඩයක්‌ භාවිත කිරීමෙන් එම දෝෂය ඉවත් කිරීමේ හැකියාව ඇත. මෙහිදීද කාමරයේ කිසිදු කැඩීමක්‌ අවශ්‍ය වන්නේ නැත. 
 
 තවද තමන් නිදා ගැනීමේදී තමන් හිස දමන දිශාව පිළිබඳ දැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය. 2018 වසර සඳහා නම් උතුරු දිශාවට හිස දැමීම එතරම් යහපත් නොවේ. එම කාරණාව මුළු ලෝකවාසීන්ටම පොදු කාරණයකි. නමුත් නිවසකින් නිවසට තමන්ගේ හිස දමන දිශාව වෙනස්‌ය. ඊට හේතුව නිවසක සැමදාටම නොවෙනස්‌ ශක්‌තියක්‌ පවතී. එම ශක්‌තියත්, වසරේ නිවසක්‌ තුළ ගමන් කරන ශක්‌තියත් සහ තමන්ගේ උපන්දිනය අනුව සුබ දිශා යන කරුණු සියල්ලම සැලකිල්ලට ගැනීමෙන් නිදන ඇඳක්‌ සකස්‌ කිරීම සිදු විය යුතුය. වසන්ත තමන් සිටි කාමරයේ ඇඳ දමා තිබූ දිශාව වූයේ නිවසේ ශක්‌තිය අනුව අසුබම දිශාවටය. පසුව එම දිශාව ඉහත කරුණු සැලකිල්ලට ගෙන වෙනස්‌ කිරීම සිදු කළේය. නමුත් බොහෝ නිවාසවල නිදන ඇඳන් සකස්‌ වන්නේ නිවසේ කාමර තුළ ඇති ඉඩ පහසුකම් අනුවය. නමුත් ඔබ මේ පිළිබඳ අවධානයක්‌ යොමුකළ යුතුය. 
 
 වඩා වැදගත්ම කාරණය නම් මොහුගේ උපන් වේලාව අනුව චීන දෛව සටහනයි. මොහුගේ දෛව සටහනේ ජල ධාතුව අන්තර්ගත වී නොමැත. මොහුගේ මුදල් වාසනාව රැඳී පවතින්නේ ජල ධාතුව තුළයි. එනිසා මොහුගේ අඩු ජල ධාතුව නිවසින් ලබාගත යුතුය. ඒ සඳහා මොහුගේ නිවසේ සුදුසු ස්‌ථානවල ජලය සක්‍රීය කිරීම සිදු කළ යුතුය. එපමණක්‌ නොව නිවසේ වර්ණය සඳහා ජල වර්ණය විශාල වශයෙන් යොදාගත යුතුය. එනම් නිල් වර්ණය භාවිත කිරීම සිදු කළ යුතුය. නිවසේ සැරසිලිවලට වැඩි වශයෙන් නිල් වර්ණය යොදාගත යුතුය. මොහුගේ පන්තිවල දැන්වීම් සඳහාද නිල් වර්ණය වැඩි වශයෙන් යෙදිය යුතුය. මොහු භාවිත කරන ඇඳුම් වල නිල් වර්ණය වැඩි වශයෙන් තිබිය යුතුය. 
 
 මේ ඔහුගේ චීන දෛව සටහනයි. එහි ජල ධාතුව අන්තර්ගත වී නොමැති බව ඔබට පෙනෙනු ඇත. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »