0 Views  
නිවසේ දෝෂ වැඩිනම් ඔළුව අවුල්වේ

අනුරාධ මහතා දරුවන්ට පෞද්ගලික පන්ති පවත්වන ප්‍රදේශයේ දක්‍ෂ ඉංග්‍රීසි ගුරුවරයෙකි. ඒ වගේම ගමේ බොහෝ පින් දහම් කරන වැදගත් නිහතමානී පුද්ගලයෙකි. නමුත් ඔහුට නිවසේ වූයේ ප්‍රධාන ප්‍රශ්න දෙකකි. පළමු කාරණය නම් නිවසේ සිටින බොහෝ දෙනා නිතර නිතර අසනීප වී ඒ සඳහා විශාල වියදමක්‌ දැරීමට සිදුවීමත්, ඔහු අරපිරිමැස්‌මෙන් වියදම් කළද, හදිසි කරදර වී කුමන හෝ දෙයක්‌ සඳහා මුදල් වියදම් වීම යන කාරණාවත්ය. 
 
 ඔහුගේ නිවස පරීක්‍ෂා කළ විට ඉඩමට ඇතුළුවන ගේට්‌ටුව පිහිටා තිබෙන්නේ ඉඩමේ නිරිත දිශාවෙනි. එලෙසම නිවසට ඇතුළුවන ප්‍රධාන දොර පිහිටා තිබෙන්නේද නිවසේ නිරිත දිශාවෙනි. නිවසක ධනයට බලපාන ප්‍රධානම දිශාව වන්නේ නිරිත දිශාවයි. එය බොහෝ වාස්‌තු උපදේශකවරු ධන ලක්‍ෂ්මී දිශාව ලෙසද හඳුන්වයි. නිවසකට ලැබෙන ධනය තැන්පත් වීමට නිරිත දිශාවේ ශක්‌තිය ප්‍රබල ලෙස බලපෑමක්‌ එල්ල කරයි. යම් ඉඩමක ගේට්‌ටුව හෝ නිවසක දොරක්‌ නිරිත දිශාවේ ඇත්නම් එම නිවසේ කිසිදා මුදල් ඉතිරි කිරීමේ හැකියාවක්‌ නොමැත. හේතුව එම දිශාව විවෘත වීමයි. එයින් නිවසේ ධනය හිස්‌වීමට පටන් ගනී. එනිසා ඔබ නව නිවසක්‌ තනන විට නිරිත දිශාවේ ගේට්‌ටුව හෝ කිසිදු පිටවීමේ දොරක්‌ තැබීම බරපතල දෝෂයකි. එනිසා ඒ පිළිබඳ ඔබ විශාල සැළකිල්ලක්‌ දැක්‌විය යුතුය. 
 
 නමුත් මොහුගේ ගෙවත්තට වාහනය ගැනීමේ පහසුව වෙනුවෙන් එම දිශාවේ ඉඩමේ පිහිටීම අනුව ගේට්‌ටුව යොදා තිබුණි. ඒනිසා එහි ගේට්‌ටුව වෙනස්‌ කිරීමට කොහෙත්ම හැකියාවක්‌ නොතිබුණි. තවද එසේ කිරීම අති විශාල වියදමක්‌ දැරීමටද සිදුවීමයි. එනිසා එහි අසුභ ශක්‌තිය ඉවත් කිරීමට පිරමීඩ වාස්‌තු ක්‍රමය උපයෝගී කරගත්තේය. ප්‍රධාන දොර දෝෂ දෙකක්‌ වූයේ නිරිත දිශාවේ දොර වීම සහ පාද බෙදීම වැරැදි වීමයි. එම දෝෂ දෙකමද පිරමීඩ ආධාරයෙන් ඉවත් කළේය. එමගින් ධනය පිළිබඳව නිවසේ තිබූ ප්‍රබල දෝෂ කිහිපයක්‌ ඉවත් කළේය. 
 
 අනෙක්‌ ප්‍රබල දෝෂය වූයේ ඔහුගේ නිවසේ වැරැන්ඩාව යට වැසිකිළි වල පිහිටා තිබීමයි. එය අත්තිවාරම හතරැස්‌ කළ විට නිවස තුළට එනම් අත්තිවාරම් සීමාවෙන් ඇතුළට වැටී තිබීමත් නිවසේ කතිර රේඛා වළට වළ කැපීයැමත් සිදුවී තිබුණි. මෙයින් විශාල ලෙස සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක්‌ පවතී. මෙම දෝෂය බ්‍රහ්ම පාදයටද විණ කිරීමේ හැකියාව ඇත. එය ගළවා ඉවත් කිරීම අතිශය අපහසු කටයුත්තක්‌ වූයේ එය කොන්ක්‍රීට්‌ කර ටයිල් අල්ලා තිබීමයි. එනිසා මෙහිදී ද පිරමීඩ වාස්‌තු උපයෝගී කරගනිමින් දෝෂ ඉවත් කළේය. 
 
 ඔහුගේ නිවස තුළ ශක්‌තිය ගණනය කිරීමේදී ඔවුන්ගේ නිදන කාමරයේද අසනීප වීමේ වැඩි ඉඩක්‌ ඇති බව පෙනුනි. ඒ ස`දහා එම කාමරය තුළ ලෝහ ශක්‌තිය වර්ධනය කිරීමත්, නිදන ඇඳට අසනීප ශක්‌තිය වළකාලීමේ සංකේත සවි කිරීමත් සිදු කළේය. එය සිදු කිරීමේදී ඔවුන්ගේ පංචධාතු සටහනද පරීක්‍ෂා කළ යුතුය. 
 
 ඔහුගේ නිවසේ වැඩ අවසන් වී හරියටම මාසයක්‌ ගතවන අවස්‌ථාවේ ඔහු මාහට දුරකථනයෙන් කතා කර ස්‌තූති කළේය. ඒ නිවසේ පිරමීඩ සවි කර දෝෂ ඉවත් කිරීමෙන් අනතුරුව සිතට විශාල සහනයක්‌ ලැබෙන බවත්, අසනීප තත්ත්වයන් බොහෝ සෙයින් අඩුවී ඇති බවත් පවසමිනි. 


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks
o