0 Views  
ෆෙංෂුයි වලින් ධන වාසනාව උදා වන හැටි මෙහෙමයි

ෆෙංෂුයි වලින් පමණක්‌ නොව වාස්‌තු විද්‍යාව සහ ජ්‍යෙතිෂය නිවැරදිව භාවිතා කිරීමෙන්ද තමන්ට ධන වාසනාව උදා කරගැනීමට පුළුවන්. මෙයින් ධන වාසනාව පමණක්‌ නොවෙයි දරුවන්ගේ අධ්‍යාපන වාසනාව , විවාහ වාසනාව, සෞඛ්‍ය වාසනාව, නිවසේ අයගේ සමගිය වර්ධනය කිරීමටද පුළුවන්.

නිවසක වාස්‌තු කරුණු වැරදි නම් ඔවුන් කාලයත් සමග තමන් ඉන්න තත්ත්වයෙන් පහළට වැටෙනවා. ඒකේ ආයෙත් කියන්න දෙයක්‌ නැහැ. මන්ද මා පරීක්‍ෂා කර ඇති නිවාස අති විශාල ගණනකින් ඒ බව ප්‍රායෝගිකව මා අත්දැක්‌කා. ඒ වගේම ෆෙංෂුයි හා ජ්‍යෙතිෂය යොදාගෙන නිවසක ජීවත්වන ඔබ ඉන්නා මට්‌ටමට වඩා ඉහළ මට්‌ටමකට යන්න පුළුවන්.

නිවසක ධන වාසනාව වැඩි කරන ෆෙංෂුයි ක්‍රම මොනවාද?

මෙහිදී ක්‍රම රාශියක්‌ තිබෙනවා. නිවසක තමන් භාවිත කරන කාමරය, නිදා ගැනීමේදී හිස දමන දිශාව, මුළුතැන්ගෙයි ලිප තබන ස්‌ථානය, රයිස්‌ කුකර් එකක්‌ ප්ලග් කරන දිශාව වැනි කරුණු රාශියක්‌ අඩංගුයි. නිවසක තමන්ට සුබ කාමර භාවිත කිරීමේදී ස්‌වාමියා සහ බිරිඳගේ උපන්දින සැලකීමෙන් අනතුරුව නිවසක විහිදී ඇති සංයුතීන්ද එකතුකරගෙන ඔවුන්ට ගැලපෙන දිශා තෝරාගත යුතුයි. එකම උපන් දිනයක සිටින දෙදෙනකුට පොදුවේ එකම දිශා ගැලපුණද, නිවසේ සුබ අසුබ අනුව දිශා තෝරා ගැනීම වෙනස්‌ වෙනවා.

තවත් එක්‌ ක්‍රමයක්‌ තමයි නිවසක පිහිටි ධන නිලය හෙවත් මනී පොයින්ට්‌ එක. මෙයද නිවසින් නිවසට පිහිටි ස්‌ථානය වෙනස්‌ වෙනවා වගේම එය පිහිටි ස්‌ථානය අනුව එය සක්‍රීය කරන ආකාරයද වෙනස්‌ වෙනවා. මෙවැන්නක්‌ සක්‍රීය කිරීමට බෙහෝ විට ජල සැකසුම් යොදා ගැනීම සිදු වෙනවා. මෙමගින් නිවසේ ධන වාසනාව යම් මට්‌ටමකින් ඉහළට ගැනීමට පුළුවන්. ව්‍යාපාරයකත් මෙලෙස මනී පොයින්ට්‌ සක්‍රීය කිරීමෙන් එම ස්‌ථානයේ ධන වාසනාව වැඩි කරගත හැකියි.

නිවසක පැළ තැබීම මගින් ධන වාසනාව උදා වෙනවාද?

නිවසක හෝ ව්‍යාපාරික ස්‌ථානයක නැගෙනහිර සහ ගිණිකොන දිශා වල උණ කුළයට අයත් ශාක (සැන්ඩි්‍රයානා) තැබීම මගින් එම ස්‌ථානයේ වාසනාව යම් තරමක්‌ වැඩි කිරීමට හැකියාව තිබෙනවා. ඊට හේතුව එම දිශා දෙක අයත් වන්නේ දැව ධාතුවට වීමයි. පැළ තැබීම මගින් එම දිශා වල දැව ධාතුව ශක්‌තිමත් වීමක්‌ සිදු වෙනවා. මෙහිදී පැළ විශාල ප්‍රමාණයක්‌ තැබීම එතරම් සුදුසු නැහැ. නමුත් ඔබගේ කේන්දර සටහන අනුව ඔබට දැව ධාතුවේ යම් ඌනතාවයක්‌ ඇත්නම් ඔහුගේ නිවසේ දැව ධාතුව වැඩි කිරීමට මා උපදෙස්‌ දෙනවා. මන්ද ඔහුට නැතිවී ඇති වාසනාව නිවසින් ලබා ගැනීමේ හැකියාව ඇති නිසා.
ෆෙංෂුයි අනුව නිවසක ධන හානි ඇති වන දෝෂ මොනවාද?

එවැනි දෝෂ නම් අති විශාල ප්‍රමාණයක්‌ තිබෙනවා. උදාහරණයක්‌ ලෙස නිවසක ප්‍රධාන දොර කෙළින් පරාවර්තනය වන උපකරණ (මුහුණ බලන කණ්‌නාඩි, තිර,) තිබීමත් ධන හානි ඇතිකරවන ප්‍රබල දෝෂයක්‌. ඊට අමතරව නිවසක සුබ අසුබ සංයුතීන් විහිදී තිබෙන බව ඔබ දන්නවා. ඔබගේ නිදන කාමරය ධන හානි සහිත අසුබ සංයුතියකට අසුවී ඇත්නම් ඔබට තද බල ආකාරයෙන් ධන හානි සිදුවීමට පුළුවන්. තවද එම අසුබ සංයුතියට නිවසක ප්‍රධාන දොර අසුවී ඇත්නම් නිවසේ ජීවත් වන සියලුම දෙනාට විවිධ වූ හානි රැසක්‌ පැමිණෙන්න පුළුවන්.

මෙම අසුබයන් පාලනය කළ හැකිද?

අපොයි පුළුවන්. නිවසක ගලා යන ශක්‌තීන් හඳුනා ගැනීමේදී සුබ සංයුතීන් සහිත වෙනත් නිදන කාමර තිබෙනවා. නිවසේ ප්‍රධානීන් වෙනත් සුභ කාමරයකට මාරු කිරීම මගින් පුළුවන්. යම් හෙයකින් ඔවුනට වෙනත් කාමරයක්‌ භාවිතා කිරීමට නොහැකි නම් අසුබ කාමරයේ අසුබ පාලනය කිරීමට ෆෙංෂුයි සංකේත සහ වෙනත් ෆෙංෂුයි උපක්‍රම භාවිත කිරීමට පුළුවන්.

මොනවා කළත් ප්‍රතිඵල නැති අයත් ඉන්නවා නේද?

ඔව්. සමහරු අනවශ්‍ය දේට ඕනෑ තරම් මුදල් වියදම් කරනවා. නමුත් නිවසක්‌ ගැඹුරින් පරීක්‍ෂා කිරීමක්‌ කරගන්නේ නෑ. නිවසක්‌ පරීක්‍ෂා කිරීමේදී අපි ඔහුගේ කේන්දර සටහන පරීක්‍ෂා කරනවා. ඔහුගේ හෝ ඇයගේ ධනවත් භාවය පිළිබ`ද එම කේන්දර සටහනේ තිබෙනවා. සමහරුන්ට මුළු ජීවිත කාලයේම ධනය නැහැ. ජීවිත කාලයටම වසර 10 ක්‌ පමණ මුදල් ලැබීම තිබෙනවා. ඒකත් වයස අවුරුදු 60 දී පමණ. නමුත් කේන්දර සටහනට අනුව නිවසේ කරන ප්‍රතිකර්මයන් මගින් ඔහුට හෝ ඇයට නොමැති වූ වාසනාව යම් මට්‌ටමක ලබා ගැනීමේ හැකියාව පවතී.


Wmqgd .ekSu kj,sh mqj;a m; weiqfrks
o