0 Views  
නිවසේ අත්තිවාරම තාප්පයේ අත්තිවාරම සමඟ සම්බන්ධ කරන්න එපා

අසංක ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකි. කළුතර ප්‍රදේශයේ ඉදිවූ මහල් 3 කින් යුත් ඔහුගේ නව නිවස ඉදිකර එහි පදිංචියට ගොස්‌ මාස 6 ක්‌ පමණ ගතවන විට ඔහුගේ ව්‍යාපාරවල දියුණුව යම් මට්‌ටමකින් අඩාල වී ගොස්‌ තිබුණි. නිවසේ බිම් සැලැස්‌මේ කොටසක්‌ ඔබට පෙන්වා ඇත. එහි නිවසට යොදා තිබූ අත්තිවාරම තාප්පයට සම්බන්ධ කර තිබූ ආකාරය පහත පළමු රූප සටහනේ රවුම් කර පෙන්වා ඇත. මෙලෙස කිසිදු නිවසක නිවසේ අත්තිවාරම තාප්පයේ අත්තිවාරම හා සම්බන්ධ කිරීම එතරම් සුබ දෙයක්‌ නොවේ.

මෙහි නිවසේ බ්‍රහ්මපාදය ලෙස ඔවුන් තෝරා ගන්නා ස්‌ථාන වැරැදි විය හැකිය. නිවසේ අත්තිවාරම තාප්පය සමඟ සම්බන්ධ වීම නිසා මෙලෙස බ්‍රහ්ම පාදය ලකුණු කිරීමේ දෝෂ ඇත. එනිසා මෙහිදී විවිධ වූ දෝෂ රැසක්‌ ඇතිවිය හැකි බැවින් නිවසේ අත්තිවාරම තාප්පය සමඟ සම්බන්ධ වී ඇති ස්‌ථානවලින් වෙන් කළ යුතුය. එහිදී එම සම්බන්ධය ඉවත් කළ හැකි ආකාර දෙකකි. එනම්

1 - නිවසේ අත්තිවාරමත්, තාප්පයේ අත්තිවාරමත් සම්බන්ධ වූ ස්‌ථානයෙන් වෙන් කිරීම මගින්. අවශ්‍ය නම් එලෙස වෙන්කළ පසු අඟල් 6 ක්‌ පමණ රිජිෆොම් දමා සම්බන්ධය ඈත් කළ හැකිය. අඟලක හෝ අඟල් භාගයක පමණ එක්‌ රිජිෆොම් කැබැල්ලක්‌ දැමීම වරදකි. මෙය වාස්‌තු විද්‍යාවට නොගැළපේ. එය මේසන් වැඩ කරන මහත්වරුන් විසින් හඳුන්වාදුන් දෙයකි. නමුත් එයින් වාස්‌තු දෝෂය නිවැරැදි වන්නේ නැත.

2 - කිසිම කැඩීමක්‌ බිඳීමක්‌ නොමැතිව මෙහි ඇති ශක්‌තියේ සම්බන්ධය හා වාස්‌තු දෝෂය නිවැරැදි කරනවා නම් පයිරා වාස්‌තු ක්‍රමයේ එන පයිරා බෑන්ඩ් එම ස්‌ථාන දෙකට සවි කිරීමෙන් ඉහත දෝෂ 2 මුළුමනින්ම ඉවත් කළ හැකිය. එහිදී තාප්පයේ හෝ අත්තිවාරමේ කිසිදු කැඩීමකට ලක්‌ නොවේ.

පයිරා බෑන්ඩ්

තවද මෙම නිවසේ ඊසාන මිදුලක්‌ නොමැත. සෑම නිවසකටම ඊසාන දිශාවට හිස්‌ මිදුලක්‌ තිබීම අත්‍යවශ්‍යම අංගයකි. නමුත් මෙම නිවසේ එසේ නැත. විශ්ව ශක්‌තිය ගලාඑන දිශාව ලෙස වාස්‌තු විද්‍යා උපදේශකවරුන් හඳුන්වන්නේ ඊසාන දිශාවයි. එනම් මෙම නිවසේ විශ්ව ශක්‌තිය ගලා ඒමේ යම් අවහිරතාවක්‌ ඇතිවී තිබේ. නමුත් මෙම නිවස හා බලන විට ඊසාන දිශාවේ වෙනත් නිවසක්‌ පිහිටා ඇත. ඒනිසා ඊසාන දිශාවේ තද අවහිරතාවක්‌ පවතී. මේ සඳහා නිවසේ ඊසාන දිශාවෙන් විශ්ව ශක්‌තිය උත්පාදනය කිරීම සඳහා විශ්ව ශක්‌ති ආකර්ෂණ පිරමීඩ සවිකළ යුතුය. එමගින් මෙම නිවසේ ඊසාන දිශාවෙන් වාසනාව උදා කරගත හැකිය.

එසේ නම් ඔබ නව නිවසක්‌ තනන විට ඔබේ නිවසේ අත්තිවාරම තාප්පයේ අත්තිවාරම සමඟ සම්බන්ධ කිරීමෙන් වළකින්න. හැකි පමණ ඊසාන දිශාව අවහිර නොකිරීමටද ඔබ වගබලාගත යුතුය. ඊසාන දිශාව දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන දිශාවක්‌ බැවින් නිවසක්‌ තැනීමේදී ඒ පිළිබඳ මනා අවබෝධයක්‌ තිබිය යුතුය. එපමණක්‌ නොවේ ඊසාන දිශාවේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇත්නම් ඔබගේ ආර්ථිකයට වගේම සෞඛ්‍යයටද තදබල පහරක්‌ එල්ලවනු ඇත. එනිසා මෙම නිවසේ සිදුවූ යම් යම් වූ දෝෂ කිහිපයක්‌ මොහුගේ ව්‍යාපාරවල දියුණුව අඩාල වීමටද යම් බලපෑමක්‌ එල්ලවිය හැකිය.

තවද මෙම නිවසේ ප්‍රධාන දොරේ පාද බෙදීම

නිවැරැදි නැත. එම නිසා හැකි නම් මෙම නිවසේ ප්‍රධාන දොර ද වෙනස්‌ කළ යුතුය. එසේ නොහැකි නම් ප්‍රධාන දොර උළුවස්‌ස ආසන්නයේ ඩෝ ප්‍රොටෙක්‌ෂන් පිරමීඩ සවි කිරීම මගින් ප්‍රධාන දොරෙන් ඇතුළුවන අසුබ ශක්‌තිය මැඬලිය හැකිය. එලෙසම එම දොර සුබ ශක්‌තියක්‌ බවටද පරිවර්තනය වේ. මෙවිට දොර වෙනස්‌ කිරීමක්‌ අවශ්‍ය වන්නේ නැත.

ෆෙංෂුයි හා පයිරා වාස්‌තු උපදේශක රිෂී නානායක්‌කාර
නොමිලේ උපදෙස්‌ සඳහා දුරකථනය -0776116229


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks
o