නිවස කුළියට දෙන්නට බැරිද? එහෙනම් මෙය කියවන්න

2018-02-26 11:01:00       581
feature-top
බස්‌නාහිර පළාතේ එක්‌තරා නිවසකට අපි ගියෙමු. එහිදී නිවැසියන් ජිවත් වන නිවස වෙනමම ඇති අතර නව නිවසක්‌ ඊට යාබදව ඉදිකර ඇත්තේ විදේශිකයන්ට කුළියට දීම සඳහාය. නමුත් මෙම නිවස බලා යන කිසිවකු එය කුළී පදනම මත ලබාගත්තේ නැත. නමුත් එම නිවස ඉතා අලංකාර ලෙස විශාල වියදමක්‌ කර තනා තිබිණි. එම පරිසරයද නිදහස්‌ අයුරින් වූ ස්‌ථානයකි. 
 
 අප එම නිවසේ වාස්‌තු පරීක්‍ෂාවක්‌ සඳහා ගියෙමු. එහි විශාල ලෙස වාස්‌තු අඩුපාඩු තිබුණි. එනිසා මෙම නිවස කුළියට දීමට බැරි බව අප ඔවුන්ට පහදා දුනි. මන්ද එම නිවසේ ඇති වාස්‌තු දෝෂ හේතුවෙන් එම නිවසට පැමිණෙන අයට විවිධ වූ අවාසනාවන්ට ගොදුරු වීමට අවස්‌ථාව ඇත. නමුත් ඔවුන්ගේ නිවස බැලීමට මීට පෙර පැමිණි අයගේ කළ අපල නැත. එනිසා මෙය ඉතා අලංකාරව සිsයලු පහසුකම් සහිතව නිමවා තිබුණද මෙය ලබා ගැනීමට හිත් නොදුන්නේ එනිසාවෙනි. නමුත් නරක වේලාවක්‌ ඇති අයෙකු මෙම නිවස බැලීමට පැමිණියා නම් අනිවාර්යයෙන් මෙම නිවසේ දෝෂ හරහා ඔවුනට විශාල ප්‍රශ්න ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය. මන්ද කුලී නිවාස නිසා විනාශ වුණු ජීවිත ඉතාම විශාලය. එනිසා ඔබ කුළියට නිවසක්‌ ලබාගැනීමට පෙර එහි වාස්‌තු හා ෆෙංෂුයි විද්‍යාවන් පිළිබඳ දැනුවත් විය යුතුය. 
 
 මෙම නිවසට ඇතුළු වන ප්‍රධාන දොර සහ නිවසේ පිටුපස දොර වැරැදි පාදවල පිහිටා තිබුණේ නිවස අනුදිශා ගත වූ බැවිනි. අනු දිශා සහිත ඉඩමක පිහිටි නිවසක්‌ බොහෝ විට පාද බෙදීමේදී දෝෂවලට ලක්‌වී ඇති අවස්‌ථා අපමණය. මෙහිදී නිවැසියන්ට විවිධ වූ ධන හානි සහ අසනීප වැළ`දීම සිදුවේ. මීළඟට නිවසේ දිග පළල මැනීමෙන් එහි බ්‍රහ්ම පාදය සෙවූ විට එය අත්තිවාරම තුළ පිහිටා තිබුණි. මෙය ප්‍රබල දෝෂයකි. මෙම දෝෂය මගින් ප්‍රබල ධන හානි සහ නිවසේ ප්‍රධානියාට බරපතල ගණයේ හදවත් අමාරුවලට ලක්‌වීමේ ඉඩකඩ වැඩිවේ. ප්‍රධාන දොර ඉදිරියේ ඇති ගරාජයේ වහලද කුරුස දෝෂවලටද ලක්‌වී තිබුණි. මෙයින්ද නිවැසියන්ට හදිසි අනතුරු සහ අසනීප පැමිණේ. 
 
 ඊසාන දිශාවේ විදුලි මීටරය සහ ඊසාන දිශාවේ පඩිපෙළ සහ පඩිපෙළ වාමාවර්ත ලෙස සැකසී තිබීම දෝෂ රැසකි. මින් නිවසට සිදුවන විශ්ව ශක්‌ති ගලනයට හානි පැමිණේ. එපමණක්‌ නොව මෙම නිවසට ප්‍රධානියාගේ සියලු වැඩවල කරදර බාධක පැමිණීම සහ ඔහුගේ හිසට විශාල බරක්‌ වැටීමද සිදුවේ. (එනම් දැඩි මානසික පීඩා ගෙන දේ) තවද නිරිත දිශාවේ නාන කාමරය පිහිටා තිබුණි. එමගින් මෙම නිවසේ ප්‍රබල වූ ධන හානි ඇති වීම සිදුවේ. දැන් ඔබට පැහැදිලි ඇති යමෙකු මෙම නිවසට පැමිණියා නම් සැබවින්ම ඔහු නැත්තටම නැතිවී යන එක ඉතාම සරලය. 
 
 නමුත් මෙම නිවස මෑතකදී නිම කරන ලද ඉතාම අලංකාර එකක්‌ වූ බැවින් මෙම නිවස නැවත වෙනස්‌ කර දෝෂ ඉවත් කරන්නේ නම් රු. ලක්‍ෂ 15 කට අධික වියදමක්‌ ඇස්‌තමේන්තු වේ. නමුත් දැන් ඔබ නිතර මෙම පුවත්පතෙහි දකින පිරමීඩ වාස්‌තුවලින් දෝෂ ඉවත් කිරීමේ ක්‍රමවේදය හරහා වෙනත් දිනයක මෙම නිවසට නැවත වතාවක්‌ ගොස්‌ සියලුම දෝෂ ඉවත් කිරීමට පිරමීඩ සවි කළෙමි. ඉන්පසු මෙහි ඇති දෝෂ පිළිබඳව කිසිවකුටත් සිතන්නට කිසිවක්‌ නොමැත. මන්ද එය විද්‍යාත්මකය. එහි පිරමීඩ සවි කළ සති 3 ක්‌ යන්නට මත්තෙන් එම නිවසේ හිමිකරුගෙන් අපට ඇමතුමක්‌ ලැබිණි. ඔවුන්ගේ නිවස කුළියට ලබා දුන් බව සහතික කරමිනි. පිරමීඩ වාස්‌තු ක්‍රමය වඩාත්ම ජනප්‍රිය වන්නේ ඒ නිසාවෙනි. ඔබගේ නිවසේ ඇති ඕනෑම දෝෂයක්‌ වෙනුවෙන් පිරමීඩ ආධාරයෙන් දෝෂ ඉවත් කිරීමේ හැකියාවයි. ඒනිසා ඔබගේ නිවසේ දෝෂ ඇත්නම් එය කඩා බිඳ වෙනස්‌ කර මුදල් විශාල ප්‍රමාණයක්‌ සහ නිවස විනාශ කරගන්නවාට වඩා පිරමීඩ ආධාරයෙන් දෝෂ ඉවත් කර ගැනීම ඉතාම පහසු බව ඔබට වැටහෙනු ඇත. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »