කෝටි 600ක් අය-වැයෙන් ඉල්ලයි

Oct 20, 2017 09.42am
feature-top
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) කොළඹ දී ඇරඹෙන දිළිඳුකම තුරන් කිරීමේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයට 2018 අය-වැයෙන් රුපියල් කෝටි 600ක මුදලක් වෙන් කරන්නැයි ඉල්ලීමක් කර තිබේ.

රුපියල් කෝටි 600ක මුදලක් ලබන වසරේ අය-වැයෙන් ග්‍රාම ශක්ති ජාතික ව්‍යාපාරයට ඉල්ලුම් කළ බවත්, ඊට එහා ඉහළ මුදලක් සමස්ත වැඩපිළිවෙළට විවිධ අමාත්‍යාංශ වැය ශීර්ෂවලින් ලැබෙනු ඇති බවත් ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න මහතා ප්‍රකාශ කෙළේය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18) කොළඹ නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී අතිරේක ලේකම්වරයා මේ බව කියා සිටියේය.

ගමේ ජනතාව දිළිඳුකමින් මුදාගැනීමට ඔවුන්ට දිරිදීමට විවිධ උපකාර හා අතදීම් ලබාදෙන බවත්, ඒ සඳහා වන වියදම් මේ මුදල් වලින් සිදු කරන බවත් ජයන්ත විජේරත්න මහතා පැහැදිලි කෙළේය. ගමේ ජනතාවගේ එළවළු, පලතුරු, කිරි, බිත්තර, අත්කම් හා වෙනත් දෑ නගරයට නගරයේ පෞද්ගලික අංශ වෙළෙඳසල්වලට සාධාරණ හා ස්ථාවර මිල ගණන් යටතේ විකිණීමට අවස්ථාව උදාකිරීම ප්‍රධාන අත මිට සරුවන ව්‍යවසායක ප්‍රජාවක් බිහි කිරීම ග්‍රාම ශක්ති යටතේ සිදු වේ.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »