0 Views  
වාස්‌තු දෝෂවල ඇත්ත නැත්ත...

මේ වන විට අද ශ්‍රී ලංකාව පුරා සහ විදෙස්‌ රටවල් වල පවා නිවසක්‌ හෝ ව්‍යාපාරික ගොඩනැඟිල්ලක්‌ හෝ සකස්‌ කිරීමේදී වාස්‌තු විද්‍යාව සහ චීන ෆෙංෂුයි ක්‍රම ඉවහල් කරගන්නා බවට බොහෝ සාක්‍ෂි ඇත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ තමන් විසින්ම සැකසූ නිවාසයක හෝ කුළියට සිටින නිවාසයක හෝ ජීවත්ව එහි වාස්‌තු වැරැදි තිබීමෙන් මිනිසුන්ගේ විනාශ වූ ජීවිත පිළිබඳ නිතර අසන්නට ලැබෙන නිසාය. ඉතා විශාල ආදායම් තිබූ බොහෝ දෙනෙකු නව නිවාස මිලදී ගැනීමෙන් පසු හෝ නව නිවසක්‌ සකස්‌ කිරීමෙන් එම නිවසට යැමෙන් හෝ කුලියට නිවසක්‌ ලබා ගැනීමෙන් තාවකාලික පදිංචියට යැමෙන් හෝ කල් ගතවීම්, තමන් මහන්සියෙන් ගොඩනඟාගත් සියල්ල නැතිවී ගිය කතා අද සෑම තැනකමය. ඒනිසා තමන් විශාල වියදමක්‌ කර සකස්‌ කරගන්නා ගොඩනැඟිල්ල පිළිබඳ අද බොහෝ දෙනෙකු අවධානයෙන් බැලීමට අමතක කරන්නේ නැත. තවද අද විවිධ වූ මාධ්‍ය හරහාද මේ පිළිබඳ නිතර අසන්නට දකින්නට ලැබේ. රූපවාහිනිය, ගුවන් විදුලිය හෝ අපගේ නැකත වැනි පුවත්පත් හරහා විශාල දැනුමක්‌ ඔබට ලැබේ.

නමුත් තමන්ට නිවැරැදි සැලසුමක්‌ ලැබුණද නිවස ගොඩනැඟීමේදී ඔබගේ හිතු මනාපෙට නිවස වෙනස්‌ කිරීම, අලුත් කොටස්‌ එකතු කිරීම වැනි කාරණාවලින් හෝ වාස්‌තු විද්‍යාව දන්නවා යෑයි සිතන මේසන් වැඩ කරන මහත්වරුන්ගේ උපදෙස්‌ පැතීමට ගොස්‌ නිවසම අපායක්‌ කරගත් අවස්‌ථා අපට අනන්තවත් දකින්නට ලැබී ඇත. තවත් සමහරුන්ට තමන්ගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්‌ථානයේ වාස්‌තු පිළිබඳ නිකමටවත් සිතන්නේද නැත. තවත් කොටසකට මේ පිළිබඳ උවමනාවක්‌ තිබුණද ඒ වෙනුවෙන් වෙන් කරන්නට කාලයක්‌ නොමැත. ඒ ඔවුන්ගේ කර්මය වෙනස්‌ කර ගැනීමට ඔවුන්ට වට පිටාව සකස්‌ කර නොදීමේ එක්‌ එක්‌ පැතිකඩයන්ට.

ඊටත් එහා ගිය අද වාස්‌තු විද්‍යා විෂයය පිළිබඳ දැනුම ඇති බොහෝ උපදේශකවරුන්ට ඇති විශාලම අත්දැකීම නම් නිවසක්‌ පරීක්‍ෂා කිරීමට දින වෙන්කර, සමහරුන් අත්තිකාරම් මුදල්ද ගෙවා එය සිදු කරගැනීමට ඔවුන්ට අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැත. විටක නිවසේ හිමිකරුට කරදරයක්‌ හෝ පවුලේ අයෙකුට සිදුවූ කරදරයක්‌ වන්නට පුළුවන්, එසේත් නැතිනම් නිවස පරීක්‍ෂා කිරීමට එන අතරතුරදී වාස්‌තු උපදේශකවරයාට යම් කරදරයක්‌ වීම වැනි දෙයක්‌ හෝ වෙනත් කාරණාවකින් ඔවුන්ගේ කටයුත්ත සිදු කරගැනීමට නොහැකි වන අවස්‌ථා අප අත්දැකීමෙන් ලබා ඇත්තෙමූ. එයට හේතුව වාස්‌තු උපදේශකවරුන් සහ එම ක්‍ෂේත්‍රයේ සිටින අය හොඳින් දැන සිටියද නිවෙස්‌ හිමියන් එයට හේතුව දන්නේ නැත. සැබෑවටම එයට හේතුව එම නිවස මගින් නිවසේ හිමිකරුවන්ට තවත් අහිතකර ඵල විපාක ලබාදීම අවසන් කර නොමැති කමයි. එනිසා අදාළ වාස්‌තු උපදේශකවරයා එහි පැමිණීම ලොව නොපෙනන යම් බලවේගයක්‌ විසින් වළකාලීම සිදු කරයි. මන්ද ඔහු ඔබගේ නිවසට පැමිණෙන්නේ යම් කර්මයක්‌ වෙනස්‌ කිරීමටය. නමුත් එය වෙනස්‌ කිරීමට විශ්වයෙන් අවසර දෙන්නේ නැති අවස්‌ථාවන් එසේ වේ. ඔවුන්ගේ කර්මය විපාක දීම බලවත් වී ඇති අවස්‌ථාවන්ය.

එසේත් නැතිනම් දැඩි ලෙස මහන්සි වී මුදල් සෙව්වත් ජීවිතයේ කිසිම ඉදිරියක්‌ දකින්නේ නැති බවත් ඔවුන්ම දනී. නමුත් එසේ සිදුවීමට තමන් ජීවත් වන නිවස යම් අයුරකින් හෝ බලපෑමක්‌ ඇතිකරනවා යෑයි ඔවුන්ට කිසි විටකත් නොසිතේ. තවද තමන් කොතරම් දුක්‌ වින්ඳත්, වාස්‌තු නම් බොරුවක්‌ යෑයි දැඩි මතවල සිටින්නෝද අපමණය. ඒ ඔවුන්ගේ කර්මය අනුව සිදුවන්නකි.

තවත් සමහර ව්‍යාපාරිකයන්ට ජීවිතයේ කිසිදු ආර්ථික හෝ වෙනත් ප්‍රශ්නයක්‌ නොමැත. නමුත් නිවස පරීක්‍ෂා කළ විට විවිධ වූ දෝෂ කිහිපයක්‌ දකින්නට ලැබේ. ඔහුගේ පෙර පිනකට කල් වේලා ඇතුව එම දෝෂ දැනගැනීමෙන් ඔහුට ඉදිරියේදී සිදුවීමට තිබූ කරදර රැසක්‌ මඟහැරීම සිදුවේ. මෙය ඔවුනට දෛවයෙන් ලබා දුන් ආශි_වාදයකි. ඔබටත් මෙවැනි අත්දැකීම් විශාල ප්‍රමාණයක්‌ ඇත. ඒනිසා මඳක්‌ නැවතී කල්පනා කර බලන්න. ඔබට සුබ අනාගතයක්‌.


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks
o