පඩිපෙළ නිවස මැදද?

2018-03-05 09:59:00       715
feature-top
රෝහණ දක්‍ෂ ව්‍යාපාරිකයෙකි. ඔහු වයස අවු. 35 වන විටත් එක්‌තරා ක්‌ෂේත්‍රයකින් මුළු ශ්‍රී්‍ ලංකාවම අත්පත් කරගෙන තිබුණි. එක්‌තරා ප්‍රසිද්ධ නමකින් ශ්‍රී්‍ ලංකාව පුරා විහිදුණු ශාඛා 30 ක්‌ විවෘත කර තිබුණි. එලෙස දියුණු වූයේ තමන් වසර 9 ක්‌ කුලිsයට සිටි නිවසෙනි. නමුත් පසු කලෙක තමන්ගේම කියා ඉඩමක්‌ මිලදී ගත් ඔහු , කුඩා කල සිට ඔහුගේ සිතේ තිබුණු අදහස්‌වලට අනුව අලංකාර නිවසක්‌ ඉදිකර තිබුණේ ලක්‍ෂ 80 ක්‌ පමණ වියදම් කරමිනි. නව නිවසට පැමිණ ගතවන්නේ මාස කිහිපයකි. ඔහු දැඩි සේ විවිධ වූ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නට විය. තවද නොසිතූ ලෙස ව්‍යාපාර කටයුතු බි`ද වැටෙමින් තිබුණි. නව නිවසට පැමිණ මාස 6 ක්‌ පමණ කාලය තුළදී ඔහුගේ ශාඛා 30 න් 14 ක්‌ම වසා දමන්නට ඔහුට සිදුවී තිබුණි. ශාඛා 14 ක්‌ වසා තිබුණ ද ඒවායේ සිටි සේවකයන් අනෙකුත් ශාඛා වලට යොදවා තිබුණු හෙයින් සේවකයන් වෙනුවෙන් වෙන් කළ වැටුප් ගෙවීම් එලෙසම තිබුණි. තවද මුලදී ඔහුගේ භාවිතයේ වාහන 6 ක්‌ තිබුණත් ඒ වන විට වාහන 4 ක්‌ විකුණා දමා තිබුණි. 
 
 නව නිවසට ඇතුළුවන අයෙකුට මුලින්ම දකින්නට ලැබෙන්නේ ඉතා අලංකාර ලෙස නිමවා තිබූ පඩිපෙළකි. මෙම පඩි පෙළ නිවසේ හරි මැදින් හෙවත් බ්‍රහ්ම පාදයෙන් ආරම්භ වන ලෙස නිමවා තිබුණි. තවද පඩිපෙළ කැරකී තිබුණේ වාමාවර්ථවය (එනම් ඔරලෝසුවේ කටු කැරකෙන දිශාවට ප්‍රතිවිරුද්ධවය). ඕනෑම අයෙකු දන්නා ප්‍රතිකර්ම දෙකකි. එනම් පඩිපෙළ වෙනත් ස්‌ථානයකට යොමු කිරීම හෝ නිවසේ දිග පළල වෙනස්‌ කිරීමෙන් බ්‍රහ්ම පාදය වෙනත් ස්‌ථානයකට ගැනීම සිදුකළ යුතුය. මෙසේ සිදු කිරීමෙන් නිවසේ ඇති අලංකාර බවට හානියක්‌ වීම හා එසේ සිදු කිරීමට විශාල වියදමක්‌ දැරීමට සිදු වේ. නමුත් අද ලෝකය දිනෙන් දින අලුත් වේ. තාක්‍ෂණය දියුණු වේ. එහිදී දියුණු තාක්‍ෂණ ක්‍රමවේදයක්‌ භාවිතයෙන් නිවසට කිසිදු හානියක්‌ නොකර බ්‍රහ්ම පාදයේ තිබූ සෘණ ශක්‌තිය ධන ශක්‌තියක්‌ බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය ප්‍රතිකර්මය ලෙස බලගතු පිරමීඩ තාක්‍ෂණය භාවිත කිරීම සිදු විය.
 
 ඔබත් විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණක්‌ නම් නව නිවසක්‌ සෑදීමේදී නිවසේ බ්‍රහ්ම පාදයට හානි වන අයුරින් නිවෙස්‌ තැනීම නොකළ යුතුය. නිවසක බ්‍රහ්ම පාදය යනු මිනිසාගේ හදවත වැනිය. එය පළුදු නොකළ යුතුය. 
 
 තවද පැංෂුයි විද්‍යානුකූලව ධන වාසනාව සක්‍රීය කිරීමේ ප්‍රධාන ක්‍රමයකි සෙළවෙන ජලය තැබීමේ ක්‍රමවේදය. නමුත් කිසිදු අවස්‌ථාවක නිවසක නිදන කාමරය තුළ ධන වාසනාව සක්‍රීය කිරීමට සෙළවෙන ජලය තැබිය නොහැක. රොහාන් ඔවුන්ගේ නිදන කාමරය තුළ කෘත්‍රිම දිය උල්පතක්‌ භාවිත කර තිබීම ඔහුට ධන හානි ඇති කිරීම සහ වෙනත් ගැටලු රාශියක්‌ ඇති කිරීමට ද හේතු විය. 
 
 අනෙක්‌ කාරණය වූයේ නිවසේ ඉදිරි දොරින් එක එල්ලේ නිවස තුළ බැලූ විට නිවසේ පිටුපස බිත්තියේ ජනේලයක්‌ සවි කර තිබීමයි. එයද එතරම් යහපත් නොවේ. මෙයින් නිවසට එන සියලුම වාසනාවන් ඉවත් වී යයි. එය වසා දැමීම පළමු කාරණයයි. එසේ නැතිනම් ඒ අතරට යමක්‌ තැබීම හෝ තිර රෙද්දක්‌ දමා පිටුපස ජනේලය පෙනීම වළකාලීම අනෙක්‌ ක්‍රමයයි. ජනේලය වසා දැමීම ඔහුට කළ නොහැකි බවත් තිර රෙද්දක්‌ දැමීමෙන් නිවසේ අලංකාරයට හානි වන බවත් ඔහු පැවසූ නිසාත් එහිදීද පිරමීඩ තාක්‍ෂණ ක්‍රමවේදයක්‌ භාවිතයෙන් ප්‍රධාන දොරින් නිවසට අතුළුවන ශක්‌තිය එලෙසින්ම පිටවී යැම වළකා දැමුවෙමි. සියලු කටයුතු සිදු කර සතියක්‌ යන්නටත් මත්තෙන් නිවසේ ධනාත්මක පැත්තක්‌ ඔවුන්ට දැනෙන බව පසුව ඔහු දැනුම් දුන්නේය. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »