නිවස වාස්‌තු විද්‍යානුකූල නොවේනම් ජීවිතයම අඳුරේ

2018-06-04 10:03:00       887
feature-top
අවිශ්ක කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාර ජාලයක හිමිකරුවෙකි. ඔහු නව නිවසට පදිංචියට යන්නේ 2015 වසරේදීය. එම නිවසට ගොස්‌ මාස 7 ක්‌ පමණ ගතවන විට ඔහු හදිසි අනතුරකට ලක්‌විය. එනිසා ඔහුට මාස 4 ක්‌ පමණ විවේක ගැනීමට සිදුවිය. ඔහුගේ වැඩිමහල් පුතා ව්‍යාපාර කටයුතු බලාගත් අතර ඒ සඳහා බිරිඳ ද විශාල ලෙස වගකීම භාර ගත්තේය. 2017 වසර ලබන ජනවාරි පළමු දින ඔහුගේ පුතාද රිය පදවන අතරතුර නින්ද යැම හේතුවෙන් හදිසි අනතුරකට ලක්‌විය. මේ කාල පරාසය තුළ ඔහු ළඟම සිටි සේවකයන් කිහිපදෙනකු ඔහුගේ ආයතනවලින් ඉවත් වී ඔවුන්ගේම ව්‍යාපාර පටන් ගත්තේ එහි සිටි තවත් සේවකයන් කිහිපදෙනකුම එකතු කර ගනිමිනි. මේ නිසා ව්‍යාපාර 3 ක්‌ පමණ වසා දමන්නට විය. ඔවුන්ගේ මුළු පවුලේම බර බිරිඳ පිට වැටුණි. ඔවුන්ගේ හිතවතෙකු මාර්ගයෙන් ඔවුන් 2015 පදිංචි වූ නිවස බලන්නට මා හට ආරාධනාවක්‌ ලැබිණි. 
 
 බොහෝ නිවාසවල මෙන් මෙහිද ප්‍රධාන දොර තැබීමේ දෝෂ තිබිණි. නිවසක ප්‍රධාන දොර නිවසේ ප්‍රධානම අංගයකි. නමුත් ඉඩම සහ නිවසට එන පාර අනුව බොහෝ නිවාසවල දොර තබන්නේ ඔවුන්ගේ හෝ මේසන් වැඩ කරන මහතාගේ උපදෙස්‌ පරිදිය. මා මීට පෙර ද ලිපි කිහිපයක ඔබට අවවාදයක්‌ කළා මතක ඇති මේසන් වැඩ කරන මහතාගෙන් කිසිදු හේතුවක්‌ මත වාස්‌තු උපදෙස්‌ නොපතන ලෙස. ඔවුන් එම කාර්යය දැනගත්තා නම් රට පුරා වාස්‌තු උපදේශකවරුන් අවශ්‍ය වන්නේ නැත. නිවසේ වම් කෙළවරේ සිට බැලු විට එහි සිට අඩි 1 යි අඟල් 2 ක බිත්තියක්‌ බැඳීමෙන් පසු දොර තබා තිබිණි. එනම් පාද බෙදීමේ නිවැරදි ක්‍රමවේදය අනුව පළමු පාදයෙනි. තවත් සරලව කියනවා නම් නිවසේ මුල්ලට ආසන්නවය. මින් නිවසට ඇතුළු වන්නේ සුබ ශක්‌තියක්‌ නොවේ. අසුබ ශක්‌තියකි. මොහුට මෙම ප්‍රධාන දොර වෙනස්‌ කිරීමට උවමනාවක්‌ද තිබූ බැවින්. ප්‍රධාන දොර ධනය හා සැප සම්පත් පාදයකට තැබීම සිදු කරන ලදී. නමුත් එසේ ගැලවීමට අපහසු ඕනෑම නිවසක ඩෝ ප්‍රොටෙක්‌ට්‌ නමැති බලගතු පිරමීඩ සවි කිරීමෙන් ප්‍රධාන දොරේ දෝෂය ඉවත් කළ හැක. 
 
 ඉන් අනතුරුව නිවස තුළට ගොස්‌ අනෙකුත් පිහිටීම් දෙස බලන විට නිවසේ නිරිත දිශාවේ පිටවන දොර තබා තිබිණි. ඒ කුස්‌සියද සමගිනි. නිවසකට ධනය ලැබීමට, ලැබෙන ධනය ඉතිරි කිරීමට , බිරිඳගේ වාසනාව යන කරුණු රැසකට නිරිත දිශාව බලපාන බව දැන් ඔබ හොඳින්ම දන්නවා ඇති. මෙම පුවත් පතෙහිම වාස්‌තු උපදේශකරු නිතර, නිරිත දිශාව පිරිසිදුව තබා ගන්නා ලෙස ඔබට උපදෙස්‌ දෙනවා ඔබ දැක ඇති. කිසිදු නිවසක නිරිත දිශාවට කුස්‌සිය රැගෙන ඒම සිදු කළ නොහැක. එමෙන්ම නිරිත දිශාවට දොරක්‌ තැබීමද කළ නොහැකිය. නමුත් මෙම නිවසේ පිහිටීම අනුව එම පිහිටීම් වෙනත් දිශාවකට ගෙන යැම අපහසු කටයුත්තක්‌ වූ බැවින් නිරිත දිශාවේ තිබූ දොර සහ කුස්‌සිය වෙනස්‌ නොකර එහි අධිබලැති ශක්‌ති සම්ප්‍රේෂණ පිරමීඩ මගින් නිරිත දිශාවේ කුස්‌සියේ පිහිටීම් ශක්‌තිය ගිණිකොන දිශාවට පතිත කිරීමත්, කුස්‌සියේ දොරෙහි ශක්‌තිය කපා ඉවත් කිරීමත් සිදුකර නැවත බල ගැන්වීම පිරමීඩ මගින් සිදු කරන ලදී. 
 
 අවිශ්කගේ උපන්දිනය වූයේ 1965, 03, 21 වන දිනය. ඔහු භාවිත කරන ලද්දේ ඔහුගේ අසුබම දිශාව වන ගිණිකොන දිශාවේ කාමරයකි. එපමණක්‌ද නොව එම කාමරයේ ශක්‌තිය ගණනය කළ විට ඉතාම නරක ශක්‌තියක්‌ එම කාමරයේ සැරිසැරුවේය. එනිසා ඔහු සුබ දිශාවකට මාරු කර නිදන ඇඳ ද සුබ දිශාවකට හරවන ලදී. සෑම අයෙකුටම තමන්ගේ උපන්දින අනුව සුබ දිශාවන් 4 කි. එලෙසම අසුබ දිශාවන්ද 4 කි. ව්‍යාපාරිකයෙක්‌ නම් ඔහුගේ උපන්දින අනුව ඔහුට ධන වාසනාව ආකර්ෂණයට සුබ දිශාවක්‌ ඇත. අසනීප අයෙකු නම් සෞඛ්‍ය තත්ත්වය යහපත් වීම සඳහා සුබ දිශාවක්‌ ඇත. අවිවාහකයෙකු නම් විවාහය ඉක්‌මන් කර ගැනීමට සුදුසු දිශා ඇත. අධ්‍යපනය ලබන දරුවකු නම් මතක ශක්‌තිය වර්ධනය කිරීමටද දිශාවක්‌ ඇත. මෙම දිශා සෙවීමේදී එක්‌ එක්‌ පුද්ගලයාගේ උපන්දිනය සහ නිවසේ පිහිටීම සහ නිවස තුල සැරිසරන ශක්‌තිය ගණනය කළ යුතුය. 
 
 ඔවුන්ගේ කුස්‌සිය තුළ රයිස්‌ කුකරය තබා තිබුණේද අවාසනාව නිවස තුළට ආකර්ෂණය වන ආකාරයට. ඒ සියල්ල නැවත නිවැරදි කර මේ වනවිට වසා දැමූ ව්‍යාපාර නැවතත් ආරම්භ කර සෙමින් සෙමින් දියුණු වෙමින් ඔවුන් නැවත හිස ඔසවා ඇත. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »