දෝෂ ඉවත් කරන නිවාස කඩන්න එපා

2018-05-21 11:10:00       597
feature-top
මාලඹේ නගරයට නුදුරුව මෙම නිවස පරීක්‍ෂාවට බ`දුන් වන්නේ 2018 නොවැම්බර් මාසයේදීය. ඇයගේ නිවස මහල් 3 කින් යුක්‌ත වී ඇත. නිවසට ඇතුළු වන අපට මුලින්ම පෙනෙන්නේ ගේට්‌ටුවේ පිහිටීමයි. එය වත්තේ මායිමේ සිට අඩි 2 ක්‌ පමණ ඇතුලට වන්නට අඩි 12 ක්‌ පමණ විහිදී ඇත. වාස්‌තු කරුණු සම්බන්ධව දන්නා ඕනෑම අයෙකු දන්නා පරිදි එය වැරදි පිහිටීමකි. මන්ද එය නිවැරදි ආකාරයෙන් පාද බෙදීම සිදුවී නොමැත. නමුත් මෙම ඉඩමේ පිහිටීම හා ඉඩමට ඇතුල්වන ස්‌ථානය අනුව කිසිසේත්ම ගේට්‌ටුව වෙනත් ස්‌ථානයකට පිහිටුවිය නොහැකි සේම ගේට්‌ටුව මාරු කිරීමද කළ නොහැක. එම නිසා ගේට්‌ටුවට කිසි`දු හානියක්‌ නොකර පිරමීඩ තාක්‍ෂණය උපයෝගි කරගනිමින් එහි ගෙවත්තට ඇතුළු වන අසුභ ශක්‌තිය සුභ ශක්‌තියක්‌ බවට පරිවර්තනය කිරීම සිදු කරන ලදී. මෙහිදී ගේට්‌ටුව ගැලවීම හෝ වෙනස්‌ වීම සිදු නොවේ. 
 
 ගේට්‌ටුවෙන් ඇතුළු වූ අපි නිවසට ඇවිදගෙන යනවිට කොන්ක්‍රීට්‌ තට්‌ටු කිහිපයක්‌ මතින් ගමන් කිරීමට සිදුවිය. ඒවා මොනවාදැයි විමසූ විට ඇය පිළිතුරු දුන්නේ වැසිකිළි වළ සහ නාන වතුර යන වළවල් ලෙසිනි. මා ඔලුවේ අත ගසාගත්තේය. මන්ද කිසි විටකත් අප ගමනක්‌ පිටත්වන විට වැසිකිළිවළ උඩින් ගමන් කිරීම ඉතාම අසුභ කටයුත්තකි. එනිසා ඔබ හො`දින් මතක තබා ගත යුතු කරුණකි. වැසිකිළිවළ උඩින් ගොස්‌ ගමනක්‌ බිමනක්‌ යැම ඉතාම අසුභ කටයුත්තකි. නමුත් නිවසේ පිහිටා ඇති ඉඩම අනුව මෙම වැසිකිළි වළ වෙනස්‌ කිරීම කොහෙත්ම සිදු කළ නොහැකිය. මෙහිදීද අධි බැලැති පිරමීඩ ශක්‌තිය තැම්පත් කිරීම මගින් වැසිකිළි වළෙන් ඔවුනට සිදුවන සියලු බලපෑම් ඉවත් කළේය. ඔබ නව නිවසක්‌ තැනීමේදී වැසිකිළි වළේ සහ නාන වතුර වළවල් පිළිබ`ද දැඩි සැළකිල්ලක්‌ දැක්‌විය යුතුය. මන්ද නිවසක බොහෝ සිදුවීම්වලට වැසිකිළි වළේ අසුභ පිහිටීම් හේතුවේ. නිවැරදිව දිශාගත කළ යුතුය. බෙහෝ කොළඹ හා ඒ අවට පිහිටා ඇති නිවාසවල වැසිකිළි වළවල් නිවස තුළ පිහිටා ඇති අවස්‌ථාද එමටය. එයින් ඔබේ ආර්ථිකයට හා සෞඛ්‍ය යන අංශවලට විශාල දැඩි බලපෑමක්‌ එල්ල කරයි. එවැනි අවස්‌ථාවක නම් වැසිකිළි වළ ඉවත් කළ යුතු වන අතර එසේ නොහැකි නම් පිරමීඩ වාස්‌තු මගින් සියලුම දෝෂ ඉවත් කළ හැක. එහිදී වැසිකිළි වළගැලවීමක්‌ සිදු නොවේ. මෙහිදී නිවස තුළ ඇති වැසිකිළි වළක්‌ නිරිත හෝ ඊසාන දිශාවේ නම් ඔබට දැඩි අර්බුද ඇතිවේ. 
 
 ඇයගේ සැමියා ඇය අතහැර ගොසිනි. අනෙක්‌ මහල් 2 කුළියට ලබා දී තිබුණද, එම කොටස්‌වල ඉන්නා අයගේද පවුල් කැඩී ගොස්‌ ඇත. ඇය පැවසුවේ මෙම නිවසට එන හැමෝටම මෙම සිදුවීම සිදුවන බවය. ඔවුන්ගේ එම කාමරද පරීක්‍ෂා කළ විට නිවසේ දෝෂවලට අමතරව ඔවුන් විසින්ම සාදාගත් දෝෂද තිබුණි. නිදන ඇ`දන් යට විවිධ වූ පරණ බඩු මුට්‌ටු ගොඩ ගසා තිබුණි. සමහර කාමර වල ඇ`දට ඉහළින් කොන්ක්‍රීට්‌ බීම්ද තිබුණි. පවුල් ආරවුල් ඇති වීමට මෙම පිහිටීම් විශේෂයෙන්ම බලපෑමක්‌ එල්ල කරයි. පසුව ඔවුන්ගේ උපන්දින සළකා බලා සුභ දිශා අනුව නිදන ඇ`දන් සැකසීම සිදු කරන ලදී. එය ඉතා වැදගත් අංගයකි. මන්ද පැය කිහිපයක්‌ නිදන ඇ`ද භාවිතා කරන බැවින් එහි පිහිටීම ඔබ නිවැරදිව සකසා ගත යුතුය. එහිදී ඔබේ උපන් දිනය, ඔබේ නිවසේ විහිදී ඇති ශක්‌තිය සහ වාර්ෂික ශක්‌තීන් ගැන සැළකිය යුතුය. තවද මැයගේ නිවසේ රයිස්‌ කුකරය තබා තිබුණේ එයාගේ ආදර වාසනාව විනාශ වී යන ආකාරයෙනි. එයාගේ ආදර වාසනාවේ දිශාව වූයේ නැගෙනහිර දිශාවය. එහි ශක්‌තිය විනාශ වී යන අයුරින් තැබීම ඇයගේ පවුල විනාශ වී යන්නට තවත් හේතුවක්‌ වන්නට ඇති. මේ වන විට නිවසට පැමිණෙන කූළී කරුවන් ගැටලු නොමැතිව ඉතා හො`දින් ජීවත්වන බවත් ඇයගේ තිබූ ව්‍යාපාර කටයුතු සියල්ල දැන් නැවත යතා තත්වයට පත්වී ඇති බවත් ඇය දැනුම් දුන්නේ හද පිරි සතුටිනි. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »