0 Views  
   Nithi Upades
ගෘහස්‌ථ හිංසනය වැළැක්‌වීමේ ආඥ පනත ගැන මෙරට කතුන් දැනුවත් නෑ
නීතිඥ සන්ධ්‍යා තල්දුව


අද සමාජයේ කාන්තාවන් විවිධ අවස්‌ථාවල විවිධ හිංසනවලට ලක්‌වෙනවා. ඇතැම් කාන්තාවන් තම නිවසේදී බේබදු සල්ලාල සැමියාගේ විවිධ වධ බන්ධනවලට ලක්‌ වෙනවා. ඒත් ඒ අහිංසක කාන්තාවන් ඒ සියලු හිංසන විඳදරා ගෙන සිටිනවා. ඇතැම් අවස්‌ථාවල එවැනි කාන්තාවන් තම දරුවන් සමඟ සිය දිවි නසාගත් අවස්‌ථා පිළිබඳව ද අප රටේ ප්‍රදේශ රැසකින් වාර්තා වූවා. මේ තත්ත්වය ඉතාම ශෝචනීයයි. ගෘහස්‌ථ හිංසන වැළැක්‌වීමේ ආඥ පනත පිළිබඳව අපේ රටේ කාන්තාවන් දැනුවත් නෑ. මේ පනත හරිම ප්‍රබලයි. මේ පනතෙන් අපේ රටේ කාන්තාවන්ට ලොකු රැකවරණයක්‌ ලැබෙනවා යෑයි ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ සභාපති නිල නොලත් මහෙස්‌ත්‍රාත් සන්ධ්‍යා තල්දූව මහත්මිය පැවසුවාය.

ඒ මහත්මිය එසේ පැවසුවේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් දෛනික දිවියට zනීති සවියZ මාතෘකාව තේමා කර ගනිමින් බද්දේගම අමරසිරි දොඩන්ගොඩ ශ්‍රවණාගාරයේදී ඉකුත් දා පැවැත්වූ නීති සායනය සහ වැඩමුළුවේ ආරම්භක දේශණය පවත්වමිනි.

ඇල්පිටිය පොලිස්‌ කොට්‌ඨාසය භාර පොලිස්‌ අධිකාරි නිහාල් තල්දූව මහතාගේ උපදෙස්‌ හා මෙහෙයවීම මත බද්දේගම පොලිස්‌ ස්‌ථානයේ ප්‍රජා පොලිස්‌ ඒකකය සංවිධානය කරන ලද මෙම නීති සායන වැඩමුළුව සඳහා ප්‍රජා පොලිස්‌ කමිටු ක්‍රියාකාරීන්, ඇඟලුම් ක්‍ෂේත්‍රයේ නියුතු කාන්තාවන්, වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණුව ලබන කාන්තාවන් සහ කාන්තා පොලිස්‌ නිලධාරීන් ඇතුළුව 600 කට අධික කාන්තාවන් පිරිසක්‌ මෙම වැඩමුළුවට සහභාගි වී සිටියහ.

මෙම වැඩමුළුවේදී අහිමි වූ දේපළ නැවත ලබාගන්නා ආකාරය යුද්ධයෙන් අතුරුදන් වූ සැමියන් වෙනුවෙන් සාධාරණය ඉටුකර ගන්නා ආකාරය, දික්‌කසාද නීතිය පිළිබඳව ආදී කාන්තාවන්ට එදිනෙදා ජීවිතයේදී අත්‍යවශ්‍යවන නීති උපදෙස්‌ පිළිබඳව ද කාන්තාවන් දැනුවත් කරන ලදී.

මෙම වැඩමුළුව සඳහා ස්‌වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්‌ඩාරිගොඩ, ඇල්පිටිය කොට්‌ඨාස බාර පොලිස්‌ අධිකාරි නිහාල් තල්දූව, කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ බිනර ගුණසේකර, කාන්තා නීතිඥ රුචිරා ගුණසේකර මහත්ම මහත්මීන් ද දේශන පැවැත්වූ අතර, වැඩමුළුව සඳහා විවිධ කාන්තා සංවිධාන ඇතුළුව කාන්තාවන් විශාල පිරිසක්‌ සහභාගි වූහ.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks
o