අවුරුදු මාසයට ෆෙංෂුයි රහස්‌

2018-04-25 10:33:00       570
feature-top
ඔබේ නිවස හෝ ව්‍යාපාරික ස්‌ථානය ජලයෙන් සෝදා පිරිසිදු කරන්නේ නම් එම ජලයට ලුණු කුඩු මිශ්‍ර කර සෝදන්න. එවිට එම ස්‌ථානයේ ඇති අසුබ ශක්‌තීන් ඉවත්ව යයි. නිවස සේදීමේ දී ඉදිරිපස සිට නිවසේ පිටුපසට ජලය තල්ලු කර හරින්න. නැවුම් බව වැඩිවී එම ස්‌ථානයට වාසනාව ළඟාවේ. මේ සඳහා අප්‍රේල් 12 දිනය තෝරා නොගන්න. 
 ෆෙංෂුයි සංකේතවල නැවුම් බව වැඩි කරමු 
 
 ඔබ නිවසේ හෝ ව්‍යාපාරයේ දැනට භාවිතා කරන සේදීමට හැකි ෆෙංෂුයි සංකේත සියල්ලක්‌ම හොඳින් සෝදා වියළාගන්න. ඉන් පසු නැවත එම ස්‌ථානවල තබන්න. එම ෆෙංෂුයි සංකේත නැවත තැබීමේදී රාහු කාලය මඟහරින්න. ඉන්පසු හඳුන්කූරු කිහිපයක්‌ දල්වා ඔබ නිවසේ ඇති සියලුම ෆෙංෂුයි සංකේතවලට ඔරලෝසුවේ කටු කැරකෙන අතට කරකවමින් දුම් අල්ලන්න. 
 
 ඔබේ නිවසේ ආහාර හි`ග නොවෙන්නට සහල් මුට්‌ටියක්‌ සකස්‌ කරන්න.
 
 මෙම ක්‍රමය සාමාන්‍යයෙන් චීන ජාතිකයන් ඔවුන්ගේ අලුත් අවුරුදු උදාව සමඟ සිදු කරන්නකි. එය දන්නා 
 
 ශ්‍රි ලාංකිකයන්ද චීන වර්ෂය ආරම්භ වූ 2018 පෙබරවාරි 16 දින මෙය සකස්‌ කර තිබීමට පුළුවන. එසේ නොකර ඇති අයට සිංහල හින්දු අලුත් අවුරුදු උදාවන දිනයේ මෙය සකස්‌ කළ හැක. 
 
 කිරි උතුරවන ප්‍රමාණයේ මැටි මුට්‌ටියක්‌ ගෙන, ඔබ සකස්‌ කරගත් රතුපාට කවරයක හෝ වෙළඳපොළෙන් මිලදී ගත් රතුපාට කවරයක මුදල් නෝට්‌ටුවක්‌ දමා එය මුට්‌ටියේ පතුලට දමා ඊට උඩින් මුට්‌ටිය පිරෙන තුරු සහල් දමන්න. ඉන්පසු උඩින් වසා කුස්‌සියෙහි අන් අයට නොපෙනෙන ස්‌ථානයක අරන් තියන්න. මේ සඳහා ඔබ තෝරාගත යුතු වන්නේ අප්‍රේල් මස 14 හෝ 16 වැනි දිනයන්හීදීය. 
 
 අලුත් අවුරුද්දේ මුළු වසරේම ධන වාසනාව වැඩිවන සරල රහස්‌ කිහිපයක්‌.
 
 1. අලුත් අවුරුද්දට ගනුදෙනු කිරීමේදී රතුපාට කවර සකස්‌ කර එම කවර තුළ මුදල් දමා ගනුදෙනු කළ හැකි නම් සැමගේ ධන වාසනාව වැඩිවේ. රතු වර්ණය ධනය ආකර්ෂණය කරවයි. 
 
 2. මුදල් දමන පසුම්බිය තුළ ලුණු කුඩු ස්‌වල්පයක්‌ හෝ ලුණු කැටයක්‌ තබා ගැනීමෙන් ධනය ආකර්ෂණය කරවයි. මුහුදු ලුණු පිරිසිදු කිරීමේ ගුණයකින් යුක්‌තය. ඔබගේ මුදල් පසුම්බියෙහි අසුබ ශක්‌තීන් ඉවත් කර ධන වාසනාව ළංකර ගැනීමට මෙම ක්‍රමය සාර්ථක ප්‍රතිඵල ගෙන එන්නකි. 
 
 3. රතු පාට කවරයක්‌ සාදාගෙන එය තුළට සහල් දමා කුස්‌සියෙහි රාක්‌කයක්‌ මත තබන්න. නිවසේ ධන වාසනාව වැඩිවේ. 
 
 4. නිවසේ ගිණිකොන දිශාවේ දෙහි හෝ දොඩම් පැළයක්‌ සිටුවන්න. නිවසේ සිටින සියලුම අයගේ ධන වාසනාව වැඩිවේ. 
 
 5. නිවසේ ප්‍රධාන දොරින් එළිය බැලූ විට වම් පසින් උණ ශාකයක්‌ සිටුවන්න. උණ ශාකයන් උසස්‌ ෆෙංෂුයි ශක්‌තීන් මුදා හරී. සකලවිධ චීන කලාවන්ගෙත්, චීන සාහිත්‍ය තුළත් උණ ගසට තිබෙන්නේ ගෞරවනීය තැනකි. ෆෙංෂුයි කලාව තුළද උණ ගස සැළකෙන්නේ නිවසට කැඳවාගෙන ආ යුතුම ශාකයක්‌ ලෙසය. උණ ගස ඉතා වේගයෙන් වැවෙන සුළුය. සවි ශක්‌තිමත් සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් පිරිපුන් ගසකි. නිවසේ වම් පැත්තට වන්නට උණ ගසක්‌ වවා ගත් විට මහේශාක්‍ය මකරෙක්‌ නිවසට රැකවරණය දෙනවා වැනිය. උණ ප`ඳුරක්‌ නිවසේ ඉදිරිපස වම් පැත්තට වන්නට වැවූ විට හිතකර චී ශක්‌තිය නිවසට ඉතා හොඳින් ඇතුළු වේ. (එහෙත් ඔබ ප්‍රධාන දොරින් එළිය බැලූ විට පෙනෙන්නේ නිරිත හෝ ඊසාන දිශාව නම් උණ පැළ තැබීමෙන් වළකින්න.)
 



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »